| මහාචුන්ද බොජ්ඣඞ්ග සුත්තං | මහාචුන්දත්ථෙර බොජ්ඣඞ්ග සූත්‍රය. |
| එවං | මෙසේ |
| මෙ | මා විසින් |
| සුතං | අසන ලදී. |
| එකං සමයං | එක් සමයෙක |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| රාජගහෙ | රජගහ නුවර |
| විහරති | වැඩ වසන සේක |
| වෙළුවනෙ | වේළුවන නම් වූ මහා විහාරයෙහි |
| කලන්දක නිවාපෙ | ලෙහෙනුන්ට දෙන ලද නිවාප ඇති හෙයින් කලන්දක නිවාප නම් වූ |
| තෙන ඛො පන සමයෙන | එ සමයෙහි වනාහි |
| භගවා | භාග්‍යවත් තෙම |
| ආබාධිකො හොති | හටගත් ආබාධ ඇත්තේ වෙයි |
| දුක්ඛිතො | දුක්ඛිත වූයේ |
| බාළ්හගිලානො | දැඩි ගිලන් වූයේ. |
| අථ ඛො | ඉක්බිති |
| ආයෂ්මා මහා චුන්දො | ආයුෂ්මත් මහා චුන්ද තෙම |
| සායණ්හසමයං | සවස් කාලයෙහි |
| පතිසල්ලානා | ඵල සමවතින් |
| වුට්ඨිතො | නැගී සිටියේ |
| යෙන | යම් තැනෙක ද |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| තෙන | එතැනට |
| උපසංකමි | එළඹියේ ය |
| උපසංකමිත්වා | එළඹ |
| භගවන්තං | භාග්‍යවතුන් වහන්සේට |
| අභිවාදෙත්වා | වැඳ |
| එකමන්තං | එකත්පසෙක |
| නිසීදි | හුන්නේ ය. |
| එකමන්තං නිසින්නං ඛො | එකත් පසෙක හුන්නා වූ |
| ආයස්මන්තං මහා චුන්දං | ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| එතදවොච | මෙය වදාළ සේක |
| පටිහන්තු | වැටහෙත්වා |
| තං | තොපට |
| චුන්ද | චුන්දය |
| බොජ්ඣංගා | බොජ්ඣංග ධර්මයෝ |
| සත්තිමෙ භන්තෙ බොජ්ඣංගා | වහන්ස මේ සප්ත බොජ්ඣංගයෝ |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතා | මොනවට ප්‍රකාශ කරන ලදහ |
| භාවිතා | භාවිතා කරන ලදහ |
| බහුලීකතා | නැවත නැවත පුරුදු කරන ලදහ |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තන්ති | පවතිත් |
| කතමෙ සත්ත? | කවර සප්ත බෝධ්‍යංගයෝ ද යත්? |
| සතිසම්බොජ්ඣංගො ඛො | සතිසම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| ධම්ම විචය සම්බොජ්ඣංගො ඛො | ධම්ම විචය සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| විරිය සම්බොජ්ඣංගො ඛො | විරිය සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| පීති සම්බොජ්ඣංගො ඛො | ප්‍රීති සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| පස්සද්ධි සම්බොජ්ඣංගො ඛො | පස්සද්ධි සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| සමාධි සම්බොජ්ඣංගො ඛො | සමාධි සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| උපෙක්ඛා සම්බොජ්ඣංගො ඛො | උපෙක්ෂා සම්බොධ්‍යංගය වනාහි |
| භන්තෙ | වහන්ස |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| ඉමෙ ඛො භන්තෙ සත්තබොජ්ඣංගා | ස්වාමීන් වහන්ස, මේ සප්ත බොධ්‍යංගයෝ වනාහි |
| භගවතා | භාග්‍යවතුන් වහන්සේ විසින් |
| සම්ම දක්ඛාතා | මොනවට කියන ලදහ |
| භාවිතා | භාවිතය හ |
| බහුලීකතා | බහුලීකෘතය හ |
| අභිඤ්ඤාය | සත්‍ය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | ඔවුන්ගේ මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තන්ති | පවතිත්. |
| තග්ඝ | මැනව |
| චුන්ද | චුන්දය |
| බොජ්ඣංගා | බොධ්‍යංග ධර්මයෝ, |
| තග්ඝ | මැනව |
| චුන්ද | චුන්දය |
| බොජ්ඣංගොති | බොධ්‍යංගයෝ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක |
| ඉදමවොච | මෙය වදාළේ ය |
| ආයස්මා මහා චුන්දො | ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිර තෙම. |
| සමනුඤ්ඤො සත්ථා අහොසි | ශාස්තෘෘන්වහන්සේ මනාකොට අනුදැන වදාළ හ. |
| උට්ඨාහි ච | නැගී සිටියේ ම ය |
| භගවා | භාග්‍යවතුන්වහන්සේ |
| තම්හා ආබාධා | ඒ ආබාධයෙන් |
| තථා | එසේ ම |
| පහීනො ච | පහවී (ප්‍රහීණ වී) |
| භගවතො | භාග්‍යවතුන් වහන්සේ ගේ |
| සො ආබාධො | ඒ ආබාධය |
| අහොසීති | අහෝසි වී ගියේ ම ය. |