මුල් පිටුව
සූරිය පරිත්තං
සුරියපරිත්තං සූරිය පිරිත
එවං මෙසේ
මෙ මා විසින්
සුතං අසන ලදී
එකං සමයං එක් සමයෙක
භගවා භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවැත්නුවර සමීපයෙහි
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු මහ සිටුහු ගේ
ආරාමෙ ආරාමයෙහි
තෙත ඛො පන සමයෙන එ සමයෙහි වනාහි
සුරියො දෙවපුත්තො හිරු දෙව්පුත් තෙමේ
රාහුනා අසුරින්දෙන රාහු අසුරේන්ද්‍රයා විසින්
ගහිතො හොති ගන්නා ලද්දේ වෙයි
අථ ඛො ඉක්බිති
සුරියො දෙව පුත්තො හිරු දෙව්පුත් තෙමේ
භගවන්තං බුදුරදුත්
අනුස්සරමානො සිහි කරමින්
තායං වේලායං එ වේලෙහි
ඉමං ගාථං මේ ගාථාව
අභාසි කීය.
නමො නමස්කාර වේවා
තෙ නුඹ වහන්සේට
බුද්ධවීරත්ථු බුද්ධවීරයන් වහන්ස
විප්පමුත්තොසි කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු
සබ්බධි සියලු කල්හි.
සම්බාධ පටිපන්නෝස්මි (මම) සම්බාධයකට පැමිණියෙමි
තස්ස මෙ ඒ මට
සරණං භව පිළිසරණ වුව මැනව.
අථ ඛො එකල්හි
භගවා භාග්‍යවතුන් වහන්සේ
සුරියං දෙවපුත්තං හිරු දෙව් පුතුන්
ආරබ්හ අරභයා
රාහුං අසුරින්දං රාහු අසුරිඳු හට
ගාථාය ගාථාවකින්
අජ්ඣභාසි මෙසේ වද‍ාළ සේක.
තථාගතං තථාගතයන් වහන්සේ
අරහන්තං අරහත් වූ
චන්දිමා සඳදෙව් පුත් තෙමේ
සරණගතො සරණ ගියේ ය
රාහු රාහු අසුරේන්ද්‍රය
සුරියං පමුඤ්චස්සු හිරු අතහැරව
බුද්ධා බුදුවරයෝ
ලොකානුකම්පකා ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්)
යො යම් සූර්යයෙක්
අන්ධකාරෙ තමසි ගන අඳුරු දුරහැර
පහංකරො පහන් කෙරේ ද
වෙරොචනො මණ්ඩලී බබලන මඬුලු ඇත්තේ ද
උග්ගතෙජො මහතෙද ඇත්තේ ද
මා නොම
රාහු එම්බල රාහු
ගිලී ගිලව
චරං හැසිරෙන හිරු
අන්තලික්ඛෙ අහසෙහි
පජං මම මගේ පූත්‍ර වූ
රාහු එබල රාහු
පමුඤ්ච මුදවයි
සූරියන්ති හිරුව.’ යි වද‍ාළ සේක
අථ ඛො ඉක්බිති
රාහු අසුරින්දෝ රාහු අසුරේන්ද්‍ර තෙම
සූරියං දෙවපුත්තං හිරු දෙව්පුතු
මුඤ්චිත්වා හැර
තරමාණ රූපො වෙළෙවි වූයේ
යෙන යම් තැනක් හි වීද
වෙපචිත්ති අසුරේන්ද‍ො වේපචිත්ති අසුරේන්ද්‍රයා
තෙන එතැන්හි
උපසංකමි එළඹියේ ය
උපසංකමිත්වා එළඹ
සංවිග්ගො සංවේග ඇත්තේ
ලොමහට්ඨජාතො ලොමුද‍ැහැගත් සිරුරු ඇත්තේ
එකමන්තං එකත් පසෙක
අට්ඨාසි සිටියේ ය
එකමන්තං ඨිතං ඛො රාහුං අසුරින්දං එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට
වෙපචිත්ති අසුරින්ද‍ො වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම
ගාථාය ගාථාවකින්
අජ්ඣභාසි මෙසේ කීයේ ය
කින්නු කුමක් හෙයින්
සන්තරමානොව වෙලෙව් වූවකු මෙන්
රාහු රාහු අසුරේන්ද්‍රය
සූරියං හිරු
පමුඤචසි අත්හැරියෙහි ද?
සංවිග්ගරූපො ආගම්ම කලකිරුණු, සංවේගයට පත් සිත් ඇත්තෙක් වැ අවුත්
කින්නු කුමක් හෙයින්
භීතොව බියවූවකු මෙන්
තිට්ඨසී’ති සිටිනෙහි ද?
සත්තධා සත්කඩක් ව
මෙ මගේ
ඵලෙ පැළෙයි
මුද්ධා හිස
ජීවන්තො ජීවත්වන්නේ ද
න සුඛං ලභෙ සැපයක් නො ලබයි.
බුද්ධගාථාහි බුදුන් විසින් (හිරු හරුව යි) ගාථා දෙකකින්
ගීතොම්හි ගයන ලද්දක් ඇසුවෙමි
නො චෙ මුඤ්චෙය්‍ය සූරියං ඉදින් හිරු නොඅතහැරියේ නම්.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.