| චන්දපරිත්තං | චන්ද පිරිත |
| එවං | මෙසේ |
| මෙ | මා විසින් |
| සුතං | අසන ලදී |
| එකං සමයං | එක් සමයෙක |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| සාවත්ථියං | සැවැත්නුවර සමීපයෙහි |
| විහරති | වැඩ වසන සේක |
| ජෙතවනෙ | ජේතවන නම් වූ |
| අනාථ පිණ්ඩිකස්ස | අනේපිඬු මහ සිටුහු ගේ |
| ආරාමෙ | ආරාමයෙහි |
| තෙත ඛො පන සමයෙන | එ සමයෙහි වනාහි |
| චන්දිමා දෙවපුත්තො | සඳ දෙව්පුත් තෙමේ |
| රාහුනා අසුරින්දෙන | රාහු අසුරේන්ද්‍රයා විසින් |
| ගහිතො හොති | ගන්නා ලද්දේ වෙයි |
| අථ ඛො | ඉක්බිති |
| චන්දිමා දෙවපුත්තො | සඳ දෙව්පුත් තෙමේ |
| භගවන්තං | භාග්‍යවතුන් වහන්සේ |
| අනුස්සරමානො | සිහි කරමින් |
| තායං වේලායං | එ වේලෙහි |
| ඉමං ගාථං | මේ ගාථාව |
| අභාසි | කීය. |
| නමො | නමස්කාර වේවා |
| තෙ | නුඹ වහන්සේට |
| බුද්ධවීරත්ථු | බුද්ධවීරයන් වහන්ස |
| විප්පමුත්තොසි | කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු |
| සබ්බධි | සියලු කල්හි. |
| සම්බාධ පටිපන්නෝස්මි | (මම) සම්බාධයකට පැමිණියෙමි |
| තස්ස මෙ | ඒ මට |
| සරණං භව | පිළිසරණ වුව මැනව. |
| අථ ඛො | එකල්හි |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| චන්දිමං දෙවපුත්තං | සඳ දෙව් පුතුන් |
| ආරබ්හ | අරභයා |
| රාහුං අසුරින්දං | රාහු අසුරිඳු හට |
| ගාථාය | ගාථාවකින් |
| අජ්ඣභාසි | මෙසේ වදාළ සේක. |
| තථාගතං | තථාගතයන් වහන්සේ |
| අරහන්තං | අරහත් වූ |
| චන්දිමා | සඳදෙව් පුත් තෙමේ |
| සරණගතො | සරණ ගියේ ය |
| රාහු | රාහු අසුරේන්ද්‍රය |
| චන්දං පමුඤ්චස්සු | සඳු අතහැරව |
| බුද්ධා | බුදුවරයෝ |
| ලොකානුකම්පකා | ලොවට අනුකම්පා කරන්නෝ ය. (එහෙයින්) |
| අථ ඛො | ඉක්බිති |
| රාහු අසුරින්දෝ | රාහු අසුරේන්ද්‍ර තෙම |
| චන්දිමං දෙවපුත්තං | සඳු දෙව්පුතු |
| මුඤ්චිත්වා | මුදාහැර |
| තරමාණ රූපො | වෙළෙවි වූයේ |
| යෙන | යම් තැනක් හි වීද |
| වෙපචිත්ති අසුරේන්දො | වේපචිත්ති අසුරේන්ද්‍රයා |
| තෙන | එතැන්හි |
| උපසංකමි | එළඹියේ ය |
| උපසංකමිත්වා | එළඹ |
| සංවිග්ගො | සංවේග ඇත්තේ |
| ලොමහට්ඨජාතො | ලොමුදැහැගත් සිරුරු ඇත්තේ |
| එකමන්තං | එකත් පසෙක |
| අට්ඨාසි | සිටියේ ය |
| එකමන්තං ඨිතං ඛො රාහුං අසුරින්දං | එකත් පස්ව සිටියා වූ රාහු අසුරිඳු හට |
| වෙපචිත්ති අසුරින්දො | වේපචිත්ති නම් අසුරේන්ද්‍ර තෙම |
| ගාථාය | ගාථාවකින් |
| අජ්ඣභාසි | මෙසේ කීයේ ය |
| කින්නු | කුමක් හෙයින් |
| සන්තරමානොව | වෙලෙව් වූවකු මෙන් |
| රාහු | රාහු අසුරේන්ද්‍රය |
| චන්දං | සඳු |
| පමුඤචසි | අත්හැරියෙහි ද? |
| සංවිග්ගරූපො ආගම්ම | කලකිරුණු, සංවේගයට පත් සිත් ඇත්තෙක් වැ අවුත් |
| කින්නු | කුමක් හෙයින් |
| භීතොව | බියවූවකු මෙන් |
| තිට්ඨසී’ති | සිටිනෙහි ද? |
| සත්තධා | සත්කඩක් ව |
| මෙ | මගේ |
| ඵලෙ | පැළෙයි |
| මුද්ධා | හිස |
| ජීවන්තො | ජීවත්වන්නේ ද |
| න සුඛං ලභෙ | සැපයක් නො ලබයි. |
| බුද්ධගාථාහි | බුදුරජාණන් වහන්සේගේ ගාථාවලින් |
| ගීතොම්හි | ගායනා කරන ලද්දෙමි |
| නො චෙ මුඤ්චෙය්‍ය චන්දිමං | ඉදින් සඳු අත නොහැරියේ නම්. |