| මහාකස්සප බොජ්ඣංග සුත්තං | මහාකස්සප බොජ්ඣංග සූත්‍රය |
| එවං | මෙසේ |
| මෙ | මා විසින් |
| සුතං | අසන ලදී. |
| එකං සමයං | එක් සමයෙක |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| රාජගහෙ | රජගහ නුවර |
| විහරති | වැඩ වසන සේක |
| වෙළුවනෙ | වේළුවන නම් වූ මහා විහාරයෙහි |
| කලන්දක නිවාපෙ | ලෙහෙනුන්ට දෙන ලද නිවාප ඇති හෙයින් කලන්දක නිවාප නම් වූ |
| තෙන ඛො පන සමයෙන | එ සමයෙහි වනාහි |
| ආයස්මා මහාකස්සපො | ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙම |
| පිප්ඵලි ගුහායං | පිප්ඵලි ගුහාවෙහි |
| විහරති | වෙසෙයි |
| ආබාධිකො | පීඩිත වූයේ |
| දුක්ඛිතො | දුකට පත් වූයේ |
| බාළ්හගිලානො | දැඩි ගිලන්වූයේ |
| අථ ඛො | ඉක්බිති |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| සායණ්හසමයං | සවස් වේලෙහි |
| පතිසල්ලානා | ඵල සමවතින් |
| වුට්ඨිතො | නැගිටියේ |
| යෙන | යම් තැනක වෙසෙත් ද |
| ආයස්මා මහාකස්සපො | ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ |
| තෙන | එතැනට |
| උපසංකමි | එළඹි සේක |
| උපසංකමිත්වා | එළඹ |
| පඤ්ඤත්තෙ ආසනෙ | පැණ වූ අස්නෙක |
| නිසීදි | වැඩහුන් සේක |
| නිසජ්ජ ඛො | වැඩහිඳ ම |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| ආයස්මන්තං මහා කස්සපං | ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ හට |
| එතදවොච | මෙය වදාළ සේක |
| කච්චි? | කිමෙක් ද? |
| තෙ | තොපට |
| කස්සප | කාශ්‍යප, |
| ඛමනීයං | ඉවසිය හැකි ද? |
| කච්චි? | කිම? |
| යාපනීයං | යැපිය හැකිද ? |
| කච්චි? | කිම? |
| දුක්ඛා වේදනා | දුක්ඛ වේදනාවෝ |
| පටික්කමන්ති | පිරිහෙත් ද? |
| නො අභික්කමන්ති | කිම දියුණු නොවෙත් ද? |
| පටික්කමොසානං පඤ්ඤායති | ප්‍රතික්‍රමණාවසානය පෙනේ ද? (ඒ දුක්ඛ වේදනාවන් ගේ කෙළවරක් පැනේ ද?) |
| නො අභික්කමෙති | වැඩීමක් නොපෙනේ දැ’යි වදාළ සේක. |
| න මෙ භන්තෙ ඛමනීයං | ස්වාමින් වහන්ස මට ඉවසීමට නො හැකි ය |
| න යාපනීයං | ඉරියව් පවත්වන්නට නො හැකි ය |
| බාළ්හා මෙ දුක්ඛ වෙදනා | මගේ දුක්ඛ වේදනාවෝ බලවත් හ |
| අභික්කමන්ති | දියුණු වෙත් |
| නො පටික්කමන්ති | ප්‍රතික්‍රමණය නොවෙත් (අඩු නොවෙත්) |
| අභික්කමොසානං | දුක්ඛ වේදනාවන් ගේ වැඩීම |
| පඤ්ඤායති | පෙනෙයි |
| නො පටික්කමොති | අඩුවක් නො පෙනෙයි. |
| සත්තිමෙ කස්සප බොජ්ඣංගා | කාශ්‍යප මේ සප්ත බොජ්ඣංගයෝ |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතා | මොනවට ප්‍රකාශ කරන ලදහ |
| භාවිතා | භාවිතා කරන ලදහ |
| බහුලීකතා | නැවත නැවත පුරුදු කරන ලදහ |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තන්ති | පවතිත් |
| කතමෙ සත්ත? | කවර සප්ත බෝධ්‍යංගයෝ ද යත්? |
| සතිසම්බොජ්ඣංගො ඛො | සතිසම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| ධම්ම විචය සම්බොජ්ඣංගො ඛො | ධම්ම විචය සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| විරිය සම්බොජ්ඣංගො ඛො | විරිය සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| පීති සම්බොජ්ඣංගො ඛො | ප්‍රීති සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| පස්සද්ධි සම්බොජ්ඣංගො ඛො | පස්සද්ධි සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| සමාධි සම්බොජ්ඣංගො ඛො | සමාධි සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| උපෙක්ඛා සම්බොජ්ඣංගො ඛො | උපෙක්ෂා සම්බොධ්‍යංගය වනාහි |
| කස්සප | කාශ්‍යපය |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතො | මොනවට කියන ලදි |
| භාවිතො | වඩනා ලදි |
| බහුලීකතො | බහුල වශයෙන් කරන ලදී |
| අභිඤ්ඤාය | සත්‍යය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තති | පවතියි. |
| ඉමෙ ඛො කස්සප සත්තබොජ්ඣංගා | කාශ්‍යපය මේ සප්ත බොධ්‍යංගයෝ වනාහි |
| මයා | මා විසින් |
| සම්ම දක්ඛාතා | මොනවට කියන ලදහ |
| භාවිතා | භාවිත කරන ලදහ |
| බහුලීකතා | බහුල කරන ලදහ |
| අභිඤ්ඤාය | සත්‍ය ප්‍රතිවේධය පිණිස |
| සම්බොධාය | මනා අවබෝධය පිණිස |
| නිබ්බාණාය | නිවන් පිණිස |
| සංවත්තන්ති | පවතිත්. |
| තග්ඝ | මැනව |
| භගවා | භාග්‍යවතුන් වහන්ස |
| බොජ්ඣංගා | බොධ්‍යංග ධර්මයෝ |
| තග්ඝ | මැනව |
| සුගත | සුගතයන් වහන්ස |
| බොජ්ඣංගොති | බොධ්‍යංගයෝ’යි කසුප් තෙරහු දැන්වූහ. |
| ඉදමවොච | මේ ධර්මය වදාළ සේක |
| භගව | භාග්‍යවතුන් වහන්සේ |
| අත්තමනො | එයට සතුටු වූ |
| ආයස්මා මහා කස්සපො | ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙම |
| භගවතො | භාග්‍යවතුන් වහන්සේ ගේ |
| භාසිතං | දේශනාවට |
| අභිනන්දි | සතුටින් පිළිගත්තේ ය |
| උට්ඨාහි ච | නැගී සිටියේ ම ය |
| ආයස්මා මහා කස්සපො | ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිර තෙම |
| තම්හා ආබාධා | ඒ ආබාධයෙන්: |
| තථා | එසේ ම |
| පහීනො ච | පහවී (ප්‍රහීණ වී) |
| ආයස්මතො මහා කස්සපස්ස | ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගේ |
| සො ආබාධො | ඒ ආබාධය |
| අහොසීති | අහෝසි වී ගියේ ම ය. |