මුල් පිටුව
මිත්තානිසංස සුත්තං
මිත්තානිසංස සුත්තං මිත්තානිසංස සූත්‍රය
පහූතභක්ඛො බොහෝ කනු, බොනු ලැබීම
භවති වෙයි, සිදුවෙයි
විප්පවුත්ථො බැහැර තැනක ගියේ
සකාඝරා ස්වකීය ගෙයින්
බහු බොහෝ දෙනෙක්
නං ඒ මිතුරා ඇසුරු කොට
උපජීවන්ති ජීවත්වෙති.
යො යම්පුද්ගලයෙක් තෙම
මිත්තානං මිතුරන්ට
න දූභති ද්‍රෝහ නො කෙරේ ද (හෙතෙම)
යං යං ජනපදං යාතී යම් යම් ජනපදයකට ගියේ ද
නිගමෙ නියම් ගමකට
රාජධානියො රාජධානියකට ගියේ ද
සබ්බත්ථ ඒ හැම තන්හි ම
පූජිතො හොති පුදනු ලැබෙයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නො කෙරේ ද (හෙතෙම)
නාස්ස ඔහුට (නොම)
චොරා සොරු
පසහන්ති මැඩ නොපවත්වත්
නාතිමඤ්ඤෙති අවමන් නො කෙරෙයි
ඛත්තියො රජතෙම
සබ්බෙ අමිත්තෙ හැම සතුරන්
තරති දුරු කෙරෙයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නොවේ ද (හෙතෙම)
අක්කුද්ධො නොද‍ැහැවියේ (කෝප නොවී)
සඝරං සියගෙට
එති එයි
සභාය සභාවෙහි
පටිනන්දිතො සතුටින් පිළිගනු ලබයි
ඤ‍ාතීනං ඤ‍ාතීන් හට
උත්තමො හොති උතුම් වෙයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නො වේද (හෙතෙම)
සක්කත්වා අනුන්ට සත්කාර කොට
සක්කතො හොති සත්කාර ලබන්නෙක් වෙයි
ගරු හොති තෙමේ ද ගරු කටයුතු වෙයි
සගාරවො අනුන් කෙරෙහි ගෞරව සහිත වූයේ
වණ්ණ කිත්ති භතො හොති වර්ණකීර්ති දෙක උසුලන්නේ ය
යො යමෙක්
මිත්තාන මිතුරන් හට
න දූභති ද්‍රෝහ නො වේද (හෙතෙම)
පූජකො මිත්‍රයන් පුදන තැනැත්තේ
ලභතෙ පූජං තෙමේ ද පුද ලබයි
වන්දකො අන්‍යයන්ට වඳින්නේ
පටිවන්දනං තෙමේ ද පෙරළා වැඳුම් ලබයි
යසො යසසට ද
කිත්තිං ච කීර්තියට ද
පප්පොති පැමිණෙයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නොවේද (හෙතෙම)
අග්ගි යථා දිලිසෙන ගිනි සෙයින්
පජ්ජලති ඉසුරෙන් දිලිසෙයි
දෙවතා ව දෙවියකු මෙන්
විරොචති බබලයි
සිරියා ශ්‍රීය විසින්
අජහිතො අත් නොහරින ලද්දේ වෙයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහි නොවේ ද (හෙතෙම)
ගාවො ගවයෝ
තස්ස ඕහට
පජායන්ති බෝවෙති / පැටවුන් බිහිකරති
ඛෙත්තෙ ක්ෂේත්‍රයෙහි
වුත්තං වපුළතාක්
විරූහති පැල හටගනී
පුත්තානං ඵලමස්නාති දරු සැප වළඳයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහි නොවේ ද (හෙතෙම)
දරිතො ද‍ැදුරෙන් (පර්වත විවරයෙන්) හෝ
පබ්බතො වා පර්වතයෙන් හෝ
රුක්ඛාතො රුකින් (ගසකින්) හෝ
පතිතො වැටුණා වූ
නරො මිනිසා
චුතො යමකින් ගිලිහුණා වූ
පතිට්ඨං ලභති පිහිට ලබයි.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නො කෙරේද (හෙතෙම)
විරුළ්හමූල සන්තානාං වැඩුණු මුල් හා නුග අරළු ඇති
නිග්‍රොධමිව මාලුතො නුගරුකක් (සොලවා එලන්ට නො හැකි) සුළඟ සෙයින්
අමිත්තා සතුරෝ
නප්පසහන්ති ඔහු මැඩපවත්වන්නට නො හැකි වෙත්.
යො යමෙක්
මිත්තානං මිතුරන් හට
න දූභති ද්‍රෝහ නො වේද (හෙතෙම)
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.