| මොරපරිත්තං | මෝර පිරිත |
| උදෙතයං | මේ හිරු තෙම නැගෙයි |
| චක්ඛුමා | ඇස් ඇති |
| එකරාජා | ඒකරාජ වූ |
| හරිස්සවණ්ණො | රන්වන් වූ |
| පඨවිප්පභාසො | පොළොව බබුළුවන්නා වූ |
| තං | එහෙයින් |
| තං | තා |
| නමස්සාමි | වඳිමි |
| හරිස්සවණ්ණං | රන්වන් වූ |
| පඨවිප්පභාසං | පොළොව බබුළුවන |
| තයා | තා විසින් |
| අජ්ජ | අද |
| ගුත්තා | රක්නා ලද |
| විහරෙමු | අපි (සුවසේ) වසමු |
| දිවසං | මේ දවස |
| යෙ බ්‍රහ්මණා | යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් |
| වෙදගු | සම්‍යක්සම්බෝධියට පැමිණියෝ ද |
| සබ්බ ධම්මෙ | සියළු ඤෙය ධර්මයන් දැන |
| තෙ | ඔවුන්ට |
| මෙ | මාගේ |
| නමො | නමස්කාරය වේවා |
| තෙ ච | ඒ භාග්‍යවත්හුදු |
| මං | මා |
| පාලයන්තු | රකිත්වා, පාලනය කරත්වා. |
| නමත්ථු | නමස්කාරය වේවා |
| බුද්ධානං | පෙර බුදුවරුනට |
| නමත්ථු | නමස්කාර වේවා |
| බොධියා | (සතර මග සතර ඵලයයි කියන ලද) බොධියට |
| නමො | නමස්කාර වේවා |
| විමුත්තානං | කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන්ට |
| නමො | නමස්කාර වේවා |
| විමුක්තියා | (තදංගවිමුක්ති ආදී) පඤ්ච විමුක්තියට |
| ඉමං | මේ (පිරිත) |
| සො | ඒ තෙම (මොනරා) |
| පරිත්තං කත්වා | පිරිත (ආරක්ෂා) කොටගෙන |
| මොරො | මයුරා (මොනරා) |
| චරති | හැසිරෙයි. |
| එසනා | අහර සෙවීමෙහි |
| අපෙතයං | මේ හිරු තෙම පහවෙයි |
| චක්ඛුමා | ඇස් ඇති |
| එකරාජා | ඒකරාජ වූ |
| හරිස්සවණ්ණො | රන්වන් වූ |
| පඨවිප්පභාසො | පොළොව බබුළුවන්නා වූ |
| තං | එහෙයින් |
| තං | තා |
| නමස්සාමි | වඳිමි |
| හරිස්සවණ්ණං | රන්වන් වූ |
| පඨවිප්පභාසං | පොළොව බබුළුවන |
| තයා | තා විසින් |
| අජ්ජ | අද |
| ගුත්තා | රක්නා ලද |
| විහරෙමු | අපි (සුවසේ) වසමු |
| රත්තිං | රැයෙහි |
| යෙ බ්‍රහ්මණා | යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් |
| වෙදගු | සම්‍යක්සම්බෝධියට පැමිණියෝ ද |
| සබ්බ ධම්මෙ | සියළු ඤෙය ධර්මයන් දැන |
| තෙ | ඔවුන්ට |
| මෙ | මාගේ |
| නමො | නමස්කාරය වේවා |
| තෙ ච | ඒ භාග්‍යවත්හුදු |
| මං | මා |
| පාලයන්තු | රක්ෂා කෙරෙත්වා, පාලනය කරත්වා. |
| නමත්ථු | නමස්කාරය වේවා |
| බුද්ධානං | පෙර බුදුවරුනට |
| නමත්ථු | නමස්කාර වේවා |
| බොධියා | (සතර මග සතර ඵලයයි කියන ලද) බොධියට |
| නමො | නමස්කාර වේවා |
| විමුත්තානං | කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන්ට |
| නමො | නමස්කාර වේවා |
| විමුක්තියා | (තදංගවිමුක්ති ආදී) පඤ්ච විමුක්තියට |
| ඉමං | මේ (පිරිත) |
| සො | ඒ තෙම (මොනරා) |
| පරිත්තං කත්වා | පිරිත (ආරක්ෂා) කොටගෙන |
| මොරො | මයුරා (මොනරා) |
| වාසං අකප්පයි | වාසය කෙළේ යි. |