මුල් පිටුව
මොර පරිත්තං
මොරපරිත්තං මෝර පිරිත
උදෙතයං මේ හිරු තෙම නැගෙයි
චක්ඛුමා ඇස් ඇති
එකරාජා ඒකරාජ වූ
හරිස්සවණ්ණො රන්වන් වූ
පඨවිප්පභාසො පොළොව බබුළුවන්නා වූ
තං එහෙයින්
තං තා
නමස්සාමි වඳිමි
හරිස්සවණ්ණං රන්වන් වූ
පඨවිප්පභාසං පොළොව බබුළුවන
තයා තා විසින්
අජ්ජ අද
ගුත්තා රක්නා ලද
විහරෙමු අපි (සුවසේ) වසමු
දිවසං මේ දවස
යෙ බ්‍රහ්මණා යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක්
වෙදගු සම්‍යක්සම්බෝධියට පැමිණියෝ ද
සබ්බ ධම්මෙ සියළු ඤෙය ධර්මයන් ද‍ැන
තෙ ඔවුන්ට
මෙ මාගේ
නමො නමස්කාරය වේවා
තෙ ච ඒ භාග්‍යවත්හුදු
මං මා
පාලයන්තු රකිත්වා, පාලනය කරත්වා.
නමත්ථු නමස්කාරය වේවා
බුද්ධානං පෙර බුදුවරුනට
නමත්ථු නමස්කාර වේවා
බොධියා (සතර මග සතර ඵලයයි කියන ලද) බොධියට
නමො නමස්කාර වේවා
විමුත්තානං කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන්ට
නමො නමස්කාර වේවා
විමුක්තියා (තදංගවිමුක්ති ආදී) පඤ්ච විමුක්තියට
ඉමං මේ (පිරිත)
සො ඒ තෙම (මොනරා)
පරිත්තං කත්වා පිරිත (ආරක්ෂා) කොටගෙන
මොරො මයුරා (මොනරා)
චරති හැසිරෙයි.
එසනා අහර සෙවීමෙහි
අපෙතයං මේ හිරු තෙම පහවෙයි
චක්ඛුමා ඇස් ඇති
එකරාජා ඒකරාජ වූ
හරිස්සවණ්ණො රන්වන් වූ
පඨවිප්පභාසො පොළොව බබුළුවන්නා වූ
තං එහෙයින්
තං තා
නමස්සාමි වඳිමි
හරිස්සවණ්ණං රන්වන් වූ
පඨවිප්පභාසං පොළොව බබුළුවන
තයා තා විසින්
අජ්ජ අද
ගුත්තා රක්නා ලද
විහරෙමු අපි (සුවසේ) වසමු
රත්තිං රැයෙහි
යෙ බ්‍රහ්මණා යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක්
වෙදගු සම්‍යක්සම්බෝධියට පැමිණියෝ ද
සබ්බ ධම්මෙ සියළු ඤෙය ධර්මයන් ද‍ැන
තෙ ඔවුන්ට
මෙ මාගේ
නමො නමස්කාරය වේවා
තෙ ච ඒ භාග්‍යවත්හුදු
මං මා
පාලයන්තු රක්ෂා කෙරෙත්වා, පාලනය කරත්වා.
නමත්ථු නමස්කාරය වේවා
බුද්ධානං පෙර බුදුවරුනට
නමත්ථු නමස්කාර වේවා
බොධියා (සතර මග සතර ඵලයයි කියන ලද) බොධියට
නමො නමස්කාර වේවා
විමුත්තානං කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන්ට
නමො නමස්කාර වේවා
විමුක්තියා (තදංගවිමුක්ති ආදී) පඤ්ච විමුක්තියට
ඉමං මේ (පිරිත)
සො ඒ තෙම (මොනරා)
පරිත්තං කත්වා පිරිත (ආරක්ෂා) කොටගෙන
මොරො මයුරා (මොනරා)
වාසං අකප්පයි වාසය කෙළේ යි.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.