මුල් පිටුව
ධජග්ග පරිත්තං
ධජග්ග පරිත්තං ධජග්ග පිරිත
එවං මෙසේ
මෙ මා විසින්
සුතං අසන ලදී
එකං සමයං එක් සමයෙක
භගවා භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවැත්නුවර සමීපයෙහි
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු මහ සිටුහු ගේ
ආරාමෙ ආරාමයෙහි
තත්‍ර ඛො එකල්හි වනාහි
භගවා භාග්‍යවතුන් වහන්සේ
භික්ඛු භික්‍ෂූන්
ආමන්තෙසි ඇමතූහ
භික්ඛවො’ති මහණෙනි කියා
භදන්තෙති වහන්සැ’යි
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවතො භාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුං පිළිවදන් දුන්හ.
භගවා භාග්‍යවතුන් වහන්සේ
එතදවොච මෙය වද‍ාළ සේක.
භූතපුබ්බං පෙර වූ දෙයක් කියමි
භික්ඛවේ මහණෙනි
දෙවාසුරසංගාමො දෙවියන් හා අසුරයන් අතර සංග්‍රාමයක්
සමූපබ්බුළ්හො අහොසි එළඹුනේ විය
අථ ඛො ඉක්බිති
භික්ඛවෙ මහණෙනි
සක්කො දෙවානමින්ද‍ො සක්දෙව් රජතෙම
දෙවෙ තාවතිංසෙ තව්තිසා වැසි දෙවියන්
ආමන්තෙසි ඇමතුවේය.
සචෙ ඉදින්
මාරිසා නිදුකාණෙනි
දෙවානං දෙවියන්ට
සංගාමගතානං යුද්ධයට ගිය
උප්පජ්ජෙය්‍ය උපන්නේ නම්
භයං වා බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැතිගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැන්මෙක් හෝ
මම එව තස්මිං සමයෙ එ සමයෙහි මගේ ම
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකෙය්‍යාථ බලව්.
මමංහි වො තොපට මගේ වනාහි
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකයතං බලන්නා වූ
යං භවිස්සති යම් වේ ද
භයං වා බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැතිගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැන්මෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරු වෙයි.
නො චෙ මෙ ධජග්ගං උල්ලොකෙය්‍යාථ ඉදින් මාගේ ධ්වජාග්‍රය නොබලා නම්
අථ ඉක්බිති
පජාපතිස්ස දේවරාජස්ස ප්‍රජාපති දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකෙය්‍යාථ බලව්.
පජාපතිස්සහි වො දෙවරාජස්ස තොපට ප්‍රජාපති නම් දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකයතං බලන්නා වූ
යං භවිස්සති යම් වේ ද
භයං වා යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැන්මෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවෙයි.
නො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ ඉදින් ප්‍රජාපතී දෙව් රජහු ගේ ධ්වජාග්‍රය නොබලා නම්
අථ ඉක්බිති
වරුණස්ස දේවරාජස්ස වරුණ දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකෙය්‍යාථ බලව්.
වරුණස්සහි වො දෙවරාජස්ස තොපට වරුණ නම් දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකයතං බලන්නා වූ
යං භවිස්සති යම් වේ ද
භයං වා යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැන්මෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවෙයි.
නො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ ඉදින් වරුණ දෙව් රජහු ගේ ධ්වජාග්‍රය නොබලා නම්
අථ ඉක්බිති
ඊසානස්ස දේවරාජස්ස ඊසාන දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකෙය්‍යාථ බලව්.
ඊසානස්සහි වො දෙවරාජස්ස තොපට ඊසාන නම් දෙව්රජහු ගේ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලොකයතං බලන්නා වූ
යං භවිස්සති යම් වේ ද
භයං වා යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැන්මෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවෙයි.
තං ඛො පන
භික්ඛවෙ මහණෙනි
සක්කස්ස වා දෙවානමින්දස්ස සක්දෙව් රජුහු ගේ හෝ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලෙකයතං බලන්නහුට
පජාපතිස්සවා දෙවරාජස්ස ප්‍රජාපති දෙව්රජු ගේ හෝ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලෙකයතං බලන්නහුට
වරුණස්ස වා දෙවරාජස්ස වරුණ නම් දෙව්රජහු ගේ හෝ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලෙකයතං බලන්නහුට
ඊසානස්ස වා දෙවරාජස්ස ඊසාන නම් දෙව්රජහු ගේ හෝ
ධජග්ගං ධ්වජාග්‍රය
උල්ලෙකයතං බලන්නහුට
යං භවිස්සති භයං වා යම් වේ ද බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැනීමක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැනීමක් හෝ
සො හේ
පහීයෙථාපි දුරු වන්නේ හෝ ද වේ
නො පි පහියෙථ දුරු නො වන්නේ හෝ ද වෙයි
තංකිස්සහෙතු? එයට හේතු කවරේ ද යත්?
සක්කොහි භික්ඛවෙ දෙවානමින්දෝ මහණෙනි සක්දෙව් රජතෙම වනාහි
අවිතරාගො දුරු නො කළ රාග ඇත්තේ ය
අවිතද‍ොසො දුරු නොකළ ද්වේෂ ඇත්තේ ය
අවිතමොහො දුරු නො කළ මෝහ ඇත්තේ ය
භීරු බියවන සුලු ය
ඡම්භි තැති ගන්නා සුලුය
උත්‍රාසි අතිශයින් ම බියවන සුලුය
පලායීති පලා යන සුලුය.
අහඤ්ව ඛො මම ද
භික්ඛවෙ මහණෙනි
තුම්හාකං නුඹලාට
එවං වද‍ාමි මෙසේ කියමි
සවෙ ඉදින්
තුම්හාකං නුඹලාට
භික්ඛවෙ මහණෙනි
අරඤ්ඤගතානං වා වනයට ගියා වූ හෝ
රුක්ඛමූලගතානං වා රුක්මුලට ගියා වූ හෝ
සුඤ්ඤ‍ාගාරගතානං වා ගෙවලින් හිස් තැනකට ගියා වූ හෝ
උප්පජ්ජෙය්‍ය උපදනේ වී නම්
භයං වා බියෙක් හෝ
ඡම්හිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැමෙක් හෝ
මමේව මා ම
තස්මිං සමයෙ ඒ සමයෙහි
අනුස්සරෙය්‍යාථ සිහි කරව් (කෙසේ ද?)
ඉතිපි මේ කරුණෙනුදු
සො භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ
අරහං අර්හත් ය
සම්මා සම්බුද්ධෝ සම්‍යක් සම්බුද්ධ ය
විජ්ජා චරණ සම්පන්නො විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත ය
සුගතො සුගත ය
ලොකවිදු ලෝකවිදු ය
අනුන්තරො අනුත්තර ය
පුරිස දම්ම සාරථි පුරිස දම්මසාරථි ය
සත්ථා දේවමනුස්සානං දෙව් මිනිසුනට අනුශාසක ය
බුද්ධො බුද්ධ ය
භගවා’ති භාග්‍යවත් ය (කියායි).
මමංහි වො භික්ඛවෙ අනුස්සරතං මහණෙනි මා සිහි කරන්නා වූ තොපට
යං භවිස්සති භයං වා වේ ද, යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැමෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවේ
නො චෙ මං අනුස්සරෙය්‍යාථ ඉදින් මා සිහි නො කරව් නම්
අථ ඉක්බිති
ධම්මං ධර්මය
අනුස්සරෙය්‍යාථ සිහි කරව්.
ස්වාක්ඛාතො මොනවට දෙසන ලද
භගවතා බුදුරදුන් විසින්
ධම්මො ධර්මය තෙම
සන්දිට්ඨිකො සාන්දෘෂ්ටික ය
අකාලිකො කල් නො යවා විපාක දෙන්නේ ය
එහිපස්සිකො එව බලව යන විදියට සුදුසු ය
ඔපනයිකො එළඹීමට සුදුසු ය
පච්චත්තං තම තමන් කෙරෙහි ලා
වෙදිතබ්බො දතයුත්තේ ය
විඤ්ඤූහී’ති නුවණැත්තන් විසින් (යනුයි).
ධම්මංහි වො භික්ඛවෙ අනුස්සරතං මහණෙනි ධර්මය සිහි කරන්නා වූ තොපට
යං භවිස්සති භයං වා වේ ද, යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැමෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවේ.
නො චෙ ධම්මං අනුස්සරෙය්‍යාථ ඉදින් ධර්මය සිහි නො කරව් නම්
අථ ඉක්බිති
සංඝං සඟුන්
අනුස්සරෙය්‍යාථ සිහි කරව් (කෙසේ ද?)
සුපටිපන්නො භගවතො සාවක සංඝො භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේ ය
උජුපටිපන්නො භගවතො සාවක සංඝො භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඍජු වූ පිළිවෙතින් යුක්ත ය
ඤ‍ායපටිපන්නො භගවතො සාවක සංඝො භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් සඳහා පිළිපන්නේ ය
සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ත්‍රිශික්ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේ ය.
යදිදං යම් මේ
චත්තාරි පුරිස යුගානි පුරුෂ යුගල වශයෙන් සතර කොටසක් වෙත් ද
අට්ඨපුරිස පුග්ගලා පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙත් ද
එස භගවතො සාවක සංඝො භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝ තෙමේ
ආහුනෙය්‍යො දුරිනිදු ගෙන හැර දිය යුතු ප්‍රත්‍යයට සුදුසු ය
පාහුනෙය්‍යො අමුතු ප්‍රත්‍යයන් පිළි ගැනීමට සුදුසු ය
දක්ඛිණෙ‍ය්‍යො දක්ෂිණාවට සුදුසු ය
අඤ්ජලිකරණීයො ද‍ොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය
අනුත්තරං උතුම් වූ
පුඤ්ඤක්ඛෙත්තං පින් කෙතකැයි
ලොකස්සාති සියලු ලෝකයාට කියායි.
සංඝංහි වො භික්ඛවෙ අනුස්සරතං මහණෙනි සංඝයා සිහි කරන්නා වූ තොපට
යං භවිස්සති භයං වා වේ ද, යම් බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැන්මෙක් හෝ
ලොමහංසො වා ලොමුද‍ැහැගැමෙක් හෝ
සො හේ
පහීයිස්සති දුරුවේ
තංකිස්ස හෙතු? එයට කාරණා කිම යත්?
තථාගතො තථාගත තෙම
භික්ඛවෙ මහණෙනි
අරහං අරහත් වූ
සම්මා සම්බුද්ධෝ සම්‍යක් සම්බුද්ධ වූ
වීතරාගො නසන ලද රාග ඇත්තේ ය
වීතද‍ොසො නසන ලද ද්වේෂ ඇත්තේ ය
වීතමොහො නසන ලද මෝහ ඇත්තේ ය
අභීරු බිය නොවන සුලුය
අච්ඡම්හි තැති නො ගන්නා සුලුය
අනුත්‍රාසි ත්‍රාස නො වන සුලුය
අපලායීති බියෙන් පලා නො යන්නේ ය.
ඉදමවොච මේ ධජග්ග පරිත්තය වද‍ාළේ ය
භගවා භාග්‍යවත් තෙම
ඉදං වත්වා මේ වද‍ාරා
සුගතො සුගත වූ
අථාපරං නැවත අන්‍ය වූ
එතදවොච මේ කාරණය වද‍ාළ සේක
සත්ථා ශාස්තෘෘන්වහන්සේ.
අරඤ්ඤෙ ආරණ්‍යයෙහි හෝ
රුක්ඛමූලෙ වා රුක් මුල්හි හෝ
සුඤ්ඤ‍ාගාරෙව ජන ශුන්‍ය ස්ථානයක හෝ
භික්ඛවො මහණෙනි
අනුස්සරෙථ සිහි කරව්
සම්බුද්ධං සම්බුදුන්
භයං බියෙක්
තුම්හාකං තොපට
නො සියා නො වන්නේ යි.
නො චෙ බුද්ධං සරෙය්‍යාථ බුදුරදුන් ඉදින් සිහි නො කරව් නම්
ලොකජෙට්ඨං ලොවට ජ්‍යෙෂ්ඨ වූ
නරාසභං නරෝත්තම වූ
අථ ඉක්බිති
ධමමං ධර්මය
සරෙය්‍යාථ සිහි කරව්
නිය්‍යාණිකං නෛර්යානික වූ
සුදෙසිතං මනාකොට දෙසන ලද.
නො චෙ ධම්මං සරෙය්‍යාථ සද්ධර්මය ඉදින් සිහි නො කරව් නම්
නිය්‍යාණිකං නෛර්යානික වූ
සුදෙසිතං මොනවට දෙසන ලද
අථ ඉක්බිති
සංඝං සංඝයා
සරෙය්‍යාථ සිහි කරව්
පුඤ්ඤඛෙත්තං පින් කෙතක් වූ
අනුත්තරං අනුත්තර වූ.
එවං මෙසේ
බුද්ධං බුදුන් ද
සරන්තානං සිහි කරන්නවුනට
ධම්මං ධර්මය ද
සංඝං ච සංඝයා ද
භික්ඛවො මහණෙනි
භයං වා බියෙක් හෝ
ඡම්භිතත්තං වා තැති ගැමෙක් හෝ
ලොමහංසො ලොමු ද‍ැහැගැන්මෙක්
න හෙස්සතීති නොවේ.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.