මුල් පිටුව
මෙත්තානිසංස සුත්තං
මෙත්තානිසංස සුත්තං මෙත්තානිසංස සූත්‍රය
එවං මෙසේ
මෙ මා විසින්
සුතං අසන ලදී.
එකං සමයං එක් සමයෙක
භගවා භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවැත් නුවරැ
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු සිටුහු ගේ
ආරාමෙ ආරාමයෙහි
තත්‍ර ඛො එකල්හි වනාහි
භගවා භාග්‍යවත්හු
භික්ඛු භික්‍ෂූන්
ආමන්තෙසි ඇමතූහ
භික්ඛවො’ති මහණෙනි කියා
භදන්තෙති වහන්සැ’යි
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවතො භාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුං පිළිවදන් දුන්හ.
භගවා භාග්‍යවතුන් වහන්සේ
එතදවොච මෙය වද‍ාළ සේක.
මෙත්තාය මෛත්‍රී
භික්ඛවෙ මහණෙනි
චෙතොවිමුත්තියා චේතෝ විමුක්තිය ගේ
ආසෙවිතාය ආදරයෙන් සෙවුනා ලද
භාවිතාය භාවිතා කරන ලද
බහුලීකතාය බහුල වශයෙන් වඩනා ලද
යානීකතාය යානාවක් මෙන් කරන ලද
වත්ථුකතාය වස්තුවක් මෙන් කරන ලද
අනුට්ඨිතාය එළඹ සිටියා වූ
පරිචිතාය පුරුදු කරන ලද
සුසමාරද්ධාය මොනවට පටන් ගන්නා ලද
එකාදසානිසංසා එකොළොස් අනුසස්හු
පාටි කංඛා’ති කැමැති විය යුත්තාහ.
කතමෙ එකාදස? කවර එකොළොසෙක් ද යත්.-
1. සුඛංසුපති සැපසේ නිදි යි
2. සුඛං පටිබුජ්ඣති සැපසේ පුබුදි යි
3. පාපකං සුපිනං න පස්සති නපුරු සීන නොදකි යි
4. මනුස්සානං පියො හොති මිනිසුන්ට ප්‍රිය වෙයි
5. අමනුස්සානං පියො හොති නොමිනිසුන්ට ද ප්‍රිය වෙ යි
6. දෙවතා රක්ඛන්ති දෙවියෝ රකිති
7. නාස්ස නොම ඔහුගේ සිරුරෙහි
අග්ගි වා ගිනි හෝ
විසං වා විස හෝ
සත්ථං වා සැත් හෝ
ඛමති වදි යි
8. තුවටං වහා
චිත්තං සිත
සමාධියති සමාහිත වෙයි
9. මුඛවණ්ණො විප්පසීදති මුහුණ පැහැපත් වෙයි
10. අසම්මූල්හො නො මුළාව
කාළංකරොති කලුරිය කෙරෙයි
11. උත්තරිං අප්පටිවිජ්ඣන්තො මතුයෙහි රහත් වීමට නො හැකි වී නම්
බ්‍රහ්මලොකුපගොහොති බඹ ලොව උපදී.
මෙත්තාය මෛත්‍රී
භික්ඛවෙ මහණෙනි
චෙතොවිමුත්තියා චේතෝ විමුක්තිය ගේ
ආසෙවිතාය ආදරයෙන් සෙවුනා ලද
භාවිතාය භාවිතා කරන ලද
බහුලීකතාය බහුල වශයෙන් වඩනා ලද
යානීකතාය යානාවක් මෙන් කරන ලද
වත්ථුකතාය වස්තුවක් මෙන් කරන ලද
අනුට්ඨිතාය එළඹ සිටියා වූ
පරිචිතාය පුරුදු කරන ලද
සුසමාරද්ධාය මොනවට පටන් ගන්නා ලද
ඉමෙ එකාදසානිසංසා මේ එකොළොස් අනුසස්හු
පාටිකංඛා’ති කැමැති විය යුත්තාහ.
ඉදමවොච මෙය වදාළ සේක.
භගවා භාග්‍යවතුන් වහන්සේ
අත්ත මනා සතුටු සිත් ඇති
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවතො භාග්‍යවත්හු ගේ
භාසිතං භාෂිතයට (දේශනාවට)
අභිනන්දුංති සතුටු වූහ.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.