පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං | මේ අංගුලිමාල පිරිත දේශනා කිරීමට දේශකයා ඉඳගත් ආසනය සේදු xx |
උදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයං | ජලය පවා සියලු උවදුරු විනාශ කරයි. xx |
සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙ | මේ පිරිත ප්‍රසූත නො කළ හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිස xx |
ථේරස්සංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං | බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි xx |
කප්පට්ඨායිං මහාතෙජං පරිත්තං තං භණාමහෙ | ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තැන ද පිහිටියේ ය. එහි ආනුභාවය එතැන මහපොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් බව කියා තිබේ. xx |
යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො | සහෝදරිය, මම යම් අවස්ථාවක් ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, |
නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා | එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගෙ දිවි තොරකල බවක් නොදනිමි. |
තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති | ඒ සත්‍යය බලයෙන් තොපට යහපතක්ම වේවා, දරුගැබටද යහපතක්ම වේවා. |

ඒතෙන සච්ච වජ්ජේන දුක්ඛා වූප සමෙන්තු (තෙ). | මේ සත්‍ය බලයෙන් (ඔබගේ) දුක් සංසිඳේවා |
ඒතෙන සච්ච වජ්ජේන භයා වූප සමෙන්තු (තෙ). | මේ සත්‍ය බලයෙන් (ඔබගේ) භය සංසිඳේවා |
ඒතෙන සච්ච වජ්ජේන රෝගා වූප සමෙන්තු (තෙ). | මේ සත්‍ය බලයෙන් (ඔබගේ) රෝග සංසිඳේවා |