මුල් පිටුව
අංගුලිමාල පරිත්තං
පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං යම් පිරිතක් දේශනා කරන උතුමාණන් වැඩ සිටි අසුන සේදූ
උදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයං ජලය පවා සියලු උවදුරු සම්පූර්ණයෙන්ම විනාශ කරයි ද,
සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙ ඒ මොහොතේ ම සුවසේ දරුගැබ බිහි කිරීමට හේතු වේ ද,
ථේරස්සංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල තෙරුන් වහන්සේට දේශනා කරන ලද්දා වූ,
කප්පට්ඨායිං මහාතෙජං පරිත්තං තං භණාමහෙ කල්පයක් පවතින්නා වූ, මහා තේජස් ඇත්තා වූ ඒ පිරිත අපි සජ්ඣායනා කරමු.
යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො නැගණිය, මම යම් කලෙක ආර්ය ජාතියෙහි උපන්නෙම් ද,
නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා එතැන් පටන් දැනුවත්ව කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් මම නොදනිමි.
තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් ම වේවා, ඔබගේ දරුගැබට ද යහපතක් ම වේවා.

ඒතෙන සච්ච වජ්ජේන දුක්ඛා වූප සමෙන්තු (තෙ). මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබගේ දුක් සංසිඳේවා.
ඒතෙන සච්ච වජ්ජේන භයා වූප සමෙන්තු (තෙ). මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබගේ බිය සංසිඳේවා.
ඒතෙන සච්ච වජ්ජේන රෝගා වූප සමෙන්තු (තෙ). මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබගේ රෝග සංසිඳේවා.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.