මුල් පිටුව
අන්තරාය නිවාරණ පරිත්තං
බුද්ධානං ජිවිතස්‍ස බුදුරජාණන් වහන්සේගේ ජිවිතයට
නසක්කා කේනචි අන්තරායෝ කාතුං අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුද්ධානං ඡබ්බණ්ණ රංසීනං බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට
නසක්කා කේනචි අන්තරායෝ කාතුං අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුද්ධානං ද්වත්තිංස මාහා පුරිසලක්ඛණානං බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට
නසක්කා කේනචි අන්තරායෝ කාතුං අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං බුදුරජාණන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පසයන්ට
නසක්කා කේනචි අන්තරායෝ කාතුං අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
ඉමෙසං චතුන්නං අච්ඡරියානං මෙම සතර අද්භූත ධර්මයන්ට
නසක්කා කේනචි අන්තරායෝ කාතුං අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය.
‌එතේන සච්ච වජ්ජේන අන්තරායා අසේසතෝ මෙ සත්‍යක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා. ඔබට ශාන්තිය උදාවේවා!
මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධි භවන්තු (තේ)
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.