| ජයාසන ගතා වීරා | ජය අසුන් අරා වැඩහුන් වීර වූ |
| ජෙත්වා මාරං සවාහිණිං, | සේනා සහිත මරසෙන් පරදවා, |
| චතුසච්චාමතරසං, යේ පිවිංසු නරාසහා | යම් නරෝත්තමයන් වහන්සේලා සිවුසස් අමා රසය පානය කොට වදාළ සේක් ද, |
| තණ්හංකරාදයො බුද්ධා, | තණ්හංකරාදි ඒ බුදුවරයෝ ද, |
| අට්ඨවීසති නායකා, | අටවිසි ලෝක නායකයන් වහන්සේලා ද, |
| සබ්බේ පතිටිඨිතා (තුය්හං) මත්‍ථකේ (තේ) මුනිස්සරා | ඒ සියලු මුනීශ්වරයන් වහන්සේලා (ඔබේ) මස්තකයෙහි (හිස මත) වැඩ වසන සේක. |
| සිරේ පතිට්ඨිතා බුද්ධා, | (ඔබේ) සිරසෙහි බුදුවරු වැඩ වෙසෙති. |
| ධම්මෝ ච | ධර්මය ද |
| (තව) ලොචනේ, | (ඔබේ) දෑසෙහි පිහිටියේ ය. |
| සංඝෝ පතිට්ඨිතෝ (තුය්හං) | (ඔබේ) මහ සඟරුවන පිහිටියාහු ය. |
| උරේ සබ්බ ගුණාකරෝ | සියලු ගුණයට ආකරයක් වූ, ලයෙහි වෙසෙයි. |
| හදයේ අනුරුද්ධෝ ච, | හදවතේ අනුරුද්ධ තෙරුණුවෝ ද |
| සාරිපුත්තෝ ච දක්ඛිණේ | දකුණුපස සැරියුත් තෙරුණුවෝ ද |
| කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං | පසුභාගයෙහි කොණ්ඩඤ්ඤ තෙරුණුවෝ ද |
| මොග්ගල්ලානො සි වාමකේ | වම්පස මුගලන් තෙරුණුවෝ ද වෙති. |
| දක්ඛිණේ සවණෙ (තුය්හං) | ඔබගේ දකුණු කණෙහි |
| ආහුං ආනන්ද රාහුලා | ආනන්ද සහ රාහුල තෙරවරු ද |
| කස්සපෝ ච මහානාමො, | කාශ්‍යප සහ මහානාම තෙරුන් වහන්සේලා ද |
| උභොසුං වාමසෝතකේ | ඒ උභය දෙනා වහන්සේලා වාම ශ්‍රෝතසයෙහි (වම් කණෙහි) වසන සේක. |
| කෙසන්තේ පිට්ඨිභාගස්මිං, | කේශාන්තයේ හා පසුභාගයෙහි |
| සුරියෝවිය පභංකරෝ | හිරුමෙන් බබළන |
| නිසින්නෝ සිරිසම්පන්නෝ | සමෘද්ධි සම්පන්නව වැඩ වෙසෙයි |
| සෝහිතො මුනි පුංගවො | සෝභිත නම් මුනි උතුමාණෝ පිහිටිය හ. |
| කුමාර කස්සපෝ නාම | කුමාර කාශ්‍යප නම් වූ |
| මහේසි චිත්‍රවාදකෝ | විචිත්‍ර කථික වූ ඒ මහා සෘෂින් වහන්සේ |
| සො (තුය්හං) වදනේ නිච්චං, | ඔහු ඔබගේ මුහුනෙහි (මුවෙහි) නිතර |
| පතිට්ඨාසි ගුණාකරෝ | ගුණයන්ට ආකර වූ උන්වහන්සේ පිහිටි සේක. |
| පුණේණෝ අංගුලිමාලෝච | පුණ්ණ, අංගුලිමාල ද |
| උපාලී නන්ද සීවලී | උපාලි, නන්ද, සීවලී ද යන |
| ථේරා පඤ්ච ඉමේ ජාතා | මේ පස්තෙරුන් වහන්සේලා |
| ලලාටේ තිලකා (තව) | ඔබේ නලලෙහි තිලකයක් මෙන් ජාත වූ සේක (වසන සේක). |
| සෙසාසීති මහාථේරා | සෙසු අසූ මහා ශ්‍රාවක තෙරුන් වහන්සේලා |
| විජිතා ජිනසාවකා | කෙලෙස් සතුරන් පරදවා ජයලද බුදු සව්වෝ |
| ජලන්තා සීලතේජේන | සිල් තෙදින් බබලමින් |
| අංග මංගේසු සණ්ඨිතා | ඔබේ අඟපසගෙහි පිහිටියාහු ය. |
| රතනං පුරතෝ ආසී | ඔබේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය. |
| දක්ඛිණේ මෙත්තසුත්තකං | දකුණේ මෙත්ත සූත්‍රය ද |
| ධජග්ගං පච්ඡතෝ ආසි, | පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද පිහිටියේ ය, |
| වාමේ අංගුලිමාලකං | වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය. |
| ඛන්ධ මෝර පරිත්තංච | කඳ පිරිත සහ මෝර පිරිත ද |
| ආටානාටිය සුත්තකං | ආටානාටිය සූත්‍රය ද |
| ආකාසච්ඡදනං ආසී | ඔබට අහසෙහි සෙවනක් (වියනක්) මෙන් විය, |
| සේසා පාකාර සඤ්ඤිතා | සෙසු සියලු පිරිත් ඔබ අවට ප්‍රාකාර මෙන්ද පිහිටියාහු ය. |
| ජිනානා බල සංයුත්තේ | තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අණ බෙලෙන් යුතු වූ, |
| ධම්මපාකාරලංකතේ | ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර වූ, |
| වසතෝ තේ චතුකිච්චේන | සිවු ඉරියව්වෙන් වෙසෙන ඔබට, |
| සදා සම්බුද්ධ පඤ්ජරේ | හැම කල්හි සර්වඥ නමැති ජිනපඤජරයෙහි (බුදුමැදුරෙ) |
| වාතපිත්තාදි සඤ්ජාතා | වා පිත් ආදියෙන් හට ගන්නා වූද, |
| බාහිරජ්ඣත්තුපද්දවා | බාහිර වූ හා ආධ්‍යාත්මික වූ ද සියලු උවදුරු, |
| අසේසා විලයං යන්තු අනන්ත ගුණ තේජසා | අනන්ත ගුණ තෙදින් සර්ව ප්‍රකාරයෙන් (අශේෂයෙන්) දූරිභූත වේවා. |
| ජිනපඤ්ජර මජ්ක්‍ධට්ඨං | ජිනපඤ්ජර මධ්‍යගතව |
| විහරන්තං මහීතලේ | පොළෝ තලයෙහි වාසය කරණ ඔබ, |
| සදා පාලෙන්තු (ත්වං) සබ්බේ | හැම කල්හිම ආරක්ෂා කෙරෙත්වා |
| තේ මහාපුරිසා’සභා | ඒ සියලු මහා පුරුෂෝත්තමයන් වහන්සේලා. |
| ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ | මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂා ඇතිව, |
| ජිනානුභාවේන ජිතුපපද්දවො | ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව, |
| බුද්ධානුභාවේන හතාරි සංඝෝ | බුද්ධානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව, |
| චරාහි සද්ධම්මනුභාව පාලිතෝ | සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය. |
| ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ | මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂා ඇතිව, |
| ජිනානුභාවේන ජිතුපපද්දවො | ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව, |
| ධම්මානුභාවේන හතාරි සංඝෝ | ධම්මානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව, |
| චරාහි සද්ධම්මනුභාව පාලිතෝ | සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය. |
| ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ | මෙසේ ඒකාන්තයෙන් කරණ ලද මනා ආරක්ෂා ඇතිව, |
| ජිනානුභාවේන ජිතුපපද්දවො | ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව, |
| සංඝසානුභාවේන හතාරි සංඝෝ | සංඝානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව, |
| චරාහි සද්ධම්මනුභාව පාලිතෝ | සදහම් බලයෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය. |
| සද්ධම්ම පාකාර පරික්ඛිතොසි | ඔබ සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් වට කරන ලද්දේ වේ. |
| අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති | ආර්යයන් වහන්සේලා අට නම අට දිශාවන්හි වෙති. |
| එත්‍ථන්තරේ අට්ඨ නාථා භවන්ති | මේ අතරෙහි අට නාථයෝ (බුදුවරු) වෙති. |
| උද්ධං විතානං ව ජිනා ඨිතා (තේ) | ඔබට උඩුවියනක් සේ ජිනේන්ද්‍රයන් වහන්සේලා (සියලු බුදුවරු) වැඩ වෙසෙති. |
| හින්‍දන්තෝ මාරසෙනං | දස මරසෙන් පරදවමින් (බිඳිමින්) |
| (තව) සිරසි ඨීතෝ | ඔබගේ සිරසෙහි වැඩ සිටින සේක. |
| බොධිමාරුය්හ සත්ථා, | ජයසිරි මහ බෝ රුක්මුල විදුරසුන් අරා වැඩහිඳ, |
| මොග්ගල්ලානො සි වාමේ වසති භූජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ | මහ මුගලන් තෙරුන් වහන්සේ වම් පසෙහි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ දකුණු පසෙහිද, වසති. |
| ධම්මෝ මජ්ඣේ උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝර යොනිං | භවයෙන් මිදීම හේතුකොට ගෙන ධර්මය ලය මැද පවතී. මෝරයෝනියට |
| සම්පත්තෝ බොධිසත්තෝ චරණ යුගගතෝ භාණු ලොකේක නාථො | පැමිණියා වූ බෝසතාණන් වහන්සේ ද, හිරුමෙන් ලෝවැසියාට අසහාය සරණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද පා යුවලට ගිය සේක. |
| සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං | සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද |
| සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා | සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද |
| සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං | සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල |
| බුද්ධානුභාව පවරේණ පයාතුනාසං | බුද්ධ රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවෙත්වා (විනාශයට පත් වේවා). |
| සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං | සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද |
| සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා | සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද |
| සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං | සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල |
| ධම්මානුභාව පවරේණ පයාතුනාසං | ධම්ම රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවෙත්වා (විනාශයට පත් වේවා). |
| සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං | සියලු අවමඟුල්, උවදුරු සහ නපුරු නිමිති ද |
| සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා | සියලු රෝග පීඩා, ග්‍රහදෝෂ සහ අශේෂ නින්දා ද |
| සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං | සියලු අන්තරාය, භය සහ නපුරු සිහින යන මේ සියල්ල |
| සංඝානුභාව පවරේණ පයාතුනාසං | සංඝ රත්නයේ උතුම් ආනුභාවයෙන් දුරුවෙත්වා (විනාශයට පත් වේවා). |