මුල් පිටුව
ජිනපඤ්ජර පරිත්තං
ජයාසන ගතා වීරා ජය අසුන් අරා වැඩහිඳ සේනා සහිත මරසෙන් පරදවා සිවුසස් අමා රසය පානය කොට වදාළ ලෝක නායක මුනීශ්වර වූ තණ්හංකරාදි යම් අටවිසි බුදුවරු වෙත්ද, උන්වහන්සේලා (ඔබේ) මස්තකයෙහි (හිස මත) වැඩ වසන සේක.
ජෙත්වා මාරං සවාහිණිං,
චතුසච්චාමතරසං, යේ පිවිංසු නරාසහා
තණ්හංකරාදයො බුද්ධා,
අට්ඨවීසති නායකා,
සබ්බේ පතිටිඨිතා (තුය්හං) මත්‍ථකේ (තේ) මුනිස්සරා
සිරේ පතිට්ඨිතා බුද්ධා, (ඔබේ) සිරසෙහි බුදුවරු වැඩ වෙසෙති. දෑසෙහි ධර්මය පිහිටියේ ය. ලයෙහි සියලු ගුණයට ආකරයක් වූ මහ සඟරුවන වෙසෙයි.
ධම්මෝ ච
(තව) ලොචනේ,
සංඝෝ පතිට්ඨිතෝ (තුය්හං)
උරේ සබ්බ ගුණාකරෝ
හදයේ අනුරුද්ධෝ ච, හදවතේ අනුරුද්ධ තෙරුණුවෝ ද දකුණුපස සැරියුත් තෙරුණුවෝ ද පසුභාගයෙහි කොණ්ඩඤ්ඤ තෙරුණුවෝ ද වම්පස මුගලන් තෙරුණුවෝ ද වෙති.
සාරිපුත්තෝ ච දක්ඛිණේ
කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං
මොග්ගල්ලානො සි වාමකේ
දක්ඛිණේ සවණෙ (තුය්හං) දකුණු කණෙහි ආනන්ද රාහුල තෙරවරු ද වාම ශ්‍රෝතසයෙහි කාශ්‍යප මහානාම තෙරුන් වහන්සේලා වසන සේක.
ආහුං ආනන්ද රාහුලා
කස්සපෝ ච මහානාමො,
උභ‌ොසුං වාමසෝතකේ
කෙසන්තේ පිට්ඨිභාගස්මිං, කේශාන්තයේ හා පසුභාගයෙහි සමෘද්ධි සම්පන්නව හිරුමෙන් බබළන සෝභිත නම් මුනි උතුමාණෝ පිහිටිය හ.
සුරියෝවිය පභංකරෝ
නිසින්නෝ සිරිසම්පන්නෝ
සෝහිතො මුනි පුංගවො
කුමාර කස්සපෝ නාම විචිත්‍ර කථිකයන් අතුරෙන් අගතැන්පත් ගුණයන්ට ආකර වූ කුමාර කාශ්‍යප නම් මහා සෘෂින් වහන්සේ මුහුනෙහි නිතර පිහිටි සේක.
මහේසි චිත්‍රවාදකෝ
සො (තුය්හං) වදනේ නිච්චං,
පතිට්ඨාසි ගුණාකරෝ
පුණේණෝ අංගුලිමාලෝච පුණ්ණ අංගුලිමාල උපාලි නන්ද, සීවලි යන පස්තෙරුන් වහන්සේලා ඔබේ නලලෙහි තිලකයක් මෙන් වසන සේක.
උපාලී නන්ද සීවලී
ථේරා පඤ්ච ඉමේ ජාතා
ලලා‍ටේ තිලකා (තව)
සෙසාසීති මහාථේරා කෙලෙස් සතුරන් පරදවා ජයලද, සිල් තෙදින් බබලන බුදු සව් සෙසු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ඔබේ අඟපසගෙහි පිහිටියාහු ය.
විජිතා ජිනසාවකා
ජලන්තා සීලතේජේන
අංග මංගේසු සණ්ඨිතා
රතනං පුරතෝ ආසී ඔබේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය. දකුණේ මෙත්ත සූත්‍රය ද පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය.
දක්ඛිණේ මෙත්තසුත්තකං
ධජග්ගං පච්ඡතෝ ආසි,
වාමේ අංගුලිමාලකං
ඛන්ධ මෝර පරිත්තංච කඳ පිරිත, මෝර පිරිත ආටානාටිය සූත්‍රය ඔබට අහසෙහි සෙවනක් මෙන්ද සෙසු සියලු පිරිත් ඔබ අවට ප්‍රාකාර මෙන්ද පිහිටියාහු ය.
ආටානාටිය සුත්තකං
ආකාසච්ඡදනං ආසී
සේසා පාකාර සඤ්ඤිතා
ජිනානා බල සංයුත්තේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අණ බෙලෙන් යුතු ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර වූ සර්වඥ නමැති ජිනපඤජරයෙහි (බුදුමැදුරෙ) හැම කල්හි සිවු ඉරියව්වෙන් වෙසෙන ඔබට
ධම්මපාකාරලංකතේ
වසතෝ තේ චතුකිච්චේන
සදා සම්බුද්ධ පඤ්ජරේ
වාතපිත්තාදි සඤ්ජාතා වා පිත් ආදියෙන් හට ගන්නා වූද ආධ්‍යාත්මක බාහිරවූ ද සියලු උවදුරු අනන්ත ගුණ තෙදින් සර්ව ප්‍රකාරයෙන් දූරිභූත වේවා.
බාහිරජ්ඣත්තුපද්දවා
අසේසා විලයං යන්තු අනන්ත ගුණ තේජසා
ජිනපඤ්ජර මජ්ක්‍ධට්ඨං ජිනපඤ්ජ මධ්‍යගතව පොළෝ තලයෙහි වාසය කරණ ඔබ ඒ සියලු පුරුෂෝත්තමයන් වහන්සේලා හැම කල්හිම ආරක්ෂා කෙරෙත්වා
විහරන්තං මහීතලේ
සදා පාලෙන්තු (ත්වං) සබ්බේ
තේ මහාපුරිසා’සභා
ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද ආරක්ෂා ඇතිව ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව බුද්ධානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව සදහම් බෙලෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය.
ජිනානුභාවේන ජිතුපපද්දවො
බුද්ධානුභාවේන හතාරි සංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද ආරක්ෂා ඇතිව ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව ධම්මානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව සදහම් බෙලෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය.
ජිනානුභාවේන ජිතුපපද්දවො
ධම්මානුභාවේන හතාරි සංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
ඉච්චේවමච්චන්ත කතෝ සුරක්ඛෝ මෙසේ ඒකාන්තයෙන් කරණ ලද ආරක්ෂා ඇතිව ජිනේන්ද්‍රයන් වහන්සේගේ ආනුභාවයෙන් දිනන ලද උවදුරු ඇතුව සංඝානුභාවයෙන් නසන ලද සතුරු සමූහයා ඇතුව සදහම් බෙලෙන් ආරක්ෂා කරන ලදුව හැසිරෙන්නේය.
ජිනානුභාවේන ජිතුපපද්දවො
සංඝසානුභාවේන හතාරි සංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
සද්ධම්ම පාකාර පරික්ඛිතොසි ඔබ සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් වට කරන ලද්දේ වේ. ආර්යයන් වහන්සේලා අට නම අට දිශාවන්හි වෙති. මේ අතරෙහි අටබුදුවරු වෙති. ඔබට උඩුවියනක් සේ සියලු බුදුවරු වෙසෙති.
අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
එත්‍ථන්තරේ අට්ඨ නාථා භවන්ති
උද්ධං විතානං ව ජිනා ඨිතා (තේ)
හින්‍දන්තෝ මාරසෙනං හිරුමෙන් ලෝවැසියාට අසහාය සරණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයසිරි මහ බෝ රුක්මුල විදුරසුන් අරා වැඩහිඳ, දස මරසෙන් පරදවමින් (බිඳිමින්) ඔබගේ සිරසෙහි සිටි සේක.
(තව) සිරසි ඨීතෝ
බොධිමාරුය්හ සත්ථා,
මොග්ගල්ලානො සි වාමේ වසති භූජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ මහ මුගලන් තෙරුන් වහන්සේ වම් පසෙහි ද, සැරියුත් මහ තෙරුන් වහන්සේ දකුණු පසෙහිද, වසති.
ධම්මෝ මජ්ඣේ උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝර යොනිං භවයෙන් මිදීම හේතුකොට ගෙන ධර්මය ලය මැද පවතී. මෝරයෝනියට පැමිණියා වූ බෝසතාණන් වහන්සේ පා යුවලට ගිය සේක.
සම්පත්තෝ බොධිසත්තෝ චරණ යුගගතෝ භාණු ලොකේක නාථො
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු, නපුරු නිමිති, රෝග පීඩා ග්‍රහදෝෂ නින්දා, ගර්හා, භය, නපුරු සිහින යන මේ සියල්ල බුද්ධ රත්නයේ ආනුභාවයෙන් දුරුවෙත්වා.
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාව පවරේණ පයාතුනාසං
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු, නපුරු නිමිති, රෝග පීඩා ග්‍රහදෝෂ නින්දා, ගර්හා, භය, නපුරු සිහින යන මේ සියල්ල ධම්ම රත්නයේ ආනුභාවයෙන් දුරුවෙත්වා.
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
ධම්මානුභාව පවරේණ පයාතුනාසං
සබ්බාවමංගලමුපද්දවදුන්නිමිත්තං සියලු අවමඟුල්, උවදුරු, නපුරු නිමිති, රෝග පීඩා ග්‍රහදෝෂ නින්දා, ගර්හා, භය, නපුරු සිහින යන මේ සියල්ල සංඝ රත්නයේ ආනුභාවයෙන් දුරුවෙත්වා.
සබ්බීතිරෝග ගහදොසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
සංඝානුභාව පවරේණ පයාතුනාසං
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.