ජය පරිත්තං
ජය පිරිත · Jaya Piritha · Jaya Parittaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
3:22
ජය පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
සිරි ධිති මති තේජෝශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
ජයසිද්ධි මහිද්ධි මහා ගුණ සාගරස්සජය සිද්ධි මහා ඉර්ධි සහ මහා ගුණ සාගරයක් වැනි වූ,
අපරිමිත පුඤ්ඤාධිකාරස්සඅප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
සබ්බන්තරාය නිවාරණ සමත්ථස්සසකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,
ද්වත්තිංස මහාපුරිසලක්ඛණානුභාවේනදෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේනඅසූ අනු භ්‍යඤ්ජන ලකුණු අනුහසින් ද,
අට්ඨුත්තරසතමංගලලක්ඛණානුභාවේනඑකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
ඡබ්බණ්ණරංස්‍යානුභාවේනසවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
කේතුමාලානුභාවේනකේතුමාලාවේ අනුහසින් ද,
දස පාරමිතානුභාවේනදස පාරමිතා අනුහසින් ද,
දස උප පාරමිතානුභාවේනදස උපපාරමිතා අනුහසින් ද,
දස පරමත්ථ පාරමිතානුභාවේනදස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
සීලසමාධිපඤ්ඤානුභාවේනසීල සමාධි ප්‍රඥාවන්ගේ අනුහසින් ද,
බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේනබුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
තේජානුභාවේනතේජස්වල අනුහසින් ද,
ඉද්ධ්‍යානුභාවේනඉර්ධියේ ආනුභාවයෙන් ද,
බලානුභාවේනබලයන්ගේ ආනුභාවයෙන් ද,
ඤෙය්‍යධම්මානුභාවේනදතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේනඅසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
නවලොකුත්තරධම්මානුභාවේනනව ලොව්තුරු දහමේ අනුහසින් ද,
අට්ඨංගිකමග්ගානුභාවේනආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
අට්ඨසමාපත්‍යානුභාවේනඅට සමවත් අනුහසින් ද,
ඡළභිඤ්ඤානුභාවේනෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
මෙත්තා කරැණා මුදිතා උපේක්ඛානුභාවේනමෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවන්ගේ ආනුභාවයෙන් ද,
සබ්බපාරමිතානුභාවේනසියලු පාරමිතාවන්ගේ අනුහසින් ද,
රතනත්තයසරණානුභාවේනතෙරුවන් සරණේ අනුහසින් ද,
සබ්බේ (තේ) සෝක රෝගඔබගේ සියලු ශෝක ද, රෝග ද,
දුක්ඛදොමනස්සුපායාසාසියලු දුක් දොම්නස් සහ උපායාසයන් ද,
විනස්සන්තුවිනාශ වේවා.
සබ්බසංකප්පා (තුය්හං) සමිජ්ඣන්තුඔබගේ සියලු පැතුම් ඉටුවේවා.
දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදාසැමදා දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
ආකාස පබ්බත වනභූමි තටාකඅහස පර්වත වන භූමි තටාකයන්ද,
ගංගා මහාසමුද්දගංගා හා මහා සමුද්‍රයන්හි ද,
ආරක්ඛක දේවතාඅධිගෘහිත වූ සියලු රක්‍ෂක දෙවියෝ,
සදා තුම්හේ අනුරක්ඛන්තුසදාකල්හිම ඔබ රැක දේවා,
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේනසියලු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේනබුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේනඅසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ ආනුභාවයෙන් ද,
පිටකත්තයානුභාවේනතුන් පිටකයේ ආනුභාවයෙන් ද,
ජිනසාවකානුභාවේනබුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
සබ්බේ තේ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ තේ අන්තරායා, සබ්බේ තේ උපද්දවා, සබ්බේ තේ දුන්නිමිත්තා, සබ්බේ තේ අවමංගලා විනස්සන්තුඔබගේ සියලු රෝග, බිය, අන්තරායන්, උවදුරු, අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා.
ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදාසැමදා ආයුෂ වැඩේවා, ධනය වැඩේවා, සිරිය වැඩේවා, යසස වැඩේවා, බලය වැඩේවා, පැහැය වැඩේවා, සැපය වැඩේවා.
දුක්ඛා රොග භයාවේරා සොකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසාඒ තේජසින් සියලු දුක්, රෝග, බිය, වෛර, ශෝක, උවදුරු සහ අනේකවිධ අන්තරායයන් ද විනාශ වේවා.
ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරි ආයුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සාච ආයූ ච ජිවසිද්ධි භවන්තු තේඔබට ජයග්‍රහණය, ධනය, ලාභ, යහපත, භාග්‍යය, සැප, බලය, ශ්‍රියාව, ආයුෂ සහ වර්ණය ද, සම්පත් සහ යසසෙහි දියුණුව ද ලැබේවා! ඔබ සතවසක් ආයු වළඳමින් ජීවිතයේ සාර්ථකත්වය ලබත්වා!
https://pitaka.lk/pirith/pages/56-jaya-parittam.html