| මහාකාරුණිකෝ නාථෝ | මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සියලු සත්‍වයන්ට හිත සුව පිණිස පාරමිතා පුරා බුදූබවට පැමිණිහ. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා |
| හිතාය සබ්බපාණිනං | |
| පූරෙත්වා පාරමී සබ්බා | |
| පත්තෝ සම්බෝධිමුත්තමං | |
| එතේන සච්චවජ්ජේන | |
| හෝතු (තේ) ජයමංගලං |
| ජයන්තෝ බෝධියා මූලේ | ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා! |
| සක්‍යානං නන්දිවද්ධනෝ | |
| ඒවං (තුය්හං) ජයෝ හෝතු | |
| ජයස්සු ජයමංගලං |
| සක්කත්වා බුද්ධරතනං | දෙව් මිනිසුන්ට හිත සුව සලසන්නා වූ බුද්ධ රත්නය උතුම් බෙහෙතකි. ඒ තෙජසින් මගේ සියලු උවදුරු නැසේවා! සියලු දුක් දුරුවේවා! |
| ඕසධං උත්තමං වරං | |
| හිතං දේවමනුස්සානං | |
| බුද්ධ තේජේන සොත්ථිනා | |
| නස්සන්තුපද්දවා සබ්බේ | |
| දුක්ඛා වූපසමෙන්තු (තේ) |
| සක්කත්වා ධම්මරතනං | කෙළෙස් ගින්නෙන් ඇතිවන දැවිල්ල සංසිදුවන ධර්ම රත්නය උතුම් බෙහෙතකි. ඒ තේජසින් ඔබගේ සියලු උවදුරු නැසේවා! සියලු භය දූරු වේවා! |
| ඕසධං උත්තමං වරං | |
| පරිළාවූපසමණං | |
| ධම්මතේජේන සොත්ථිනා | |
| නස්සන්තුපද්දවා සබ්බේ | |
| භයා වූපසමෙන්තු (තේ) |
| සක්කත්වා සංඝරතනං | දුරසිට ගෙනවුත් පුදන සිව්පසය පිළිගැනීමට සුදුසු සංඝරත්නය උතුම් බෙහෙතකි, ඒ තේජසින් ඔබගේ සියලු උවදුරු නැසේවා! සියලු රෝග දුරු වේවා! |
| ඕසධං උත්තමං වරං | |
| ආහුනෙය්‍යං පාහුනෙය්‍යං | |
| සංඝ තේජේන සොත්ථිනා | |
| නස්සන්තු’පද්දවා සබ්බේ | |
| රෝගා වූපසමෙන්තු (තේ) |
| යං කිඤ්චි රතනං ලෝකේ | මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක් බුද්ධ රත්නයට සම කළ නොහැක. ඒ සත්‍යයෙන් ඔබට සියලු යහපත වේවා! |
| විජ්ජති විවිධා පුථු | |
| රතනං බුද්ධසමං නත්ථි | |
| තස්මා සොත්ථි භවන්තු (තේ) |
| යං කිඤ්චි රතනං ලෝකේ | මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක් ධර්ම රත්නයට සම කළ නොහැක. ඒ සත්‍යයෙන් ඔබට සියලු යහපත වේවා! |
| විජ්ජති විවිධා පුථු | |
| රතනං ධම්මසමං නත්ථි | |
| තස්මා සොත්ථි භවන්තු (තේ) |
| යං කිඤ්චි රතනං ලෝකේ | මේ පෙළොතලෙහි ඇති කිසිම වස්තුවක් සංඝ රත්නයට සම කළ නොහැක. ඒ සත්‍යයෙන් ඔබට සියලු යහපත වේවා! |
| විජ්ජති විවිධා පුථු | |
| රතනං සංඝසමං නත්ථි | |
| තස්මා සොත්ථි භවන්තු (තේ) |
| නත්ථි මේ සරණං අඤ්ඤං | බුදුරජාණන් වහනසේ මට එකම සරණ වන සේක. අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා! |
| බුද්ධෝ මේ සරණං වරං | |
| ඒතේන සච්චවජ්ජේන | |
| හෝතු (තේ) ජයමංගලං |
| නත්ථි මේ සරණං අඤ්ඤං | ධර්ම රත්නය මට එකම සරණ වන සේක. අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා! |
| ධම්මෝ මේ සරණං වරං | |
| ඒතේන සච්චවජ්ජේන | |
| හෝතු (තේ) ජයමංගලං |
| නත්ථි මේ සරණං අඤ්ඤං | සංඝ රත්නය මට එකම සරණ වන සේක. අන් කිසිම සරණක් නැත. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා! |
| සංඝෝ මේ සරණං වරං | |
| ඒතේන සච්චවජ්ජේන | |
| හෝතු (තේ) ජයමංගලං |
| සබ්බීතියෝ විවජ්ජන්තු | සියලු උවදුරු දුරු වේවා! සියලු රෝග විනාශ වේවා! කිසිම අනතුරක් නොවේවා! දීර්ඝායුෂ සැප ලැබේවා! |
| සබ්බරෝගෝ විනස්සතු | |
| මා (තේ) භවත්වන්තරායෝ | |
| සුඛී දීඝායුකෝ භව |
| භවතු සබ්බමංගලං | හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො රකිත්වා! සියලු බුදුවරුනගේ බලයෙන් ඔබට සැම දා සුව සෙත් වේවා! |
| රක්ඛන්තු සබ්බ දේවතා | |
| සබ්බබුද්ධානු භාවේන | |
| සදා සොත්ථි භවන්තු (තේ) |
| භවතු සබ්බමංගලං | හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො රකිත්වා! සියලු ධර්මරත්නයේ බලයෙන් ඔබට සැම දා සුව සෙත් වේවා! |
| රක්ඛන්තු සබ්බ දේවතා | |
| සබ්බධම්මානු භාවේන | |
| සදා සොත්ථි භවන්තු (තේ) |
| භවතු සබ්බමංගලං | හැම මංගල්‍යක්ම වේවා! සියලු දෙවියො රකිත්වා! සියලු සංඝරත්නයේ බලයෙන් ඔබට සැම දා සුව සෙත් වේවා! |
| රක්ඛන්තු සබ්බ දේවතා | |
| සබ්බසංඝානු භාවේන | |
| සදා සොත්ථි භවන්තු (තේ) |
| නක්ඛත්ත යක්ඛ භූතානං | නක්ෂත්‍ර ග්‍රහ අපලයන් ද, යක්ෂභූතයනගෙන් හා පාපී ග්‍රහයන්ගෙන් වන දොසයන් ද, සියලු උපද්‍රවයන් ද පිරිතේ අනුහසින් දුරු වේවා! |
| පාපග්ගහනිවාරණා | |
| පරිත්තස්සානු’භාවේන | |
| හන්තු තේසං උපද්දවේ |
| යං දුනිමිත්තං අවමංගලඤ්ච | දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන සියල්ල බුද්ධානු භාවයෙන් විනාශ වෙත්වා!. |
| යො චා’ මනාපො සකුණස්ස සද්දො | |
| පාපග්ගහො දුස්සුපිනං අකන්තං | |
| බුද්ධා’නුභාවේන විනාසමෙන්තු |
| යං දුනිමිත්තං අවමංගලඤ්ච | දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන සියල්ල ධම්මානු භාවයෙන් විනාශ වෙත්වා!. |
| යො චා’ මනාපො සකුණස්ස සද්දො | |
| පාපග්ගහො දුස්සුපිනං අකන්තං | |
| ධම්මා’නුභාවේන විනාසමෙන්තු |
| යං දුනිමිත්තං අවමංගලඤ්ච | දුර්නිමිති, අවමංගල, අයහපත් පක්‍ෂීන් හැඩූ හඬ, පාප ග්‍රහ, දොෂ, නරක හීන පෙනීම යන සියල්ල සංඝානු භාවයෙන් විනාශ වෙත්වා!. |
| යො චා’ මනාපො සකුණස්ස සද්දො | |
| පාපග්ගහො දුස්සුපිනං අකන්තං | |
| සංඝා’නුභාවේන විනාසමෙන්තු |
| දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා | දුකට පත්වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා |
| භයප්පත්තා ච නිබ්භයා | බියට පත්වූ සියලු සත්වයෝ බියෙන් මිදෙත්වා |
| සොකප්පත්තා ච නිස්සෝකා | ශෝකයට පත්වූ සියලු සත්වයෝ ශෝක නොවෙත්වා! |
| හොන්තු සබ්බේපි පාණිනෝ |
| දානං දදන්තු සද්ධාය | ශ්‍රද්ධාවෙන් දන් පුදනු ලබත්වා |
| සීලං රක්ඛන්තු සබ්බදා | හැමකල්හි සීලය සුරකිත්වා |
| භාවනාභිරතා හොන්තු | භාවනාවේ ඇලී වසන්නෝ වෙත්වා |
| ගච්ඡන්තු දේවතාගතා | (ඒ සියලු පිනෙන්) දෙවියන්ගේ සහභාගයට යෙත්වා |
| සබ්බේ බුද්ධා බලප්පත්තා | සියලු බුදු ගුණ බලයෙන් |
| පච්චේකානඤ්ච යං බලං | පසේ බුදු ගුණ බලයෙන් |
| අරහන්තානඤ්ච තේජේන | රහතුන් ගේ ද තේජසින් |
| රක්ඛං බන්ධාම සබ්බසෝ | සැමට රැකවරණ වේවා. |
| සබ්බේ බුද්ධා බලප්පත්තා | සියලු බුදු ගුණ බලයෙන් |
| පච්චේකානඤ්ච යං බලං | පසේ බුදු ගුණ බලයෙන් |
| අරහන්තානඤ්ච තේජේන | රහතුන් ගේ ද තේජසින් |
| රක්ඛං බන්ධාම සබ්බසෝ | සැමට රැකවරණ වේවා. |
| සබ්බේ බුද්ධා බලප්පත්තා | සියලු බුදු ගුණ බලයෙන් |
| පච්චේකානඤ්ච යං බලං | පසේ බුදු ගුණ බලයෙන් |
| අරහන්තානඤ්ච තේජේන | රහතුන් ගේ ද තේජසින් |
| රක්ඛං බන්ධාම සබ්බසෝ | සැමට රැකවරණ වේවා. |