මුල් පිටුව
මහා ජයමංගල ගාථා
මහාකාරුණිකෝ නාථෝ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ,
හිතාය සබ්බපාණිනං සියලු සත්වයන්ගේ හිත සුව පිණිස,
පූරෙත්වා පාරමී සබ්බා සියලු පාරමිතාවන් පුරා,
පත්තෝ සම්බෝධිමුත්තමං උතුම් වූ සම්මා සම්බෝධියට පැමිණි සේක.
එතේන සච්චවජ්ජේන ඒ සත්‍ය වචනයේ බලයෙන්,
හෝතු (තේ) ජයමංගලං ඔබට ජය මංගල්‍යයක් වේවා!
ජයන්තෝ බෝධියා මූලේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී ජයග්‍රහණය කළා වූ ද,
සක්‍යානං නන්දිවද්ධනෝ ශාක්‍යයන්ගේ ආනන්දය වර්ධනය කළා වූ ද, (බුදුරජාණන් වහන්සේ සේ)
ඒවං (තුය්හං) ජයෝ හෝතු එලෙසින්ම ඔබට ද ජයග්‍රහණයක් වේවා!
ජයස්සු ජයමංගලං ජය මංගල්‍යයක් ම වේවා!
සක්කත්වා බුද්ධරතනං බුද්ධ රත්නයට සත්කාර කිරීමෙන්,
ඕසධං උත්තමං වරං උතුම් වූ ශ්‍රේෂ්ඨ ඖෂධයක් බඳු වූ,
හිතං දේවමනුස්සානං දෙවි මිනිසුන්ට හිතසුව සලසන්නා වූ,
බුද්ධ තේජේන සොත්ථිනා බුද්ධ තේජසින් සහ සත්‍යයෙන්,
නස්සන්තුපද්දවා සබ්බේ සියලු උපද්‍රව විනාශ වෙත්වා!
දුක්ඛා වූපසමෙන්තු (තේ) (ඔබගේ) දුක් සංසිඳේවා!
සක්කත්වා ධම්මරතනං ධර්ම රත්නයට සත්කාර කිරීමෙන්,
ඕසධං උත්තමං වරං උතුම් වූ ශ්‍රේෂ්ඨ ඖෂධයක් බඳු වූ,
පරිළාවූපසමණං කෙළෙස් දැවිල්ල සංසිඳුවන්නා වූ,
ධම්මතේජේන සොත්ථිනා ධර්ම තේජසින් සහ සත්‍යයෙන්,
නස්සන්තුපද්දවා සබ්බේ සියලු උපද්‍රව විනාශ වෙත්වා!
භයා වූපසමෙන්තු (තේ) (ඔබගේ) සියලු භය සංසිඳේවා!
සක්කත්වා සංඝරතනං සංඝ රත්නයට සත්කාර කිරීමෙන්,
ඕසධං උත්තමං වරං උතුම් වූ ශ්‍රේෂ්ඨ ඖෂධයක් බඳු වූ,
ආහුනෙය්‍යං පාහුනෙය්‍යං දුර සිට ගෙනැවිත් පිදීමට ද, අමුත්තන් උදෙසා පුදන දේ පිළිගැනීමට ද සුදුසු වූ,
සංඝ තේජේන සොත්ථිනා සංඝ තේජසින් සහ සත්‍යයෙන්,
නස්සන්තු’පද්දවා සබ්බේ සියලු උපද්‍රව විනාශ වෙත්වා!
රෝගා වූපසමෙන්තු (තේ) (ඔබගේ) සියලු රෝග සංසිඳේවා!
යං කිඤ්චි රතනං ලෝකේ මේ ලෝකයෙහි යම්කිසි රත්නයක් ඇත්ද,
විජ්ජති විවිධා පුථු (එම) විවිධ වූ නොයෙක් රත්නයන් අතරින්,
රතනං බුද්ධසමං නත්ථි බුද්ධ රත්නයට සමාන කළ හැකි රත්නයක් නැත.
තස්මා සොත්ථි භවන්තු (තේ) ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් ම වේවා!
යං කිඤ්චි රතනං ලෝකේ මේ ලෝකයෙහි යම්කිසි රත්නයක් ඇත්ද,
විජ්ජති විවිධා පුථු (එම) විවිධ වූ නොයෙක් රත්නයන් අතරින්,
රතනං ධම්මසමං නත්ථි ධර්ම රත්නයට සමාන කළ හැකි රත්නයක් නැත.
තස්මා සොත්ථි භවන්තු (තේ) ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් ම වේවා!
යං කිඤ්චි රතනං ලෝකේ මේ ලෝකයෙහි යම්කිසි රත්නයක් ඇත්ද,
විජ්ජති විවිධා පුථු (එම) විවිධ වූ නොයෙක් රත්නයන් අතරින්,
රතනං සංඝසමං නත්ථි සංඝ රත්නයට සමාන කළ හැකි රත්නයක් නැත.
තස්මා සොත්ථි භවන්තු (තේ) ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක් ම වේවා!
නත්ථි මේ සරණං අඤ්ඤං මට වෙනත් සරණක් නැත,
බුද්ධෝ මේ සරණං වරං බුදුරජාණන් වහන්සේ මට එකම උතුම් සරණ වන සේක.
ඒතේන සච්චවජ්ජේන ඒ සත්‍ය වචනයේ බලයෙන්,
හෝතු (තේ) ජයමංගලං ඔබට ජය මංගල්‍යයක් වේවා!
නත්ථි මේ සරණං අඤ්ඤං මට වෙනත් සරණක් නැත,
ධම්මෝ මේ සරණං වරං ධර්ම රත්නය මට එකම උතුම් සරණ වන සේක.
ඒතේන සච්චවජ්ජේන ඒ සත්‍ය වචනයේ බලයෙන්,
හෝතු (තේ) ජයමංගලං ඔබට ජය මංගල්‍යයක් වේවා!
නත්ථි මේ සරණං අඤ්ඤං මට වෙනත් සරණක් නැත,
සංඝෝ මේ සරණං වරං සංඝ රත්නය මට එකම උතුම් සරණ වන සේක.
ඒතේන සච්චවජ්ජේන ඒ සත්‍ය වචනයේ බලයෙන්,
හෝතු (තේ) ජයමංගලං ඔබට ජය මංගල්‍යයක් වේවා!
සබ්බීතියෝ විවජ්ජන්තු සියලු උවදුරු දුරු වේවා!
සබ්බරෝගෝ විනස්සතු සියලු රෝග විනාශ වේවා!
මා (තේ) භවත්වන්තරායෝ ඔබට කිසිම අනතුරක් නොවේවා!
සුඛී දීඝායුකෝ භව සුවපත් වූ දීර්ඝායුෂ ඇත්තෙක් වේවා!
භවතු සබ්බමංගලං සියලු මංගල්‍යයන් වේවා!
රක්ඛන්තු සබ්බ දේවතා සියලු දෙවියෝ ඔබ රකිත්වා!
සබ්බබුද්ධානු භාවේන සියලු බුදුවරුන්ගේ අනුහසින්,
සදා සොත්ථි භවන්තු (තේ) ඔබට සැමදා සුව සෙත් වේවා!
භවතු සබ්බමංගලං සියලු මංගල්‍යයන් වේවා!
රක්ඛන්තු සබ්බ දේවතා සියලු දෙවියෝ ඔබ රකිත්වා!
සබ්බධම්මානු භාවේන සියලු ධර්මයන්ගේ අනුහසින්,
සදා සොත්ථි භවන්තු (තේ) ඔබට සැමදා සුව සෙත් වේවා!
භවතු සබ්බමංගලං සියලු මංගල්‍යයන් වේවා!
රක්ඛන්තු සබ්බ දේවතා සියලු දෙවියෝ ඔබ රකිත්වා!
සබ්බසංඝානු භාවේන සියලු සංඝයාගේ අනුහසින්,
සදා සොත්ථි භවන්තු (තේ) ඔබට සැමදා සුව සෙත් වේවා!
නක්ඛත්ත යක්ඛ භූතානං නක්ෂත්‍ර, යක්ෂ සහ භූතයන්ගේ ද,
පාපග්ගහනිවාරණා පාපී ග්‍රහ දෝෂයන්ගේ නිවාරණයක් වූ,
පරිත්තස්සානු’භාවේන මේ පිරිතේ අනුහසින්,
හන්තු තේසං උපද්දවේ ඔවුන්ගෙන් වන සියලු උපද්‍රව විනාශ වේවා!
යං දුනිමිත්තං අවමංගලඤ්ච යම් දුර්නිමිත්තක් ද, අවමංගල්‍යයක් ද,
යො චා’ මනාපො සකුණස්ස සද්දො යම් අමනාප වූ පක්ෂීන්ගේ හඬක් ද,
පාපග්ගහො දුස්සුපිනං අකන්තං පාප ග්‍රහ දෝෂයන් සහ නපුරු හීන ද වේ ද,
බුද්ධා’නුභාවේන විනාසමෙන්තු ඒ සියල්ල බුද්ධානුභාවයෙන් විනාශ වෙත්වා!
යං දුනිමිත්තං අවමංගලඤ්ච යම් දුර්නිමිත්තක් ද, අවමංගල්‍යයක් ද,
යො චා’ මනාපො සකුණස්ස සද්දො යම් අමනාප වූ පක්ෂීන්ගේ හඬක් ද,
පාපග්ගහො දුස්සුපිනං අකන්තං පාප ග්‍රහ දෝෂයන් සහ නපුරු හීන ද වේ ද,
ධම්මා’නුභාවේන විනාසමෙන්තු ඒ සියල්ල ධම්මානුභාවයෙන් විනාශ වෙත්වා!
යං දුනිමිත්තං අවමංගලඤ්ච යම් දුර්නිමිත්තක් ද, අවමංගල්‍යයක් ද,
යො චා’ මනාපො සකුණස්ස සද්දො යම් අමනාප වූ පක්ෂීන්ගේ හඬක් ද,
පාපග්ගහො දුස්සුපිනං අකන්තං පාප ග්‍රහ දෝෂයන් සහ නපුරු හීන ද වේ ද,
සංඝා’නුභාවේන විනාසමෙන්තු ඒ සියල්ල සංඝානුභාවයෙන් විනාශ වෙත්වා!
දුක්ඛප්පත්තා ච නිද්දුක්ඛා දුකට පත්වූවෝ නිදුක් වෙත්වා,
භයප්පත්තා ච නිබ්භයා බියට පත්වූවෝ බියෙන් නිදහස් වෙත්වා,
සොකප්පත්තා ච නිස්සෝකා ශෝකයට පත්වූවෝ ශෝකයෙන් මිදෙත්වා,
හොන්තු සබ්බේපි පාණිනෝ සියලු සත්වයෝම එසේ වෙත්වා!
දානං දදන්තු සද්ධාය ශ්‍රද්ධාවෙන් දන් පුදනු ලබත්වා
සීලං රක්ඛන්තු සබ්බදා හැමකල්හි සීලය සුරකිත්වා
භාවනාභිරතා හොන්තු භාවනාවේ ඇලී වසන්නෝ වෙත්වා
ගච්ඡන්තු දේවතාගතා පැමිණියා වූ දෙවියෝ (පින් අනුමෝදන් වී) ආපසු යත්වා!
සබ්බේ බුද්ධා බලප්පත්තා සියලු බුදුවරයන් වහන්සේලා බලප්‍රාප්ත ය,
පච්චේකානඤ්ච යං බලං පසේ බුදුවරයන් වහන්සේලාගේ ද යම් බලයක් ඇත් ද,
අරහන්තානඤ්ච තේජේන රහතන් වහන්සේලාගේ ද යම් තේජසක් ඇත් ද,
රක්ඛං බන්ධාම සබ්බසෝ ඒ සියල්ලෙහි අනුහසින් මම සර්වප්‍රකාරයෙන් ආරක්‍ෂාව සලසමි.

මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.