සෙත් පිරිත්English

වට්ටක පරිත්තං

වට්ටක පිරිත · Wattaka Piritha · Vaṭṭaka Parittaṃ

සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
2:01
හඬ බාගන්න

වට්ටක පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

වට්ට සුත්තවට්ටක සූත්‍රය
පූරෙන්තං බෝධි සම්භාරේබුදු බව පතා බෝධි සම්භාරයන් පුරන්නාවූ
නිබ්බත්තං වට්ටක ජාතියංවටු කුලයේ උපන්නාවූ
යස්ස තේජේන දාවග්ගියම් කෙනෙකුගේ තේජසින් ලැව් ගින්න
මහාසත්තං විවජ්ජයිමහා සත්වයන් වහන්සේ මඟහැර ගියේද
ථේරස්ස සාරිපුත්තස්සසැරියුත් තෙරුන් වහන්සේට
ලෝකනාථේන භාසිතංලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද
කප්පට්ඨායි මහාතේජංකල්පයක් පවතින මහා තේජසක් ඇති
පරිත්තං තං භණාමහේඒ පිරිත අපි සජ්ඣායනා කරමු
අත්ථි ලෝකේ සීලගුණෝලෝකයෙහි සීල ගුණය ඇත්තේය
සච්චං සෝචෙය්‍යනුද්දයාසත්‍යය ද, පිරිසිදු බව ද, කරුණාව ද ඇත්තේය
තේන සච්චේන කාහාමිඒ සත්‍යයේ බලයෙන් මම කරමි
සච්චකිරියමනුත්තරංඋතුම් වූ සත්‍ය ක්‍රියාවක්
ආවජ්ජිත්වා ධම්මබලංදහම් බලය මෙනෙහි කොට
සරිත්වා පුබ්බකෙ ජිනෙපෙර වැඩසිටි බුදුවරයන් වහන්සේලා සිහිකොට
සච්චබල’මපස්සායසත්‍ය බලය පිහිට කරගෙන
සච්චකිරිය’මකාස’හංමම මේ සත්‍ය ක්‍රියාව කළෙමි
සන්තිපක්ඛා අපතනාපියාපත් ඇතත් පියෑඹිය නොහැකිය
සන්තිපාදා අවඤ්චනාපාද ඇතත් ඇවිදිය නොහැකිය
මාතා පිතා ච නික්ඛන්තාමව්පියෝ ද මා හැර ගියහ
ජාතවේද පටික්කමඑම්බා ගින්න, පසුබසිනු (ආපසු යව)
සහසච්චේ කතෙ මය්හංමා විසින් සත්‍ය ක්‍රියාව කළ සැණින්
මහාපජ්ජලිතෝ සිඛීමහත්වූ දැල්වෙන ගින්න
වජ්ජේසි සෝළස කරීසානිකිරීස දහසයක් දුරට මඟහැර ගියේය
උදකං පත්වා යථා සිඛීජලයට පැමිණි ගින්නක් නිවී යන්නාක් මෙනි
සච්චේන මේ සමෝ නත්ථිමාගේ සත්‍යයට සමාන වූ අන් කිසිවක් නැත
ඒසා මේ සච්ච පාරමීමෙය මාගේ සත්‍ය පාරමිතාවයි
වට්ට සුත්ත නිට්ඨිතංවට්ටක සූත්‍රය නිමි.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴