| ගිරිමානන්ද සුත්තං | ගිරිමානන්ද සූත්‍රය. |
| එවං | මෙසේ |
| මෙ | මා විසින් |
| සුතං | අසන ලදී |
| එකං සමයං | එක් සමයෙක |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| සාවත්ථියං | සැවත් නුවර |
| විහරති | වැඩ වසන සේක |
| ජෙතවනෙ | ජේතවනයෙහි වූ |
| අනාථපිණ්ඩිකස්ස | අනේපිඬු මහ සිටුහු ගේ |
| ආරාමෙ | ආරාමයෙහි |
| තෙන ඛො පන සමයෙන | එ සමයෙහි වනාහි |
| ආයස්මා ගිරිමානන්දො | ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම |
| ආබාධිකො හොති | ආබාධ ඇති වූයේ වෙයි |
| දුක්ඛිතො | දුඃඛිත වූයේ |
| බාළ්හගිලානො | දැඩි ගිලන් වූයේ. |
| අථ ඛො | ඉක්බිති |
| ආයස්මා ආනන්දො | ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම |
| යෙන | යම් තැනෙක ද |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| තෙන | එතැනට |
| උපසංකමි | එළඹියේ ය |
| උපසංකමිත්වා | එසේ එළඹ |
| භගවන්තං | බුදුරදුන් |
| අභිවාදෙත්වා | වැඳ |
| එකමන්තං | එකත්පසෙක |
| නිසීදී | හුන්නේ ය |
| එකමන්තං | එකත්පසෙක |
| නිසින්නො ඛො | හුන්නාවු ම |
| ආයස්මා ආනන්දො | ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම |
| භගවන්තං | භාග්‍යවතුන් වහන්සේට |
| එතදවොච | මෙය කීයේ ය |
| ආයස්මා | ආයුෂ්මත් |
| භන්තෙ | වහන්ස |
| ගිරිමානන්දො | ගිරිමානන්ද ස්ථවිර තෙම |
| ආබාධිකො හොති | ආබාධයෙන් යුක්ත ය |
| දුක්ඛිතො | දුඃඛිත ය |
| බාළ්හගිලානො | දැඩි සේ ගිලන් ය. |
| සාධු | මැනවි |
| භන්තෙ | ස්වාමීනි |
| භගවා | භාග්‍යවතුන් වහන්ස |
| යෙන ආයස්මා ගිරිමානන්දො | ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම යම් තැනෙක වෙසේද |
| තෙන | එතැනට |
| උපසංකමතු | එළඹෙන සේක් නම් |
| අනුකම්පං උපාදායාති | අනුකම්පා පිණිස. |
| සචෙ ඛො | ඉදින් වනාහි |
| ත්වං ආනන්ද | ආනන්දය ඔබ |
| ගිරිමානන්දස්ස භික්ඛුනො | ගිරිමානන්ද භික්ෂුහු ගේ සමීපයට |
| උපසංකමිත්වා | එළඹ |
| දස සංඤ්ඤා | දශ සංඥාවන් |
| භාසෙය්‍යාසි | කියන්නෙහි නම් |
| ඨානං ඛො පනෙතං | මේ කාරණය වනාහි |
| විජ්ජති | විද්‍යමාන වෙයි. |
| යං | යමක් වේද (කුමක්ද?) |
| ගිරිමානන්දස්ස භික්ඛුනො | ගිරිමානන්ද භික්ෂු නම |
| දස සඤ්ඤා සුත්වා | දශ සංඥාවන් අසා |
| සො ආබාධො | ඒ ආබාධය තෙම |
| ඨානසො | වහා |
| පටිප්පස්සම්භෙය්‍යය | සංසිඳෙන්නේ ය යන මෙය. |
| කතමෙ දශ? | කවර දසසංඥාවක් ද යත්? |
| අනිච්ච සඤ්ඤා | අනිත්‍ය සංඥා ය |
| අනත්ත සඤ්ඤා | අනාත්ම සංඥා ය |
| අසුබ සඤ්ඤා | අසුබ සංඥා ය |
| ආදීනව සඤ්ඤා | ආදීනව සංඥා ය |
| පහාණ සඤඤා | ප්‍රහාණ සංඥා ය |
| විරාග සඤ්ඤා | විරාග සංඥා ය |
| නිරොධ සංඤ්ඤා | නිරෝධ සංඥා ය |
| සබ්බලෝකෙ අනභිරත සඤ්ඤා | සියලු ලෝකයෙහි අනභිරත සංඥා ය |
| සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා | සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥා ය |
| ආනාපාන සති | ආනාපාන සතිය යනු යි. |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| අනිච්ච සඤ්ඤා | අනිත්‍ය සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතොවා | ආරණ්‍යගත වූයේ හෝ |
| රුක්ඛමූල ගතො වා | රුක්මුලකට ගියේ හෝ |
| සුඤ්ඤාගාර ගතො වා | ශූන්‍යාගාරයකට ගියේ හෝ |
| ඉති පටිසංචික්ඛති | මෙසේ නුවණින් සලකයි |
| රූපං අනිච්චං | රූපස්කන්ධය අනිත්‍ය ය |
| වෙදනා අනිච්චා | වේදනාස්කන්ධය අනිත්‍ය ය |
| සඤ්ඤා අනිච්චා | සංඥාස්කන්ධය අනිත්‍ය ය |
| සංඛාරා අනිච්චා | සංස්කාරස්කන්ධය අනිත්‍ය ය |
| විඤ්ඤාණං අනිච්චං ඉති | විඤ්ඤාණස්කන්ධය අනිත්‍යය කියායි |
| ඉති | මෙසේ |
| ඉමෙසු පඤ්චසු උපාධානක්ඛන්ධෙසු | මේ උපාදානස්කන්ධ පඤ්චකයෙහි |
| අනිච්චානුපස්සි විහරති | අනිත්‍ය ලක්ෂණය නැවත නැවත බලමින් වෙසෙයි |
| අයං වුච්චති ආනන්ද අනිච්චසඤ්ඤා | ආනන්දය, මේ අනිත්‍ය සංඥාය’යි කියනු ලැබේ |
| කතමා ච | කවරේ ද |
| ආනන්ද | ආනන්දය |
| අනත්තසඤ්ඤා | අනාත්ම සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතො වා | අරණ්‍යගත වූයේ හෝ |
| රුක්ඛමූලගතො වා | රුක්මුලකට ගියේ හෝ |
| සුඤ්ඤාගාර ගතො වා | ශුන්‍යාගාර ගත වූයේ හෝ |
| ඉති | මෙසේ |
| පටිසංභික්ඛති | නුවණින් සිතයි |
| චක්ඛුං අනත්තා | ඇස අනාත්ම ය |
| රූපං අනත්තා | රූපය අනාත්ම ය |
| සොතං අනත්තා | කන අනාත්ම ය |
| සද්දා අනත්තා | ශබ්දයෝ අනාත්ම ය |
| ඝාණං අනත්තා | නාසය අනාත්ම ය |
| ගන්ධා අනත්තා | ගන්ධයෝ අනාත්ම ය |
| ජිව්හා අනත්තා | දිව අනාත්ම ය |
| රසා අනත්තා | රසයෝ අනාත්ම ය |
| කායෝ අනත්තා | කය අනාත්ම ය |
| පොට්ඨබ්බා අනත්තා | ස්පර්ශයෝ අනාත්ම ය |
| මනො අනත්තා | මනස අනාත්ම ය |
| ධම්මා අනත්තා | ධර්මයෝ අනාත්ම ය |
| ඉති | යනුයි. |
| ඉති | මෙසේ |
| ඉමෙසු ඡසු අජ්ඣත්තික බාහිරෙසු ආයතනෙසු | මේ ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද ෂඩායතනයන් කෙරෙහි |
| අනත්තානු පස්සි විහරති | අනාත්ම ලක්ෂණ අනුව බලමින් වාසය කෙරෙයි |
| අයං වුච්චති ආනන්ද අනත්ත සඤ්ඤා | ආනන්දය, මේ අනාත්ම සංඥාය යි කියනු ලැබේ. |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| අසුභ සඤ්ඤා | අශුභ සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| ඉමමෙවකායං | මේ ශරීරය ම, |
| උද්ධං පාදතලා | පල්ලෙන් උඩ |
| අධො කෙසමත්ථකා | කෙස් මතුයෙන් යට |
| තචපරියන්තං | සම කෙළවර කොට ඇති, |
| පූරං නානප්පකාරස්ස අසුචිනො | නානාප්‍රකාර වූ අසූචියෙන් පිරුණේය යි |
| පච්චවෙක්ඛති | ප්‍රත්‍යවේක්ෂා කෙරේද |
| අත්ථි | ඇත්තාහු |
| ඉමස්මිං කායෙ | මේ ශරීරයෙහි |
| කෙසා | කේසයෝ ය |
| ලොමා | ලෝමයෝ ය |
| නඛා | නිය ය |
| දන්තා | දත් ය |
| තචෝ | සම ය |
| මංසං | මස් ය |
| නහාරු | නහර ය |
| අට්ඨි | ඇට ය |
| අට්ඨිමිඤ්ජා | ඇට මිදුලු ය |
| වක්කං | වකුගඩු ය |
| හදයං | හෘදය මාංශ ය |
| යකනං | අක්මාව ය |
| කිලොමකං | දලබුව ය |
| පිහකං | බඩදිව ය |
| පස්ඵාසං | පපුව ය |
| අන්තං | බඩවැල ය |
| අන්තගුණං | අතුනුබහන ය |
| උදරියං | අමු අහර ය |
| කරිසං | මල ය |
| පිත්තං | පිත ය |
| සෙම්හං | සෙම ය |
| පුබ්බො | පූයා ය |
| ලොහිතං | ලේ ය |
| සෙදො | ඩහදිය ය |
| මෙදො | මේද තෙල ය |
| අස්සු | කඳුළු ය |
| වසා | වුරුණු තෙල ය |
| ඛෙලො | කෙළ ය |
| සිංඝාණිකා | මුකුණු ය (සොටු ය) |
| ලසිකා | සඳමිදුලු ය |
| මුත්තං ඉති | මුත්‍ර ය යන මොහු. |
| ඉති | මෙසේ |
| ඉමස්මිං කායෙ | මේ ශරීරයෙහි |
| අසුභානුපස්සී | අසුභය අනුව බලමින් |
| විහරති | වාසය කෙරෙයි. |
| අයං වුච්චති ආනන්ද අසුභ සඤ්ඤා | ආනන්දය, මේ අසුභ සංඥාය යි කියනු ලැබේ. |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| ආදීනව සඤ්ඤා | ආදීනව සඤ්ඤාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතො වා | අරණ්‍ය ගතවූයේ හෝ |
| රුක්ඛමූලගතො වා | රුක්මුලකට ගියේ හෝ |
| සුද්ඤාගාරගතො වා | ශුන්‍යගාර ගතවූයේ හෝ |
| ඉති | මෙසේ |
| පටිසංභික්ඛති | නුවණින් සිතයි |
| බහුදුක්ඛො අයං කායො | මේ ශරීරය තෙම, බොහෝ දුක් ඇත්තේ වෙයි |
| බහු ආදීනවො | බොහෝ ආදීනව ඇත්තේ වෙයි |
| ඉති | මෙසේ |
| ඉමස්මිං කායෙ | මේ ශරීරයෙහි |
| විවිධා ආබාධා | බොහෝ ආබාධයෝ |
| උප්පජ්ජන්ති | උපදිති |
| සෙය්‍යථිදං? | ඒ කවරහුද යත්? |
| චක්ඛු රොගො | ඇස් රෝගය ද |
| සොත රොගො | කර්ණ රෝගය ද |
| ඝාණ රොගො | නාසිකා රෝගය |
| ජිව්හා රොගො | දිවේ ඇතිවන රෝගය |
| කාය රොගො | කයෙහි ඇතිවන රෝග ය |
| සීස රොගො | හිසෙහි ඇතිවන රෝගය |
| කණ්ණ රොගො | කර්ණ මූලයෙහි ඇතිවන රෝග ය |
| මුඛ රොගො | මුඛයෙහි ඇතිවන රෝගය |
| දන්ත රොගො | දන්ත රෝගය |
| කාසො | කාස ය |
| සාසො | ස්වාස ය |
| පිනාසො | පීනස ය |
| ඩහො | දැවිල්ල ය |
| ජරො | උණ ය |
| කුච්ජි රොගො | උදර රෝගය |
| මූච්ජා | මූර්ච්ඡාව ය |
| පක්ඛන්දිතා | අතීසාරය |
| සූලා | ශූලය (දැඩි වේදනාව) ය |
| විසූචිකා | විසූචිකා ය |
| කුට්ඨං | කුෂ්ඨ ය |
| ගණ්ඩො | ගඩු ය |
| කිලාසො | කිලාස ය |
| සොසො | සෝස ය |
| අපමාරො | අපස්මාරය |
| දද්දු | දද ය |
| කණ්ඩු | කැසීම ය (කණ්ඩුතිය) |
| කච්ඡු | කච්ඡු නම් කුෂ්ඨ රෝග ය |
| රඛසා | නියෙන් කැසූ තැන වන රෝග ය |
| විතච්ඡිකා | විචර්චිකා නම් වූ කුෂ්ඨ රෝග ය |
| ලොහිත පිත්තං | රත් පිත ය |
| මධුමෙහො | මධුමෙහ ය |
| අංසා | අංශ රෝග ය |
| පිළිකා | පිළිකා ය |
| භගන්දලා | භගන්දලා ය |
| පිත්ත සමුට්ඨානා ආබාධා | පිත්තෙන් ඇතිවන රෝග ය |
| සෙම්හ සමුට්ඨානා ආබාධා | සෙමෙන් හට ගන්නා රෝග ය |
| වාත සමුට්ඨානා ආබාධා | වාතයෙන් හට ගන්නා රෝග ය |
| සන්නිපාතිකා ආබාධා | තුන් දොසින් වන රෝග ය |
| උතුපරිණාමජා ආබාධා | ඍතු පෙරළියෙන් ඇතිවන රෝග ය |
| විසමපරිහාරජා ආබාධා | විෂම පරිහාරයෙන් ඇතිවන රෝග ය |
| ඔපක්කමිකා ආබාධා | උපක්‍රමයෙන් වන රෝග ය |
| කම්මවිපාකජා ආබාධා | කර්ම විපාකයෙන් වන රෝග ය |
| සීතං | සීත ය |
| උණහං | උෂ්ණය |
| ජීඝච්ඡා | ක්ෂුධා ය |
| පිපාසා | පිපාස ය |
| උච්චාරො | අහර මල ය |
| පස්සාවො’ති | පස්සාව ය යි (මූත්‍රය) |
| ඉති | මෙසේ |
| ඉමස්මිං කායෙ | මේ සිරුරෙහි |
| ආදීනවානුපස්සී | ආදීනව අනුව බලමින් |
| විහරති | වෙසෙයි |
| අයං වුච්චති ආනන්ද ආදීනව සඤ්ඤා | ආනන්දය, මේ ආදීනව සංඥාය යි කියනු ලැබේ. |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| පහාන සඤ්ඤා | ප්‍රහාණ සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| උප්පන්නං කාම විතක්කං | උපන් කාම විතර්කය |
| නාධි වාසෙති | නො ඉවසා ද |
| පජහති | අත්හරී ද |
| විනොදෙති | දුරු කෙරේ ද |
| ඛ්‍යන්ති කරොති | නැති කෙරේ ද |
| අනභාවං ගමෙති | අභාවයට පමුණුවා ද |
| උප්පන්නං ව්‍යාපාද විතක්කං | උපන් ව්‍යාපාද විතර්කය |
| නාධි වාසෙති | නො ඉවසා ද |
| පජහති | අත්හරි ද |
| විනොදෙති | දුරු කෙරේ ද |
| ඛ්‍යන්ති කරොති | නැති කෙරේ ද |
| අනභාවං ගමෙති | අභාවයට පමුණුවා ද |
| උප්පන්නං විහිංසා විතක්කං | උපන්නා වූ විහිංසා විතර්කය |
| නාධි වාසෙති | නො ඉවසා ද |
| පජහති | අත්හරී ද |
| විනොදෙති | දුරු කෙරේ ද |
| ඛ්‍යන්ති කරොති | නැති කෙරේ ද |
| අනභාවං ගමෙති | අභාවයට පමුණුවා ද |
| උප්පන්නුප්පන්නෙ | උපනුපන් |
| පාපකෙ අකුසලෙ ධම්මෙ | පවිටු අකුසල ධර්මයන් |
| නාධි වාසෙති | නො ඉවසා ද |
| පජහති | අත්හරි ද |
| විනොදෙති | දුරු කෙරේ ද |
| ඛ්‍යන්ති කරොති | නැති කෙරේ ද |
| අනභාවං ගමෙති | අභාවයට පමුණුවා ද |
| අයං වුච්චති ආනන්ද පහාණ සඤ්ඤා | ආනන්දය, මේ පහාණ සංඥාය යි කියනු ලැබේ |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| විරාග සඤ්ඤා | විරාග සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතො වා | අරණ්‍ය ගතවූයේ හෝ |
| රුක්ඛමූලගතො වා | වෘක්ෂ මූලයකට ගියේ හෝ |
| සුද්ඤාගාරගතො වා | ශුන්‍යගාර ගතවූයේ හෝ |
| ඉති පටිසංවික්ඛති | මෙසේ සිතයි |
| එතං සන්තං | මේ ශාන්ත ය |
| එතං පණීතං | මේ ප්‍රණීත ය |
| යදිදං | යම් මේ |
| සබ්බ සංඛාර සමථො | සියලු සංස්කාරයන්ගේ සංසිඳී ම ය |
| සබ්බුපධිපටිනිස්සගො | සියලු කෙලෙසුන් දුරලීම ය |
| තණ්හක්ඛයො | තෘෂ්ණාව ක්ෂය කිරීම ය |
| විරාගො | නො ඇලීම ය |
| නිබ්බාණාත්ති | නිර්වාණය යනු යි |
| අයං වුච්චති ආනන්ද විරාග සඤ්ඤා | ආනන්දය, මේ විරාග සංඥාය යි කියනු ලැබේ |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| නිරොධ සඤ්ඤා | නිරොධ සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතො වා | අරණ්‍යගත වූයේ හෝ |
| රුක්ඛමූලගතො වා | වෘක්ෂ මූලයකට ගියේ හෝ, |
| සුඤ්ඤාගාරගතො වා | ශුන්‍යාගාරයකට ගියේ හෝ |
| ඉති පටිසංචික්ඛති | මෙසේ සිතයි |
| එතං සන්තං | මේ ශාන්ත ය |
| එතං පණීතං | මේ ප්‍රණීත ය |
| යද්දිං | යම් මේ |
| සබ්බ සංඛාර සමථො | සියලු සංස්කාරයන්ගේ සංසිඳී ම ය |
| සබ්බුපධිපටිනිස්සග්ගො | සියලු කෙලෙසුන් දුරලීම ය |
| තණ්හක්ඛයො | තෘෂ්ණාව ක්ෂය කිරීම ය |
| නිරොධො | නිරෝධ ය |
| නිබ්බාණන්ති | නිර්වානය යනුයි |
| අයං වුච්චති ආනන්ද නිරොධ සඤ්ඤා | ආනන්දය, මේ නිරොධ සංඥාය යි කියනු ලැබේ |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| සබ්බ ලොකෙ අනභිරත සඤ්ඤා | මුලුලොව නො ඇලීමේ සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| යෙ ලොකෙ උපායූපාදානා | ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි යයි කියන ලද යම් උපායයෝ වෙත් ද, යම් උපාදාන කෙනෙක් වෙත් ද. |
| චෙතසො | සිත පිළිබඳ |
| අධිට්ඨානාභිනිවෙසා | පිහිටියා වූ ශාස්වත නම් ලද අභිනිවෙසයෝ වෙත් ද |
| අනුසයො | අනුසය නම් ලද යම් වැදහෙව පැවැති කෙලෙස් වෙත් ද |
| තෙ පජහන්තො | ඔවුන් පහකරමින් |
| විරමති න උපාදින්තො | නො ගනිමින්, නො ඇලේ ද |
| අයං වුච්චති ආනන්ද සබ්බ ලොකෙ අනභිරත සඤ්ඤා | ආනන්දය, මේ මුලුලොව නො ඇලීමේ සංඥාය යි කියනු ලැබේ |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| සබ්බ සංඛාරෙසු | සියලු සංස්කාර ධර්මයන්හි |
| අනිච්ච සඤ්ඤා | අනිත්‍ය සංඥාව |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| සබ්බ සංඛාරෙහි | සියලු සංස්කාර ධර්මයන් කෙරෙන් |
| අට්ටියති | පීඩාවට පත් වේ ද |
| හරායති | ලජ්ජා වේ ද |
| ජිගුච්ඡති | පිළිකුල් කෙරේ ද |
| අයං වුච්චති ආනන්ද සබ්බ සංඛාරෙසු අනිච්ච සඤ්ඤා | ආනන්දය, සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය සංඥාය යි කියනු ලැබේ |
| කතමා ච | කවරී ද |
| ආනන්ද | ආනන්දය |
| ආනාපාන සති | ආනාපාන සතිය |
| ඉධ ආනන්ද | ආනන්දය, මේ සස්නෙහි |
| භික්ඛු | මහණතෙම |
| අරඤ්ඤගතො වා | අරණ්‍යගත වූයේ හෝ |
| රුක්ඛමූලගතො වා | වෘක්ෂ මූලයකට ගියේ හෝ |
| සුඤ්ඤාගාරගතො වා | ශුන්‍යගාරයකට ගියේ හෝ |
| නිසිදති | හිඳියි |
| පල්ලකං ආභුජිත්වා | පලක් බැඳ |
| උජුං කායං පණීධාය | උඩුකය ඇද නැතිව මනාව පිහිටුවා ගෙන |
| පරිමුඛං සතිං උපට්ඨපෙත්වා | අරමුණෙහි සිහිය එළවා |
| සො | ඒ මහණතෙම |
| සතොව | සිහි ඇත්තේ ම |
| අස්ස සති | ආශ්වාස කෙරේ ද |
| සතො | සිහි ඇත්තේ ම |
| පස්ස සති | ප්‍රාශ්වාස කෙරේ ද |
| දීඝං වා | දීර්ඝ කොට |
| අස්ස සන්තො | ආශ්වාස කරන්නේ හෝ |
| දීඝං අස්ස සාමීති පජනාති | දීර්ඝ කොට ආශ්වාස කෙරෙමි’යි දන්නේ ය |
| දීඝං වා පස්ස සන්තො | දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ |
| දීඝං පස්ස සාමිති පජනාති | දීර්ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනියි |
| රස්සං වා අස්ස සන්තො | කෙටිව ආශ්වාස කරන්නේ හෝ |
| රස්සං අස්ස සාමීති පජනාති | ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දනියි |
| රස්සං වා පස්ස සන්තො | කෙටිව ප්‍රශ්වාස කරන්නේ හෝ |
| රස්සං පස්සසාමී’ති පජනාති | ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දනියි |
| සබ්බකාය පටිසංවේදී | සියලු ආශ්වාසකය දන්නේ |
| අස්ස සිස්සාමීති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| සබ්බකාය පටිසංවේදී | සියලු ප්‍රශ්වාස කය දන්නේ |
| පස්ස සිස්සාමීති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි. |
| පස්සංභයං කාය සංඛාරං | කාය සංස්කාරය හෙවත් ආශ්වාසය සංසිඳුවන්නෙමි |
| අස්සසාමි’ති | ආශ්වාස කෙරෙමි’ යි |
| සික්ඛති | හික්මෙයි |
| පස්සංභයං කාය සංඛාරං | කාය සංස්කාරය හෙවත් ආශ්වාසය සංසිඳුවන්නෙමි |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| පීතිපටිසංවේදී | ප්‍රීතිය විඳිමින් |
| අස්සසිස්සාමි ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| පීතිපටිසංවේදී | ප්‍රීතිය විඳිමින් |
| පස්සසිස්සාමි’ති | ප්‍රාශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| සුඛපටිසංවේදී | සුව විඳිමින් |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| සුඛපටිසංවේදී | සුව විදිමින් |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| චිත්තසංඛාර පටිසංවේදී | චිත්ත සංස්කාරය විඳිමින් |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| චිත්ත සංඛාර පටිසංවේදී | චිත්ත සංස්කාරය විඳිමින් |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි. |
| පස්සම්භයං චිත්ත සංඛාරං | චිත්ත සංස්කාරය සංසිඳු වන්නෙම් |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| පස්සම්භයං චිත්ත සංඛාරං | චිත්ත සංස්කාරය සංසිඳු වන්නෙම් |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’ යි |
| සික්ඛති | හික්මෙයි |
| චිත්තපටිසංවේදී | සිත් පහළ කෙරෙමින් |
| අස්සසිස්සාමි’යි | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි. |
| චිත්තපටිසංවේදී | සිත් පහළ කෙරෙමින් |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’ යි |
| සික්ඛති | හික්මෙයි. |
| අධිප්පමොදයං චිත්තං | සමථ විදර්ශනා දෙකින් සිත ඉතා සතුටු කෙරෙමින් |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| අභිප්පමොදයං චිත්තං | සමථ විදර්ශනා දෙකින් සිත ඉතා සතුටු කෙරෙමින් |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| සමාදහං චිත්තං | ආශ්වාසයෙහි(අරමුණක්) සිත පිහිටු වන්නේමි’යි |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි යි |
| සික්ඛති | හික්මෙයි. |
| සමාදහං චිත්තං | ආශ්වාසයෙහි(අරමුණක්) සිත පිහිටු වන්නේමි’යි |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි. |
| විමොචයං චිත්තං | නීවරණයන් ගෙන් සිත මුදන්නෙමි |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| විමොචයං චිත්තං | නීවරණයන් ගෙන් සිත මුදන්නෙමි |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’ යි |
| සික්ඛති | හික්මෙයි |
| අනිච්චානුපස්සි | අනිත්‍ය ලක්ෂණ නැවත නැවත දකින්නේ |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’ යි |
| සික්ඛති | හික්මෙයි |
| අතිච්චානුපස්සි | අනිත්‍ය ලක්ෂණ නැවත නැවත දකින්නේ |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| විරාගානුපස්සි | විරාගය නැවත නැවත දකින්නේ |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| විරාගානුපස්සි | විරාගය නැවත නැවත දකින්නේ |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| නිරෝධානුපස්සි | නිරෝධය නැවත නැවත දකිනේ |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| නිරෝධානුපස්සී | නිරෝධය නැවත නැවත දකිනේ |
| පස්සසිස්සාමි’ති | ප්‍රශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| පටිනිස්සග්ගානුපස්සි | කෙලෙසුන්ගෙන් මිදීම නැවත නැවත දකින්නේ |
| අස්සසිස්සාමි’ති | ආශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| පටිනිස්සග්ගානුපස්සි | කෙලෙසුන්ගෙන් මිදීම නැවත නැවත දකින්නෙම් |
| පස්සසිස්සාමි’ති | ප්‍රාශ්වාස කෙරෙමි’යි |
| සික්ඛති | හික්මෙයි |
| අයං වුච්චති ආනන්ද ආනාපානසති | ආනන්දය, මේ ආනාපානසති යි කියනු ලැබේ. |
| සචෙ ඛො | ඉදින් වනාහි |
| ත්වං ආනන්ද | ආනන්දය ඔබ |
| ගිරිමානන්දස්ස භික්ඛුනො | ගිරිමානන්ද භික්ෂුහු ගේ සමීපයට |
| උපසංකමිත්වා | එළඹ |
| ඉමා දස සංඤ්ඤා | මේ දශ සංඥාවන් |
| භාසෙය්‍යාසි | කියන්නෙහි නම් |
| ඨානං ඛො පනෙතං | මේ කාරණය වනාහි |
| විජ්ජති | විද්‍යමාන වෙයි. |
| යං | යමක් වේද (කුමක්ද?) |
| ගිරිමානන්දස්ස භික්ඛුනො | ගිරිමානන්ද භික්ෂු නම |
| ඉමා දස සඤ්ඤා සුත්වා | මේ දශ සංඥාවන් අසා |
| සො ආබාධො | ඒ ආබාධය තෙම |
| ඨානසො | වහා |
| පටිප්පස්සම්භෙය්‍ය ඉති | සංසිඳෙන්නේ ය යන මෙය. |
| අථ ඛො | ඉක්බිති |
| ආයස්මා ආනන්දො | ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම |
| භගවතො සන්තිකෙ | භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහි |
| ඉමා දස සඤ්ඤා | මේ දශ සංඥාවන් |
| උග්ගහෙත්වා | උගෙන |
| යෙන ආයස්මා ගිරිමානන්දො | ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂුනම යම් තැනෙක ද |
| තෙන | එ තැනට |
| උපසංකමි | එළඹියේ ය |
| උපසංකමිත්වා | එළඹ |
| ආයස්මතො ගිරිමානන්දස්ස | ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂු නමට |
| ඉමා දස සඤ්ඤා | මේ දස සංඥාවන් |
| අභාසි | වදාළහ. |
| අථ ඛො | ඉක්බිති |
| ආයස්මතො ගිරිමානන්දස්ස | ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂු නමගේ |
| ඉමා දස සඤ්ඤා සුත්වා | මේ දස සංඥාවන් අසා |
| සො ආබාධො | ඒ ආබාධය |
| ඨානසො | වහා |
| පටිප්පස්සම්හි | සංසිඳුනේ ය. |
| වුට්ඨාහි | නැගී සිටියේ ය |
| ආයස්මා ගිරිමානන්දො ච | ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙමේ ද |
| තම්හි ආබාධා | ඒ ආබාධයෙන්. |
| තථා පහීනො ච පනායස්මතො ගිරිමානන්‍දස්ස සො ආබාධො අහොසීති | ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂු නමගේ වනාහි, ඒ ආබාධය එසේ ම ප්‍රහීණ වීය යනුයි. |