| කරණීය මෙත්ත සුත්තං | කරණීය මෙත්ත සූත්‍රය. |
| කරණීයමත්ථකුසලෙන | අභිවෘද්ධියෙහි දක්ෂයා විසින් යමක් කටයුතු ද |
| යං තං | එය කටයුතු යි |
| සන්තං පදං | ශාන්ත පදය යි කියනු ලබන නිවනට |
| අභිසමෙච්ච | පැමිණ වසන්නහු විසින් |
| සක්කො | දක්ෂයෙක් ද |
| උජු ච | ඍජු ද |
| සූජූ ච | මනාකොට සෘජු ද |
| සුවචොචස්ස | (ඔහු) කීකරු වන්නේ ය |
| මුදු | මෘදු වන්නේ ය |
| අනතිමානි | නිහතමානී වන්නේ ය. |
| සන්තුස්සකො ච | ලද දෙයින් සතුටු වන්නේ ය |
| සුභරො ච | පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය |
| අප්ප කිච්චො ච | ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය |
| සල්ලහුක වුත්ති | සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය |
| සන්තින්ද්රියො ච | සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය |
| නිපකො ච | නුවණ ඇත්තෙක් වන්නේ ය |
| අප්ප ගබ්භො | ප්‍රගල්භය (හැඩි දැඩි අසංවර ගති) නැති වන්නේ ය |
| කුලෙසූ අනනුගිද්ධෝ | කුලයන් කෙරෙහි නො ඇලුනෙක් වන්නේ ය. |
| නච ඛුද්දං සමාචරෙ | ස්වල්ප වූ වරදකුදු නො කරන්නේ ය |
| කිඤ්චි යෙන | යම් බඳු ක්‍රියාවකින් |
| විඤ්ඤුපරෙ | නුවණැති අන් කෙනෙක් |
| උපවදෙය්‍යුං | නින්දා කෙරෙත් ද |
| සුඛිනො වා | සැප ඇත්තෝ වෙත්වා |
| ඛෙමිනො හොන්තු | භය නැත්තෝ වෙත්වා |
| සබ්බෙ සත්තා | සියලු සත්වයෝ |
| භවන්තු සුඛිතත්තා | සුඛිත සිත් ඇත්තෝ වෙත්වා |
| යෙ කෙචි | යම්කිසි |
| පාණභූතත්ථි | සත්ව කෙනෙක් වෙත් ද |
| තසා වා | (කෙලෙස් සහිත බැවින්) භයින් ත්‍රස්ත වූ හෝ |
| ථාවරා වා | නිර්භය හෙයින් ස්ථාවර වූ |
| අනවසෙසා | සියලු (ඉතිරිනොවූ) |
| දීඝා වා | දීර්ඝ ජාති ඇත්තාහු ද |
| යෙ | යම් සත්ව කෙනෙක් |
| මහන්තා වා | මහත් සිරුරු ඇත්තාහු ද |
| මජ්ඣිමා | මධ්‍යම ප්‍රමාණ සිරුරු ඇත්තෝ ද |
| රස්සකාණුකථූලා | මිටි සිරුරු ඇත්තෝ ද, ඉතා සියුම් සිරුරු ඇත්තෝ ද, ස්ථූල සිරුරු ඇත්තෝ ද |
| දිට්ඨා වා | ඇසට පෙනෙන්නා වූ හෝ |
| යෙව අද්දිට්ඨා | නොපෙනෙන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද |
| යෙච දූරෙ වසන්ති | යම් සත්ව කෙනෙක් දුර වෙසෙත් ද |
| අවිදූරෙ | නුදුරෙහි වෙසෙත් ද |
| භූතා වා | ඉපදීම අවසන් කළ සත්වයෝ වෙත් ද |
| සම්භවෙසී වා | ඉපදීම සොයන සත්වයෝ ද (යන) |
| සබ්බෙ සත්තා | සියලු සත්වයෝ |
| භවන්තු | වෙත්වා |
| සුඛිතත්තා | සුඛිත සිත් ඇත්තෝ |
| න | නොම |
| පරො | අනිකෙක් |
| පරං | අනිකකු |
| නිකුබ්බේථ | රවටන්නේ ය |
| නාතිමඤ්ඤෙථ | අවමන් නො කරන්නේ ය |
| කත්ථචි | කිසි තැනෙක්හි |
| නං කඤ්‌චි | ඒ කිසිවක් හට. |
| ඛ්‍යාරොසනා | කාය වාක් විකාරයෙන් වූ කෝපයෙන් ද |
| පටිඝසඤඤා | (මනෝ විකාරයෙන් වූ) පටිඝ සංඥායෙන් ද |
| නාඤ්ඤමඤ්ඤස්ස | එකෙක් අනෙකකුට (නොම) |
| දුක්ඛමිච්ඡෙය්‍ය | දුකක් කැමති නො වන්නේ ය. |
| මාතා | මවක් |
| යථා | යම්සේ |
| නියං පුත්තං | තමාගෙන් ඇති වූ |
| ආයුසා | දිවි පිදීමෙන් හෝ |
| එක පුත්තමනුරක්ඛෙ | එකම පුතු රකී ද? |
| එවම්පි | මෙසේ ද |
| සබ්බ භුතෙසු | හැම සතුන් කෙරෙහි |
| මානසං | මෛත්‍රී සිත |
| භාවයෙ | වඩන්නේ ය |
| අපරිමාණං | අප්‍රමාණ වූ |
| මෙත්තං ච | මෛත්‍රී සහගත ව |
| සබ්බ ලොකස්මිං | සියලු සත්වයන් කෙරෙහි |
| මානසං භාවයෙ | සිත වඩන්නේ ය |
| අපරිමාණං | අප්‍රමාණ වූ |
| උද්ධං ච | උඩ ද |
| අධො ච | යට ද |
| තිරියඤ් ච | සරස (හරස්ව) ද |
| අසම්බාධං | සම්බාධ නැතිව |
| අවෙරං | වෛර නැතිව |
| අසපත්තං | සතුරන් නැති |
| තිට්ඨං | සිටින්නේ හෝ |
| චරං | ඇවිදින්නේ හෝ |
| නිසින්නො වා | උන්නේ හෝ |
| සයානො වා | වැතිර සිටින්නේ හෝ |
| යාවතස්ස විගතමිධො | යම්තාක් කල් නොනිදා ද (ඒතාක්) |
| එතං සතිං | මේ මෛත්‍රී සහගත සිහිය |
| අධිට්ඨෙය්‍ය | ඉටන්නේ ය |
| බ්‍රහ්මමේතං විහාරං | මෙය බ්‍රහ්ම විහාරය (ශ්‍රේෂ්ඨ වාසය කිරීම) යි |
| ඉධමාහු | මේ ශාසනයෙහි (බුද්ධාදී උතුමෝ) කීහ. |
| දිට්ඨිඤ් ච | මීත්‍යාදෘෂ්ටියට |
| අනුපගම්ම | නො පැමිණ |
| සීලවා | සිල්වත් වූයේ |
| දස්සනෙන සම්පන්නෝ | දර්ශනයෙන් යුක්ත වූයේ |
| කාමෙසූ | වස්තුකාමයන්හි |
| විනෙය්‍ය ගෙධං | ගිජු බව දුරු කොට |
| නහි ජාතු | ඒකාන්තයෙන් නො එන්නේ යි |
| ගබ්භසෙය්‍යං | මවු කුස පිළිසිඳ ගැනීමට |
| පුනරෙති ති | නැවත |