පරාභව සුත්තං
පරාභව සූත්‍රය · Parabhawa Suthraya · Parābhava Suttaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
10:00
පරාභව සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
පරාභව සුත්තංපරාභව සූත්‍රය
එවං මෙ සුතංමේ සූත්‍ර ධර්මය මා විසින් මෙසේ අසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්යවතුන් වහන්සේ
සාවත්ථියං විහරතිසැවත් නුවර සමීපයෙහි වැඩ වසන සේක
ජෙතවනෙජේතවනයෙහි වූ
අනාථපිණ්ඩිකස්ස ආරාමෙඅනේපිඩු සිටුහුගේ ආරාමයෙහි
අථ ඛොඉක්බිත්තෙන්
අඤ්ඤතරා දෙවතාඑක්තරා දේවතාවෙක්
අභික්කන්තාය රත්තියාරාත්රිය පිළිබඳ ප්‍රථම යාමය ඉක්ම ගිය කල්හි
අභික්කන්තවණ්ණාඅතිශයින් මනෝඥ වූ වර්ණයෙන්
කෙවලකප්පං ජෙතවනංමුළු ජේතවන විහාරය
ඔභාසෙත්වාබබුලුවා
යෙන භගවාභාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි'ද
තෙනුපසඞ්කමිඑතැනට එළඹියේ ය
උපසඞ්කමිත්වාඑළඹ
භගවන්තං අභිවාදෙත්වාභාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ
එකමන්තං අට්ඨාසිඑකත්පසෙක්හි සිටියේ ය
එකමන්තං ඨිතා ඛොඑකත් පසෙක සිටියාම වූ
සා දෙවතාඒ දේවතාවා
භගවන්තංභාග්යවතුන් වහන්සේට
ගාථාය අජ්ඣභාසිගාථාවකින් මෙසේ සැළ කළේ ය
පරාභවන්තං පුරිසංපිරිහෙන්නා වූ පුරුෂයා (ගැන)
මයං පුච්ඡාම ගොතමංඅපි ගෞතමයන් වහන්සේ වෙතින් අසා දැනගනු පිණිස විචාරම්හ
භගවන්තං පුට්ඨුමාගම්මභාග්යවතුන් වහන්සේ විචාරනු පිණිස ආම්හ
කිං පරාභවතො මුඛංපිරිහෙන්නා වූ සත්වයාට ද්වාරය (කරුණ) කවරේ දැ? යි (විචාළා ය)
සුවිජානො භවං හොතිදියුණුවට පත්වෙන්නා සුවසේ දතහැකි වන්නේ'ය
සුවිජානො පරාභවොපිරිහෙන පුරුෂ තෙමේද සුවසේ දතහැකි වන්නේය
ධම්මකාමො භවං හොතිදසකුසල ධර්මයට කැමති තැනැත්තේ ලෞකික ලෝකෝත්තර සැපතින් වැඩෙන්නේ වෙයි
ධම්මදෙස්සී පරාභවොඒ දස කුසල ධර්මයට ද්වේෂිව පිළි නොපදින තැනැත්තේ ලෞකික ලෝකෝත්තර සැපතිත් පිරිහෙයි (වදාළ සේක)
ඉති හෙතං විජානාමමේ පරිහානි කාරණය වදාළ පරිද්දෙන් ම දනුම්හ
පඨමො සො පරාභවොඒ පළමුවැනි පරිහානි කාරණය යි
දුතියං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! දෙවැනි පිරිහෙන කාරණය වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහීමට දොරටුව (කරුණ) කවරේ ද?
අසන්තස්ස පියා හොන්ති(සද්ධර්මයට අකැමැති පිරිහීමට පැමිණෙන පුරුෂයා හට මිසදිටුගත්) අසත්පුරුෂයෝ ප්‍රිය වෙති
සන්තෙ න කුරුතෙ පියං(බුද්ධාදි) සත්පුරුෂයන් කෙරෙහි ප්‍රිය නො කෙරෙති
අසතං ධම්මං රොචෙතිඅසත්පුරුෂයන් ගේ (මිසදිටු) දහම රුචි කෙරේ
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුද්ගලයාගේ දොරටුව (කරුණ) වෙයි
ඉති හෙතං විජානාමමේ දෙවෙනි පරිහානි කාරණය වදාළ පරිදි ම දනුම්හ
දුතියො සො පරාභවොහේ දෙවෙනි පරිහානි කාරණය වන්නේ ය
තතියං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! තුන්වැනි පරිහානි කාරණය වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුද්ගලයා ගේ දොරටුව (කරුණ) කිමැ? යි
නිද්දාසීලී(යම් මිනිසෙක්) නිදනසුලු වේ ද?
සභාසීලීගණයා කෙරෙහි ඇලෙන සුලු වේ ද?
අනුට්ඨාතා ච යො නරොඋට්ඨාන වීර්‍ය්‍ය නැතියේ ද
අලසොඅලස ද
කොධපඤ්ඤාණොක්රෝධය ම ලකුණු කොට ඇත්තේ ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසේ හෙයින් තෙල කාරණය දනුම්හ
තතියො සො පරාභවොඒ තෙවෙනි පරාභවයැ යි
චතුත්ථං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! සතරවන (පිරිහීමේ කරුණ) වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙනුහු ගේ දොර (කරුණ) කිමැ? යි
යො මාතරං වා පිතරං වායමෙක් මව හෝ පියා හෝ
ජිණ්ණකං ගතයොබ්බනංජරාජීර්ණ වූ ඉක්මගිය යොවුන් බව ඇති
පහූ සන්තො න භරතිපොහොසත් වූයේ නො පුස්නේ ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන්නහු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසෙයින් තෙල කරුණ දනුම්හ
චතුත්ථො සො පරාභවොඒ සතරවන පරාභවය යි
පඤ්චමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! පස්වන කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර (කරුණ) කිමැ? යි
යො බ්රාහ්මණං වා සමණං වායමෙක් බමුණකු වේව යි මහණකු වේව යි
අඤ්ඤං වාපි වණිබ්බකංඅන්කිසි යදියෙකු වේව යි
මුසාවාදෙන වඤ්චෙතිමුසාවාදයෙන් රවටා ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසේ හෙයින් ඒ කරුණ දනුම්හ
පඤ්චමො සො පරාභවොඒ ලක්ෂණය පස්වන පරාභවය යි
ඡට්ඨමං භගවා බ්රූහීභාග්යවතුන් වහන්ස! සයවන (පිරිහීමේ කරුණ) වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
පහූතවිත්තො පුරිසොබොහෝ රන් රිදී ආදී වස්තුව ඇති පුරුෂයෙක් තෙමේ
සහිරඤ්ඤො සහොජනොබොහෝ කහවණු සහිත වූ නොයෙක් සූපව්යංජනයෙන් යුත් බොජුන් ඇති
එකො භුඤ්ජති සාදූනිහුදකලා වූයේ (තම අඹුදරුවන්ටත් නොදී) මියුරු රස ඇති භෝජන අනුභව කෙරේ ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසේ හෙයින් ඒ කරුණ දනුම්හ
ඡට්ඨමො සො පරාභවොඒ ලක්ෂණය සයවන පරාභවය යි
සත්තමං භගවා බ්රූහීභාග්යවතුන් වහන්ස! සත්වන (පිරිහීමේ කරුණ) වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
ජාතිත්ථද්ධො ධනත්ථද්ධො(යම් මිනිසෙක්) ජාතිමානයෙන් තද වූයේ ධනමානයෙන් තද වුයේ
ගොත්තත්ථද්ධො ච යො නරොකුලමානයෙන් (ගෝත්රමානයෙන්) තද වූයේ
සඤ්ඤාතිං අතිමඤ්ඤෙතිසිය ඤාතීන් ඉක්ම සිතා ද (පහත් කොට සලකා ද)
තං පරාභවතො මුඛංඑය පිරිහෙන්නහු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසේ හෙයින් ඒ කරුණ දනුම්හ
සත්තමො සො පරාභවොඒ ලක්ෂණය සත්වන පරාභවය යි
අට්ඨමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! අටවන පිරිහීමේ කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
ඉත්ථිධුත්තො සුරාධුත්තො(යම් මිනිසෙක්) ස්ත්රීධූර්ත වූයේ, සුරාධූර්ත වුයේ
අක්ඛධුත්තො ච යො නරොඅක්ෂධූර්ත (සූදුවට ලොල්) වූයේ
ලද්ධං ලද්ධං විනාසෙතිලද ලද දෑ වනසා ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසෙයින් ඒ කරුණ දනුම්හ
අට්ඨමො සො පරාභවොඒ ලක්ෂණය අටවන පරාභවය යි
නවමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! නවවන පිරිහීමේ කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
සෙහි දාරෙහසන්තුට්ඨො (දාරෙහි + අසන්තුට්ඨො)සියදාරයන් විසින් (තම බිරිඳගෙන්) නො සතුටු වූයේ
වෙසියාසු පදිස්සතිවේශ්යාවන් කෙරෙහි පැමිණේ ද (ගැවසේ ද)
දිස්සති පරදාරෙසුපරඅඹුවන් වෙත පැමිණේ ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසෙයින් ඒ කරුණ දනුම්හ
නවමො සො පරාභවොඒ ලක්ෂණය නවවන පරාභවය යි
දසමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! දසවන කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන්නහු ගේ දොර කිමැ? යි
අතීතයොබ්බනො පොසොඉක්මගිය යොවුන් විය ඇති පුරුෂ තෙමේ
ආනෙති තිම්බරුත්ථනිංතිඹිරිපල බඳු පියොවුරු ඇති තරුණ දැරියන් විවාහ කොට ගනී ද
තස්සා ඉස්සා න සුපති(හේ) ඈට ඊර්ෂ්යායෙන් නොනිදා ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හු ගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසෙයින් ඒ කරුණ දැනගනුම්හ
දසමො සො පරාභවොඒ ලක්ෂණය දසවන පරාභවය යි
එකාදසමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! එකොළොස් වන පිරිහීමේ කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
ඉත්ථිසොණ්ඩිං විකිරණිංමත්ස්යමාංස මත්පැන් ආදියෙහි ලොල් වූ ඒ සඳහා ධනය විසුරුවන මාගමක් හෝ
පුරිසං වාපි තාදිසංඑබඳු වූ පුරුෂයකු හෝ
ඉස්සරීයස්මීං ඨාපෙතිඉසුරෙහි (ප්‍රධානත්වයේ) තබා ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හුගේ දොර යි
ඉති හෙතං විජානාමමෙසෙයින් ඒ කරුණ දැනගනුම්හ
එකාදසමො සො පරාභවොඒ ලක්ෂණය එකොළොස්වන පරාභවය යි
ද්වාදසමං භගවා බ්රූහිභාග්යවතුන් වහන්ස! දොළෙස්වන පිරිහීමේ කරුණ වදාළ මැනවි
කිං පරාභවතො මුඛංපිරිහෙන පුඟුල්හු ගේ දොර කිමැ? යි
අප්පභොගො මහාතණ්හොඅල්ප භෝග ඇති මහත් වූ භෝග තෘෂ්ණා ඇති යමෙක්
ඛත්තියෙ ජායතෙ කුලෙක්ෂස්ත්රීය කුලයෙහි උපදී ද
සොධ රජ්ජං පත්ථයති(සො+ඉධ) හේ මේ ලෝකයෙහි රාජ්‍යය පතා ද
තං පරාභවතො මුඛංඑය පිරිහෙන පුඟුල්හුගේ දොර යි
එතෙ පරාභවෙ ලොකෙලෙව්හි තෙල පරාභවයන්
පණ්ඩිතො සමවෙක්ඛියපණ්ඩිත වූ පරාභවයන් දක්නා නුවණැති ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නුවණැසින් පිරිසිඳ දැන
අරියො දස්සනසම්පන්නොසම්මාදිට්ඨියෙන් යුත් ඒ ආර්යයා
ස ලොකං භජතෙ සිවන්තිඒ ශිව ලෝකය (දෙව්ලොව / නිවන) භජනය කරන්නේ ය (වදාළ සේක)
https://pitaka.lk/pirith/pages/27-parabhava-suttam.html