කසිභාරද්වාජ සුත්තං
කසීභාරද්වාජ සූත්‍රය · Kasi Bharadwaja Suthraya · Kasibhāradvāja Suttaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
11:49
කසිභාරද්වාජ සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
කසීභාරද්වාජසුත්තංකසීභාරද්වාජ සූත්‍රය
එවං මෙ සුතං එකං සමයං භගවාමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ
මගධෙසු විහරති දක්ඛිණාගිරිස්මිං එකනාළායං බ්රාහ්මණගාමෙමගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘එකනාළා’ නම් බමුණුගම්හි වැඩ වසනසේක
තෙන ඛො පන සමයෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්සඑකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් (බ්‍රාහ්මණයාගේ)
පඤ්චමත්තානි නඞ්ගලසතානි පයුත්තානි හොන්ති වප්පකාලෙවප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි
අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදායඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ
යෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්ස කම්මන්තො තෙනුපසංකමිකසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්මාන්තස්ථානය කරා වැඩිසේක.
තෙන ඛො පන සමයෙන කසීභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පරිවෙසනාවත්තතිඑසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත
අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වාඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආහාර බෙදන තැනට වැඩම කර,
එකමන්තං අට්ඨාසිවැඩැ එකත්පසෙක සිටිසේක.
අද්දසා ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං. දිස්වාන භගවන්තං එතදවොචකසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:
අහං ඛො සමණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමිමහණ, මම සී සාමි, වපුරමි. සී සා, වපුරා අනුභව කරමි.
ත්වම්පි සමණ කසස්සු ච වපස්සු ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජස්සූති.මහණ, ඔබත් සී සාන්න, වපුරන්න. සී සා, වපුරා අනුභව කරන්නැ”යි කීය.
අහම්පි ඛො බ්‍රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීති.බ්‍රාහ්මණය, මමත් සී සාමි, වපුරමි. සී සා වපුරා වළඳමි" යි වදාළ සේක.
න ඛො පන මයං පස්සාම ගොතමස්ස යුගං වා නඞ්ගලං වා ඵාලං වා පාචනං වා බලිවද්දෙ වාඅපි භවත් ගෞතමයන්ගේ වියගස හෝ, නගුල හෝ, හීවැල හෝ, කෙවිට හෝ, ගවයන් හෝ නොදකිමු.
අථ ච පන භවං ගොතමො එවමාහ: අහම්පි ඛො බ්‍රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීතිඑසේ වුවද භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියයි: 'බ්‍රාහ්මණය, මම ද සී සාමි, වපුරමි. සී සා, වපුරා වළඳමි' යි.
අථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසිඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී
කස්සකො පටිජානාසි න ච පස්සාම තෙ කසිංඔබ කෘෂිකර්මිකයෙකු යැයි ප්‍රතිඥා දෙයි, නමුත් අපි ඔබගේ සී සෑමක් නොදකිමු.
කසිං නො පුච්ඡිතො බ්රූහි යථා ජානෙමු තෙ කසිං.අප විසින් අසන ලද ඔබ, යම් පරිද්දෙකින් ඔබගේ ගොවිතැන අපට වටහාගත හැකි වේ නම්, එපරිද්දෙන් ඒ ගොවිතැන ගැන අපට පැහැදිලි කර දෙනු මැනවි.
සද්ධා බීජංමාගේ ශ්‍රද්ධාව බිජුවට වෙයි
තපො වුට්ඨිතපස වැසිදහර වෙයි
පඤ්ඤා මෙ යුගනඞ්ගලංප්රඥාව විය හා නගුල් වෙයි
හිරි ඊසාහිරිය නගුලිස් වෙයි
මනො යොත්තංචිත්තය වියරැහැන් වෙයි
සති මෙ ඵාලපාචනංස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.
කායගුත්තො(ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි
වචීගුත්තො(චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි
ආහාරෙ උදරෙ යතොසිවුපසෙහි (භොජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි
සච්චං කරොමිසත්යය මාගේ වල් නෙළීම යි,
නිද්දානං සොරච්චං මෙ පමොචනංසෞරත්යය මාගේ විය මිදීම යි.
විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ත්වා න සොචති(නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්ෂේම (නිර්වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි
එවමෙසා කසීකට්ඨා සා හොති අමතප්ඵලා එතං කසිං කයීත්වාන සබ්බදුක්ඛා පමුච්චතීතිමෙසෙයින් මේ සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්මය අමා ඵල (නිවන් ඵල) ලබා දෙයි. මේ කෘෂිකර්මය කිරීමෙන් සියලු දුකින් මිදෙන්නේය.
අථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො මහතියා කංසපාතියා පායාසං වඩ්ඪෙත්වා භගවතො උපනාමෙසි, භුඤ්ජතු භවං ගොතමො පායාසං කස්සකො භවං යං හි භවං ගොතමො අමතඵලං කසිං කසතීතිඉක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණයා මහත් වූ රන් තැටියක පායාසය (කිරිබත්) බෙදා භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය: 'භවත් ගෞතමයන් වහන්ස, මේ පායාසය වළඳන සේක්වා. ඔබ වහන්සේ ද කෘෂිකර්මිකයෙකි, මන්ද යත්, භවත් ගෞතමයන් වහන්සේ අමා ඵල ඇති කෘෂිකර්මය කරන බැවිනි'.
ගාථාභිගීතං මෙ අභොජනෙය්යංබ්රාහ්මණය, ගාථාභිගීත වූ (ගී ගැයුමින් ලත්) පායාසය මා විසින් වළඳනට නො නිසි යැ.
සම්පස්සතං බ්‍රාහ්මණ නෙසධම්මොසම්යක්ආජීවපාරිශුද්ධිය දක්නා බුදුවරයනට තෙල (චාරිත්‍ර) ධර්ම නොවේ.
ගාථාභිගීතං පනුදන්ති බුද්ධාසර්වඥයෝ ගාථාභිගීත භෝජනය පිළිකෙවු කෙරෙති.
ධම්මෙ සතී බ්‍රාහ්මණ වුත්තිරෙසාබ්රාහ්මණය, චාරිත්රධර්මය (ලොව්හි) පවතිත් ම ඒකාන්තව්‍යවදාත වූ පය්‍යෙර්‍ෂණය (බුදුවරුන්ගේ) ජීවිතවෘත්තිය වෙයි.
අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්ච වූපසන්තං(සර්‍වගුණයෙන් පිරිපුන් හෙයින්) කේවලි වූ මහර්ෂී වූ ක්ෂීණාස්රව වූ සන්සුන් කුකුස් ඇති බුදුනුට
අන්නෙන පානෙන උපට්ඨහස්සුඅන්ය ආහාරපානයෙකින් ම උවටන් කරව.
ඛෙත්තං හි තං පුඤ්ඤපෙඛස්ස හොතීති.යම් හෙයෙකින් ඒ පින් කැමැතියහුට පින්කෙත් වේ ද, එහෙයිනි.
අථ කස්ස චාහං භො ගොතමභවත් ගෞතමයන් වහන්ස, එසේ නම්
ඉමං පායාසං දම්මීතිමෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.
න ඛ්වාහං තං බ්‍රාහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදෙවමනුස්සාය යස්ස සො පායාසො භුත්තො සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතස්ස වා තථාගතසාවකස්ස වාබමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළදන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි.
තෙන හි ත්වං බ්රාහ්මමණ තං පායාසං අප්පහරිතෙ වා ජඩ්ඩෙහි, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහීතිඑසේ නම් බ්‍රාහ්මණය, ඔබ මේ පායාසය නිල් තණකොළ නොමැති බිමක දමන්න, නැතහොත් ප්‍රාණීන් නොමැති ජලයක ගිල්වන්නැයි වදාළ සේක.
අථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණොඉක්බිති කසීභාරද්වාජ බමුණු
තං පායාසං අප්පාණකෙ උදකෙ ඔපිලාපෙසීඒ පායාසය ප්‍රාණීන් රහිත දියෙහි උල්පවාලීය
අථ ඛො සො පායාසො උදකෙ පක්ඛීත්තො චිච්චිටායති චිටිචිටායතිඑකල්හි ඒ පායාසය. දියෙහි බහාලන ලදුයේ, චිච්චිට යන අනුකරණ කෙරෙයි. චිටිචිටි යන අනුකරණ කෙරෙයි.
සන්ධූපායති සම්පධූපායතිහාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි.
සෙය්යථාපි නාම ඵාලො දිවසසන්තත්තො උදකෙ පක්ඛිත්තොයම් සේ දවසක් තැවුනු සීවැලෙක් දියෙහි බහාලනුලදුයේ
චිච්චිටායති චිටිචිටායතිචිව්චිට යන අනුකරණ කෙරේ ද
සන්ධූපායතී සම්පධූපායතිහාත්පසින් දුමා ද. අධිමාත්‍රව හාත්පසින් දුමා ද
එවමෙව සො පායාසො උදකෙ පක්ඛීත්තො චිච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායතිඑසෙයින් මැ ඒ පායාසය දියෙහි බහාලන ලදුයේ චිව්චිට යන ශබ්ද කෙරෙයි. චිටිචිටි යන ශබ්ද කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි.
අථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණොඑකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණ
සංවිග්ගො ලොමහට්ඨජාතොසංවිග්න වූයේ හටගත් ලොමුදහ ඇත්තේ
යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වාභාග්යවතුන් වහන්සේ වෙත එළඹ,
භගවතො පාදෙසු සිරසා නිපතිත්වාභාග්යවතුන් වහන්සේගේ පාමුල හිස තබා වැඳ
භගවන්තං එතදවොචභාග්යවතුන් වහන්සේට තෙල සැලකෙළේය:
අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතමභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ, භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවැ
සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්යගෞතමයන් වහන්ස, යම් සේ වනාහි යටිකුරු කොට තබනලද්දක් උඩුකුරු කොට තබන්නේ වේ ද
පටිච්ඡන්නං වා විවරෙය්යපිළිසන් වූවක් වැසුම් හරණේ වේ ද
මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්යමංමුළා වූවකුට හෝ මග කියන්නේ වේද
අන්ධකාරෙ වා තෙලපජ්ජාතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීතිඇසි ඇත්තාහු රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද
එවමෙවං භොතා ගොතමෙනඑපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින්
අනෙකපරියායෙන ධම්මො පකාසිතොනන්අයුරින් ධර්මය ප්‍රකාශ කරන ලදී.
එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චමම භවත් ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි.
ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්තිමම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම්වා, උපසම්පදාව ලබම්වා" යි කීය.
අලත්ථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙකසීභාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි
පබ්බජ්ජං අලත්ථ උපසම්පදංපැවිද්ද ලැබීය, උපසම්පදාව ලැබීය.
අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජොඋපසපුව ලැබූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ
එකො වූපකට්ඨෙඑකලා වූයේ, වෙන් වූයේ
අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තොකයින් සිතින් වෙන්වූයේ නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ
න චිරස්සෙ ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්තියම් රහත් පලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට මැ ගිහිගෙන් නික්මැ පැවිද්දවට පැමිණෙත් ද
තදනුත්තරං බ්රහ්මචරියපරියොසානංමාර්ගබ්රහ්මචර්ය්යය අවසන් කොට ඇති
දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිඑ අර්හත් ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් දැනැ පසක් කොට සපයා විසී
ඛීණා ජාතිජාතිය ක්ෂීණ වූ යැ
වුසිතං බ්රහ්මචරියංසසුන් බ්‍රම්සර මගබ්‍රම්සර වස් වැස නිමවන ලද
කතං කරණීයංකළ යුතු දේ කරන ලදී,
නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසියළි මේ බවට නොඑමියි දැනගත්තේය.
අඤ්ඤතරොච ඛො පනායස්මා භාරද්වාජො අරහතං අහොසීතිආයුෂ්මත් භාරද්වාජ තෙමේ රහතුන්ගෙන් කෙනෙක් බවට පත් විය.
https://pitaka.lk/pirith/pages/26-kasibharadvaja-suttam.html