ආළවක සුත්තං | ආළවක සූත්‍රය |
එවං සුතං | මා විසින් මෙසේ අසන ලදි |
එකං සමයං භගවා | එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ |
ආළවියං විහරති | අලව් නුවර සමීපයෙහි වූ වැඩ වාසය කරන |
ආළවකස්ස යක්ඛස්ස භවනෙ | ආලවක නම් යක්ෂයා ගේ භවනයෙහි |
අථ ඛො ආළවකො යක්ඛො | ඉක්බිති ආලවක යක්ෂ තෙමේ |
යෙන භගවා තෙන උපසංකමි උපසංකමිත්වා | භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැනට එළඹියේ ය |
භගවන්තං භගවන්තං එතදවොච | එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය |
නික්ඛම සමණාති | මහණ, නික්මෙව යි |
සාධාවුසොති භගවා නික්ඛමි | ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක |
පවිස සමණාති | මහණ, පිවිසෙව යි. |
සාධාවුසොති භගවා පාවිසි | ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. |
දුතියම්පි ඛො ආළවකො යක්ඛො | දෙවන වට දු ආළවක යක්ෂ තෙමේ |
භගවන්තං එතදවොච | භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. |
නික්ඛම සමණාති | මහණ, නික්මෙව |
සාධාවුසොති භගවා නික්ඛමි | ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක |
පවිස සමණාති | මහණ, පිවිසෙව යි. |
සාධාවුසොති භගවා පාවිසි | ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. |
තතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච | තෙවන වටදු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය |
නික්ඛම සමණාති | මහණ, නික්මෙව |
සාධාවුසොති භගවා නික්ඛමි | ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක |
පවිස සමණාති | මහණ, පිවිසෙව යි. |
සාධාවුසොති භගවා පාවිසි | ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. |
චතුත්ථම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච | සිවුවන වට දු ආළවක යක්ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. |
නික්ඛම සමණාති | මහණ, නික්මෙව |
න ඛ්වාහං ආවුසො නික්ඛමිස්සාමි | ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි |
යං තෙ කරණීයං | තා විසින් යමක් කටයුතු නම් |
තං කරොහීති | තා විසින් යමක් කටයුතු නම් |
පඤ්හං තං සමණ | මහණ, තොපගෙන් පැණයක් |
පුච්ඡිස්සාමි | විචාරන්නෙමි |
සචෙ මෙ න බ්යාකරිස්සසි | ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් |
චිත්තං වා තෙ ඛිපිස්සාමි | තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි |
හදයං වා තෙ ඵාලෙස්සාමි | තාගේ හෘදය හෝ පලන්නෙමි |
පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති | පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි. |
න ඛ්වාහං තං ආවුසො පස්සාමි | ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. |
සදෙවකෙ ලොකෙ | |
සමාරකෙ සබ්රහ්මකෙ | |
සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය | |
යෙ මෙ චිත්තං වා ඛිපෙය්ය | |
හදයං වා ඵාලෙය්ය | |
පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය. |
අපි ච ත්වං ආවුසො | වැලි දු ඇවැත්නි |
පුච්ඡ යදාකඞ්ඛසීති | තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි |
අථ ඛො ආළවකො යක්ඛො | ඉක්බිති ආළවක යක්ෂ තෙමේ |
භගවන්තං ගාථාය අජ්ඣභාසි | භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය |
කිං සූධ විත්තං | මෙ ලොව කිමෙක් |
පුරිසස්ස සෙට්ඨං | සත්වයාට ශ්‍රේෂ්ඨ ධනය වේ ද? |
කිං සු සුචිණ්ණං | කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ |
සුඛමාවහාති | සුව එළවා ද? |
කිං සු හවෙ | රසයන් අතුරෙන් කුමක් |
සාදුතරං රසානං | ඉතා මිහිරි ද? |
කථං ජීවී | කෙසේ ජීවත්වන්නහුගේ |
ජීවිතමාහු සෙට්ඨන්ති? | ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද? |
සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං | මෙලොව සත්වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ |
ධම්මො සුචිණ්ණො | දහම මැනවින් පුරුදු කරණ ලද්දේ |
සුඛමාවහාති | සුව එළවයි. |
සච්චං හවෙ සාදුතරං රසානං | රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරි ය |
පඤ්ඤාජීවිං | නුවණින් ජිවත්වනහුගේ |
ජීවිතමාහු සෙට්ඨන්ති | ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියත් |
කථං සු තරති ඔඝං | ඕඝය කෙසේ තරණය කෙරේ ද? |
කථංසු තරති අණ්ණවං | අණිවය කෙසේ තරණය කෙරේ ද? |
කථං සු දුක්ඛං අච්චෙති | දුක කෙසේ ඉක්මවා ද? |
කථං සු පරිසුජ්ඣතීති | කෙසේ පිරිසිදු වේ ද? |
සද්ධාය තරති ඔඝං | ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ |
අප්පමාදෙන අණ්ණවං | අප්‍රමාදයෙන් අණිවය තරණය කෙරේ |
විරියෙන දුක්ඛං අච්චෙති | වීර්‍ය්‍යයෙන් දුක ඉක්මවයි |
පඤ්ඤාය පරිසුජ්ඣතීති | ප්‍රඥාවෙන් පිරිසිදු වේ |
කථං සු ලභතෙ පඤ්ඤං | නුවණ කෙසේ ලබා ද? |
කථංසු වින්දතෙ ධනං | ධනය කෙසේ ලබා ද? |
කථං සු කිත්තිං පප්පොති | කෙසේ කීර්තියට පැමිණේ ද? |
කථං මිත්තානි ගන්ථති | කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? |
අස්මා ලොකා පරං ලොකං | මෙලොවින් පරලොවට පැමිණ |
කථං පෙච්ච න සොචතීති? | කෙසේ ශෝක නො කෙරේ ද? |
සද්දහානො අරහතං | නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි |
ධම්මං නිබ්බාණපත්තියා | |
සුස්සූසා ලභතෙ පඤ්ඤං | |
අප්පමත්තො විචක්ඛණො |
පතිරූපකාරී ධුරවා | සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති |
උට්ඨාතා වින්දතෙ ධනං | උත්ථානවීර්ය්ය ඇත්තේ ධනය ලබයි |
සච්චෙන කිත්තිං පප්පොති | සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ |
දදං මිත්තානි ගන්ථති | දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී. |
යස්සෙතෙ චතුරො ධම්මා | සිවු දහම්හු වෙත් නම් |
සද්ධස්ස ඝරමෙසිනො | ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට |
සච්චං ධම්මො | සත්‍යයත්, ධර්මයත් |
ධිති චාගො | ධෘතියත්, ත්‍යාගයත් |
ස චෙ පෙච්ච න සොචති | හෙ තෙමේ පරලොවට පැමිණ එක්කාන්තයෙන් ශෝක නො කෙරෙයි. |
අස්මා ලොකා පරං ලොකං | මෙලොවින් පරලොවට පැමිණ |
එවං පෙච්ච න සොචතීති | මෙසේ ශෝක නො කෙරෙයි. |
ඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු | සත්‍යයටත්, ඉන්ද්රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි |
පුථූ සමණබ්රාහ්මණෙ | |
යදි සච්චා දමා චාගා | |
ඛන්ත්‍යා භිය්යොධ විජ්ජතීති |
කථං නු දානි පුච්ඡෙය්යං | සාම්පරායික වූ ද (දෘෂ්ටධාර්මිකවූ ද) යම් අර්ථයෙක් වේ නම් (එය) ඒ මම අද දනිමි. (එහෙයින්) දැන් බොහෝ වූ මහණබමුණන් කුමකට විචාරන්නෙම් ද |
පුථූ සමණබ්රාහ්මණෙ | |
සො’හං අජ්ජ පජානාමි | |
යො අත්ථො සම්පරායිකො. |
අත්ථාය වත මෙ බුද්ධො වාසායාළවිමාගමා | ඒකාන්තයෙන් මට වැඩ පිණිස බුදුරජානන් වහන්සේ විසීම පිණිස අළව් නුවරට වැඩිසේක |
සො’හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං | යමකුට දෙන ලද්ද මහත්ඵල වේ නම් එය මම අද දනිමි. |
සො අහං විචරිස්සාමි | මම (බුද්ධසුබුද්ධතාව කියා) බුදුරජානන් වහන්සේ ද, (ධර්මසුධර්මතාව කියා) ධර්මය ද (සඞ්ඝසුසඞ්ඝතාව කියා) සඞ්ඝයා ද වඳිමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි |
ගාමා ගාමං පුරා පුරං | |
නමස්සමානො සම්බුද්ධං | |
ධම්මස්ස ච සුධම්මතන්ති |
එවං වත්වා, මෙසේ කියා | |
ආලවකො යක්ඛො, ආලවක යක්ෂ තෙමේ | |
භගවන්තං | භාග්‍යවතුන් වහන්සේට |
එතද වොච | මෙසේ කීය |
අභික්කන්තං | දහම් දෙසුම ඉතා යහපත; |
භො ගොතම | භවත් ගොතමයන් වහන්ස, |
අභික්කන්තං හො ගොතම | භවත් ගෞතමයන් වහන්ස දේශනාව ඉතා යහපතං |
සෙය්යථාපි | යම් සේ වනාහි; |
භො ගොතම | භවත් ගෞතමයන් වහන්ස; |
නික්කුජ්ජිතං වා | මුනින් තබන ලද භාජනයක් යම් සේ; |
උක්කුජ්ජ්යෙ | උඩුකුරු කොට හෝ |
පටිච්ඡන්නං | වා, වැසී තිබුණු යමක්; |
විවරෙය්ය වා | විවෘත කොට තබන්නේ යම් සේ ද |
මුළ්හස්ස | මංමුළාවුවෙකුට; |
මග්ගං වා | මාර්ගය හෝ |
ආවික්ඛෙය්ය | කියන්නේ ද |
අන්ධකාරෙ | අඳුරෙහි |
තෙලපජ්ජොතං ධාරෙය්ය වා | යම් සේ තෙල් පහනක් දරන්නේ ද |
චක්ඛුමතො රූපානිදක්ඛින්ති | ඉති, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වා යි |
එවං එව | එපරිද්දෙන් ම |
හොතා ගොතමෙන | භවත් ගෞතමයන් වහන්සේ විසින් |
අනේක පරියායෙන | නොයෙක් අයුරින් |
ධම්මො පකාසිතො | ධර්මය දෙසන ලදී. |
එසා’හං | මේ මම; |
භවන්තං ගොතමං | භවත් ගෞතමයන් වහන්සේ ද |
සරණං ගච්ඡාමි | පිහිට කොට යමි |
ධම්මඤ්ච | ධර්මය ද; |
භික්ඛු සංඝඤ්ච | හික්ඛු සංඝයා ද |
උපාසිතං | උපාසකයකු කොට |
මං | මා |
හවං ගොතමො | භවත් ගෞතමයන් වහන්සේ |
ධාරෙතු ඉති | දරන සේක්වා. |
අජ්ජතග්ගෙ | අද පටන් |
පාණුපෙතං | දිවිහිමි කොට |
සරණං ගතං | සරණ ගියා වූ |