අග්ගික භාරද්වාජ සුත්තං
වසල සූත්‍රය · Wasala Suthraya · Aggika Bhāradvāja Suttaṃ
සජ්ඣායනය: නාඋයනේ අරියධම්ම ථෙරෝ
14:22
අග්ගික භාරද්වාජ සුත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම
පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.
අග්ගික භාරද්වාජ සුත්තංඅග්ගික භාරද්වාජ සූත්‍රය.
එවං මෙ සුතංමා විසින් මෙසේ අසන ලදී
එකං සමයංඑක් සමයෙක්හි
භගවාභාග්යවතුන් වහන්සේ
සාවත්ථියං විහරතිසැවැත් නුවර වැඩ වසන සේක
ජෙතවනෙජේතවන නම් වූ
අනාථපිණ්ඩිකස්ස ආරාමෙඅනේපිඬු සිටුහු ගේ අරම්හි
අථ ඛො භගවාඑකල්හි භාග්‍යවතුන් වහන්සේ
පුබ්බන්හ සමයංපෙරවරු සමයෙහි
නිවාසෙත්වාහැඳ පෙරවැ
පත්තචීවරං ආදායපාසිවුරු ගෙන
සාවත්ථියංසැවැත් නුවරට
පිණ්ඩාය පාවිසිපිඬු පිණිස වැඩි සේක
තෙන ඛො පන සමයෙනඑසමයෙහි වනාහි
අග්ගික භාරද්වාජස්ස බ්රාහ්මණස්සඅග්ගික භාරද්වාජ නම් වූ බමුණා ගේ
නිවෙසනෙනිවෙස්න සමීපයෙහි
අග්ගි පජ්ජලිතො හොතිහෝම ගිනි දල්වන ලද්දේ වෙයි
ආහුති පග්ගහිතාඅග්ගිහෝමය පටන් ගන්නා ලද්දේ ය
අථ ඛො භගවාඉක්බිති භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියංසැවැත් නුවර
සපදානංගෙපිළිවෙළින්
පිණ්ඩාය චරමානොපිඬු පිණිස වඩනා සේක්
යෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනංඅග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා ගේ නිවෙස්න යම් තැනක ද
තෙනුපසඞ්කමිඑතැනට එළඹි සේක
අද්දසා ඛොදුටුයේ ම ය
අග්ගිකභාරද්වාජො බ්රාහ්මණොඅග්ගික භාරද්වාජ බමුණු තෙමේ
භගවන්තංභාග්යවතුන් වහන්සේ
දූරතොව ආගච්ඡන්තංදුරදී ම වැඩමවන්නා වූ
දිස්වානදැක
භගවන්තං එතදවොචභාග්යවතුන් වහන්සේට මේ වචනය කීයේ ය
තත්රෙව මුණ්ඩකමුණ්ඩකය, එහි ම සිටුව
තත්රෙව සමණකශ්රමණකය, එහි ම සිටුව
තත්රෙව වසලක තිට්ඨාහීතිවසලකය, එහි ම සිටුව යි
එවං වුත්තෙමෙසේ කී කල්හි
භගවාභාග්යවතුන් වහන්සේ
අග්ගිකභාරද්වාජං බ්රාහ්මණංඅග්ගික භාරද්වාජ බමුණා හට
එතදවොචමෙසේ වදාළ සේක
ජානාසි පන ත්වං බ්රාහ්මණබමුණ, තෝ දන්නෙහි ද
වසලං වාසැඩොලා හෝ
වසලකරණෙ වා ධම්මෙතිසැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ (දන්නෙහි දැ) යි
නඛ්වාහං භො ගොතම ජානාමිභවත් ගෞතමයන් වහන්ස, මම නො දනිමි
වසලං වාවසලයා හෝ
වසලකරණෙ වා ධම්මෙවසලකරණ ධර්ම හෝ
සාධු මෙ භවං ගොතමොභවත් ගෞතමයන් වහන්සේ මට (දෙසන සේක් නම්) මැනැවි
තථා ධම්මං දෙසෙතුඑසේ දහම් දෙසන සේක් වා
යථාහං ජානෙය්යංයම්සේ මම දැන ගනිම් ද
වසලං වාවසලයා හෝ
වසලකරණෙ වා ධම්මෙතිවසලකරණ ධර්ම හෝ යි (සැළ කෙළේ ය)
තෙන හි බ්රාහ්මණඑසේ නම් බ්‍රාහ්මණය
සුණාහිඅසව
සාධුකං මනසි කරොහිමොනවට මෙනෙහි කරව
භාසිස්සාමීතිකියන්නෙමි යි (වදාළ සේක)
එවං භොති ඛොපින්වතුන් වහන්ස, එසේ ය යි කියා
අග්ගිකභාරද්වාජො බ්රාහ්මණොඅග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ තෙම
භගවතො පච්චස්සොසීභාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී ය
භගවා එතදවොචභාග්යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක
කොධනො උපනාහී චකිපෙන සුලු වේ ද, බඳනා ලද වෛර ඇත්තේ වේ ද
පාපමක්ඛී ච යො නරොයම් මිනිසෙක් පවිටු වූ ගුණමකු වූයේ ද
විපන්නදිට්ඨි මායාවීවිපර්යාස වූ දෘෂ්ටි ඇත්තේ ද, මායාවී වේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
එකජං ව ද්වීජං වාපිඑක්වරක් උපන්නා වූ හෝ දෙවරක් උපන්නා වූ හෝ
යොධ පාණානි හිංසති(යො+ඉධ) මේ ලෝකයෙහි යමෙක් ප්‍රාණීන් දිවි ගලවා ද (හිංසා කෙරේ ද)
යස්ස පාණෙ දයා නත්ථියමක්හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො හන්ති පරිරුන්ධතියමෙක් නසා ද, වටලා ගනී ද
ගාමානි නිගමානි චගම් ද නියම්ගම් ද
නිග්ගාහකො සමඤ්ඤාතොනිග්රහ කරන්නෙකැ යි ප්‍රසිද්ධ වේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
ගාමෙ වා යදි වා රඤ්ඤෙගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ
යං පරෙසං මමායිතංඅනුන් ගේ මමත්වය ඇති යමක් වේ ද
ථෙය්යා අදින්නං ආදියතිඒ නුදුන් වස්තුව සොර සිතින් ගනී ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො හවෙ ඉණමාදායයමෙක් ඒකාන්තයෙන් ණය රැගෙන
චුජ්ජමානො පලායතිචෝදනා කරනු ලබන්නේ පලා යේ ද
න හි තෙ ඉණමත්ථිති"තට මගෙන් ණයක් නැත්තේ ය" යි (කියා)
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො චෙ කිඤ්චික්ඛකම්යතායමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තෙන්
පන්ථස්මිං වජතං ජනංමාර්ගයෙහි යන්නා වූ ජනයා
හන්ත්වා කිඤ්චීක්ඛමාදෙතිනසා කිසි වස්තුවක් පැහැර ගනී ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො අත්තහෙතු පරහෙතුතමා හේතුකොට ගෙන හෝ අනුන් හේතුකොට ගෙන හෝ
ධනහෙතූ ච යො නරොධනය හේතුකොට ගෙන හෝ යම් මිනිසෙක්
සක්ඛිපුට්ඨො මුසා බ්රූතිසාක්ෂි විචාරන ලද්දේ බොරු කියා ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො ඤාතිනං සඛානං වායමෙක් ඤාතීන් ගේ හෝ යහළුවන් ගේ හෝ
දාරෙසු පතිදිස්සතිභාර්ය්යාවන් කෙරෙහි අනාචාරයෙහි හැසිරේ ද
සහසා සම්පියෙන වාබලහත්කාරයෙන් හෝ දෙදෙනා ගේ කැමැත්තෙන් හෝ
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො මාතරං වා පිතරං වායමෙක් මව හෝ පියා හෝ
ජිණ්ණකං ගතයොබ්බනංජරාපත් වූ, පහව ගිය යොවුන් බව ඇති
පහූ සන්තො න භරතිබොහෝ ධනධාන්‍ය ඇත්තේ ම පෝෂණය නො කෙරේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො මාතරං වා පිතරං වායමෙක් මවට හෝ පියාට හෝ
භාතරං භගිනිං සසුංසහෝදර සහෝදරියන්ට හෝ නැදිමයිලන්ට හෝ
හන්ති රොසෙති වාචායහිංසා කෙරේ ද, වචනයෙන් කෝප උපදවා ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො අත්ථං පුච්ඡිතො සන්තොයමෙක් අර්ථයක් ම විචාරන ලද්දේ ම
අනත්ථමනුසාසතිඅනර්ථයක් ම ප්‍රකාශ කෙරේ ද
පටිච්ඡන්නෙන මන්තෙතිසැඟවීම් වශයෙන් මන්ත්‍රණය කෙරේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො කත්වා පාපකං කම්මංයමෙක් පව් කම් කොට
මා මං ජඤ්ඤාති ඉච්ඡති"මා නොදනීවා" යි කැමැති වේ ද
යො පටිච්ඡන්නකම්මන්තොයමෙක් සැඟවුණු (ප්‍රතිච්ඡන්න) කර්ම ඇත්තේ වේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො වෙ පරකුලං ගන්ත්වායමෙක් ඒකාන්තයෙන් (ඤාතිමිත්‍රාදී) අන් කුලයකට ගොස්
භුත්වාන සුචිභොජනංයහපත් භෝජනයන් අනුභව කොට
ආගතං න පටිපූජෙතිතම නිවෙසට පැමිණි ඔවුන්ට ප්‍රතිපූජා නො කෙරේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො බ්රාහ්මණං වා සමණං වායමෙක් බමුණකු හෝ මහණකු හෝ
අඤ්ඤං වාපි වණිබ්බකංඅන් කිසි යාචකයකු හෝ
මුසාවාදෙන වඤ්චෙතිමුසාවාදයෙන් රවටා ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො බ්රාහ්මණං වා සමණං වායමෙක් බමුණකු හෝ මහණකු හෝ
භත්තකාලෙ උපට්ඨිතෙභෝජන කාලයෙහි පැමිණි කල්හි
රොසෙති වාචා න ච දෙතිපරොස් බසින් කෝප උපදවා ද, කිසිවක් නො දේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
අසතං යොධ පබ්රූතිමේ ලෝකයෙහි යමෙක් අසත්පුරුෂ වචන කියා ද
මොහෙන පළිගුණ්ඨිතොමෝහයෙන් වෙළුණේ
කිඤ්චික්ඛං නිජිගිංසානොකිසියම් දෙයක් නොදී වලකමින්
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො චත්තානං සමුක්කංසෙයමෙක් තමන් හුවා දක්වා ද
පරඤ්ච මවජානතිමෙරමාහට ද නින්දා කෙරේ ද
නිහීනො සෙන මානෙනස්වකීය මානයෙන් ඉතා හීන වූයේ
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
රොසකො කදරියො චයමෙක් කෝප උපදවනුයේ ද, තද මසුරු වූයේ ද
පාපිච්ඡො මච්ඡරී සඨොපවිටු අදහස් ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද
අහිරිකො අනොත්තාපීපවට ලජ්ජා නැත්තේ ද, පවට බිය නැත්තේ වේ ද
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො බුද්ධං පරිභාසතියමෙක් සම්මාසම්බුදුනට පරිභව බෙණේ ද
අථ වා තස්ස සාවකංනොහොත් උන්වහන්සේ ගේ ශ්‍රාවක වූ
පරිබ්බාජං ගහට්ඨං වාපැවිද්දකුට වේව යි ගැහැවියකුට වේව යි (අපවාද කෙරේ ද)
තං ජඤ්ඤා වසලො ඉතිඔහු වසලයෙකැ යි දන්නේ ය
යො චෙ අනරහා සන්තොයමෙක් ඒකාන්තයෙන් රහත් නො වූයේ ම
අරහං පටිජානාති(තමා) රහත් ය යි ප්‍රතිඥා කෙරේ ද
චොරො සබ්රහ්මකෙ ලොකෙබ්රහ්මයා සහිත වූ ලෝකයෙහි මහ සොරෙක
එස ඛො වසලාධමොමෙ තෙම අධම වූ වසලයෙක (චණ්ඩාලයෙක)
එතෙ ඛො වසලා වුත්තාඒ වසලයෝ කියන ලද්දා හ
මයා වො යෙ පකාසිතාමා විසින් තොපට යම් වසල කෙනෙක් ප්‍රකාශ කරන ලද්දාහු ද
න ජච්චා වසලො හොතිජාතියෙන් වසලයෙක් නො වේ
න ජච්චා හොති බ්රාහ්මණොජාතියෙන් බමුණෙක් ද නො වේ
කම්මනා වසලො හොතිඅපිරිසිදු කර්මයෙන් වසලයෙක් වෙයි
කම්මනා හොති බ්රාහ්මණොපිරිසිදු කර්මයෙන් බමුණෙක් වෙයි
තදමිනාපි ජානාථඒ කරුණ මේ ප්රකාරයෙනුදු දැනගනිවු
යථා මෙදං නිදස්සනංයම් ප්‍රකාරයකින් මාගේ මේ නිදසුන වේ ද
චණ්ඩාලපුත්තො සොපාකොබලුමස් උයා කන හෙයින් සොපාක නම් සැඩොල් පුතෙක්
මාතඞ්ගො ඉති විස්සුතොමාතංග ය යි ප්‍රසිද්ධ විය
සො යසං පරමං පත්තොහෙතෙම (හීන කුලිකයකුට නො ලැබිය හැකි) උතුම් යසසට පැමිණියේ ය
මාතඞ්ගො යං සුදුල්ලභංඒ මාතංග තෙමේ, ඉතා දුර්ලභ වූ යම් යසසකට
ආගඤ්ඡුං තස්සුපට්ඨානංඕ හට උපස්ථානයට පැමිණියාහු ය
ඛත්තියා බ්රාහ්මණා බහූබොහෝ ක්ෂත්රියයෝ ද බ්‍රාහ්මණයෝ ද
සො දෙවයානමාරුය්හහෙතෙම අටසමවත් සංඛ්‍යාත දේවයානයට නැගී
විරජං සො මහාපථංරාගාදි රජස් රහිත වූ, බුද්ධාදී උතුමන් ගේ මහාමාර්ගය වූ
කාමරාගං විරාජෙත්වාකාමරාගය පහකොට
බ්රහ්මලොකූපගො අහූබඹලොවට පැමිණියේ විය
න නං ජාති නිවාරෙසිඒ චණ්ඩාල ජාතිය ඔහු නො වැළැක්වූයේ ය
බ්රහ්මලොකූපපත්තියාබඹලොව ඉපදීමෙන්
අජ්ඣායකකුලෙ ජාතාවේද හදාරන කුලයෙහි උපන්
බ්රාහ්මණා මන්තබන්ධූනොමන්ත්රධ්යානයෙන් කල් යවන බ්‍රාහ්මණයෝ ද
තෙ ව පාපෙසු කම්මෙසුඒ බ්‍රාහ්මණයෝ ද පව්කම්හි
අභිණ්හමුපදිස්සරෙනිතර (ගැලුණාහු) දක්නා ලැබෙත්
දිට්ඨෙව ධම්මෙ ගාරය්හාමෙලොවදී ම නින්දාවට පැමිණෙන්නෝ වෙත්
සම්පරායෙ ච දුග්ගතිංපරලොව්හි දී දුගතියට පැමිණෙන්නෝ වෙත්
න තෙ ජාති නිවාරෙතිජාති තොමෝ ඔවුන් නො වළහයි
දුග්ගච්චා ගරහාය වාදුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ
න ජච්චා වසලො හොතිජාතිය හේතු කොට ගෙන වසලයෙක් නො වේ
න ජච්චා හොති බ්රාහ්මණොජාතිය හේතු කොට ගෙන බ්‍රාහ්මණයෙක් ද නො වෙයි
කම්මනා වසලො හොතිකර්මයෙන් වසලයෙක් වේ
කම්මනා හොති බ්රාහ්මණොයහපත් ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වේ
එවං වුත්තෙමෙසේ වදාළ කල්හි
අග්ගිකභාරද්වාජො බ්රාහ්මණොඅග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ තෙම
භගවන්තං එතදවොචභාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය
අභික්කන්තං භො ගොතමභවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය
අභික්කන්තං භො ගොතමභවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය
සෙය්යථාපි භො ගොතමභවත් ගෞතමයන් වහන්ස, යම් සේ ද
නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්යයටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ හෝ
පටිච්ඡන්නං වා විවරෙය්යවැසී තිබුණ යමක් විවෘත කොට දක්වන්නේ හෝ
මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්යමං මුලා වූවකුට මාර්ගය කියන්නේ හෝ
අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්යඅඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ
චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීතිඇස් ඇත්තෝ රූපයන් දකිත්වා යි
එවමෙව භොතා ගොතමෙනඑපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින්
අනෙකපරියායෙනනොයෙක් පරිද්දෙන්
ධම්මො පකාසිතොධර්මය දේශනා කරන ලද්දේ ය
එසාහංමේ මම
භවන්තං ගොතමංභවත් ගෞතමයන් වහන්සේ ද
සරණං ගච්ඡාමිපිහිට කොට යමි
ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චධර්මය ද භික්ෂු සංඝයා ද
උපාසකං මංඋපාසකයකැ යි මා
භවං ගොතමො ධාරෙතුභවත් ගෞතමයන් වහන්සේ දරාගන්නා සේක් වා
අජ්ජතග්ගෙඅද පටන්
පාණුපෙතංදිවිහිම් කොට
සරණං ගතන්තිසරණ ගියා වූ (උපාසකයකු කොට)
https://pitaka.lk/pirith/pages/28-aggika-bharadvaja-suttam.html