| මහා මංගල සුත්තං | මහා මංගල සූත්‍රය. |
| මහා මඞ්ගල සුත්තං | මහා මඞ්ගල සූත්‍රය |
| එවං | මෙසේ |
| මෙ | මා විසින් |
| සුතං | අසන ලදී |
| එකං සමයං | එක් සමයෙක |
| භගවා | භාග්‍යවතුන් වහන්සේ |
| එවං මෙ සුත: එකං සමයං භගවා | මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ |
| සාවත්ථියං | සැවැත් නුවරැ |
| විහරති | වැඩ වසන සේක |
| ජෙතවනෙ | ජේතවන නම් වූ |
| අනාථ පිණ්ඩිකස්ස | අනේපිඬු මහ සිටුහු ගේ |
| ආරාමෙ | අරමෙ හි |
| සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්‌ස ආරාමෙ. | සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. |
| අථ ඛො | එකල්හි |
| අඤ්ඤතරා දෙවතා | එක්තරා දෙවියෙක් |
| අභික්කන්තාය රත්තියා | රෑ ඉක්ම ගිය කල්හි |
| අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා | එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි |
| අභික්කන්ත වණ්ණා | විශිෂ්ඨ ශෝභා ඇත්තේ |
| කෙවලකපං ජෙතවනං | සියලු දෙව්රම් වෙහෙර |
| ඔභාසෙත්වා | ස්වකීය ශරීර ශොභාවෙන් බබුලුවා |
| අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‍වා | විශිෂ්ට ශරීරශොභා ඇත්තේ සියලු ජෙතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුලුවා |
| යෙන භගවා | භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද |
| තෙනුපසංකමි | එතැනට එළඹියේ ය |
| යෙන භගවා තෙනුපසඞ්‌කමි. | භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය. |
| උපසංකමිත්වා | එළඹ |
| භගවන්තං | භාග්‍යවතුන් වහන්සේ |
| අභිවාදෙත්වා | වැඳ |
| එකමන්තං | එකත් පසෙක |
| අට්ඨාසි | සිටියේ ය |
| උපසඞ්‌කමිත්‍වා භගවන්‌තං අභිවාදෙත්‍වා එකමන්‌තං අට්‌ඨාසි. | එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. |
| එකමන්තං | එකත් පසෙක |
| ඨිතා ඛො සා දෙවතා | සිටි ඒ දෙවිතෙම |
| භගවන්තං | භාග්‍යවතුන් වහන්සේස්ට |
| ගාථාය | ගාථායෙන් |
| අජ්ඣහාසි | (මෙසේ) කීයේ ය. |
| එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි. | එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය: |
| බහුදෙවා | බොහෝ දෙවියෝ ද |
| මනුස්සා ච | මනුෂ්‍යයෝ ද |
| මංගලානි | මංගල කරුණු |
| අචින්තයුං | සිතූහ |
| බහූ දෙවා මනුස්‌සා ච මඞ්‌ගලානි අචින්‌තයුං, | ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඬ්ගල කාරණයන් සිතූහ. |
| ආකංඛමානා | කැමැති වන්නා වූ |
| සොත්ථානං | මෙලොව පරලොව සැප |
| බ්‍රූහි | වදාළ මැනැවි |
| මඞ්‌ගලමුත්‌තමං | වැඩ සලසන උතුම් මංගල කරුණු. |
| ආකඞ්‌ඛමානා සොත්‍ථානං බ්‍රූහි මඞ්‌ගලමුත්‌තමං. | වැඩ සලසන උතුම් මඟුල් (මඬ්ගල කාරණ) වදාළ මැනැවි. |
| අසෙවනා ච | සේවනය නො කිරීම ද |
| බාලානං | බාලයන් ගේ නොහොත් අසත් පුරුෂයන් ගේ |
| පණ්ඩිතානං ච සෙවනා | පණ්ඩිතයන් නොහොත් සත්පුරුෂයන් සේවනය කිරීම ද |
| අසෙවනා ච බාලානං පණ්‌ඩිතානං ච සෙවනා, | බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි. |
| පූජා ච පූජනීයානං | පිදිය යුත්තන් පිදීම ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| පූජා ච පූජනීයානං එතං මඞ්‌ගලමුත්‌තමං. | පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඬ්ගල කාරණය). |
| පතිරූප දෙස වාසො ච | සුදුසු පෙදෙස්හි විසීම ද |
| පුබ්බේ ච කතපුඤ්ඤතා | පෙරකළ පින් ඇති බව ද |
| පතිරූපදෙසවාසො ච පුබ්‌බෙ ච කතපුඤ්‌ඤතා | සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද, |
| අත්තසම්මා පණිධි ච | සිය අත් බව මනා දහම්හි පිහිටුවීම ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| අත්‌තසම්‌මාපණිධි ච එතං මඞ්‌ගලමුත්‌තමං. | සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| බාහුසච්චඤ් ච | බොහෝ ඇසූපිරූ තැන් ඇති බව ද |
| සිප්පඤ් ච | ශිල්ප දැනීම ද |
| විනයො ච සුසික්ඛිතො | මනාව හික්මුණු විනය ඇති බව ද |
| බාහුසච්‌චඤ්‌ච සිප්‌පඤ්‌ච විනයො ච සුසික්‌ඛිතො | බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද, |
| සුභාසිතා ච යා වාචා | යම් වචනයක් මොනවට කියන ලද ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| සුභාසිතා ච යා වාචා එතං මඞ්‌ගලමුත්‌තමං. | මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| මාතා පිතු උපට්ඨානං | මවුට උපස්ථාන කිරීමද, පියාට උපස්ථාන කිරීම ද |
| පුත්තදාරස්ස සංගහො | අඹුදරුවන්ට සංග්‍රහ කිරීම ද |
| මාතාපිතුඋපට්‌ඨානං පුත්‌තදාරස්‌ස සඞ්‌ගහො | මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඬ්ග්‍රහ ද, |
| අනාකුලා ච කම්මන්තා | නිරවුල් කර්මාන්ත ඇති බව ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| අනාකුලා ච කම්‌මන්‌තා එතං මඞ්‌ගලමුත්‌තමං. | (ගොවිතැන් ආදි) නිරවුල් කර්මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| දානං ච | දන්දීම ද |
| ධම්ම චරියා ච | දශ කුශලයෙහි හැසිරීම ද |
| ඤාතකානං | ඤාතීන්ට |
| සංගහො ච | සංග්‍රහ කිරීම ද |
| දානං ච ධම්‌මචරියා ච ඤාතකානඤ්‌ච සඞ්‌ගහො | දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද, |
| අනවජ්ජානි කම්මානි | නිවැරැදි ක්‍රියා ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| අනවජ්‌ජානි කම්‌මානි එතං මඞ්‌ගලමුත්‌තමං. | පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| ආරති විරති පාපා | පාපයෙහි නො ඇලීම ද, පවින් වැළකීම ද |
| මජ්ජපානා ච සඤ්ඤමො | මත්පැනෙන් වැළකීම ද |
| ආරති විරති පාපා මජ්‌ජපානා ච සඤ්ඤමො | මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, |
| අප්පමාදො ච | නොපමා බව |
| ධම්මෙසු | කුශල ධර්මයෙහි (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මගුලෙකි. |
| අප්‌පමාදො ච ධම්‌මෙසු එතං මඞ්‌ගලමුත්‌තමං. | කුසලදහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| ගාරාවො ච | ගරු කටයුත්තන්ට ගරු කිරීම ද |
| නිවාතො ච | නිහතමාන බව ද |
| සන්තුට්ඨි ච | ලද දෙයින් සතුටුවන බව ද |
| කතඤ්ඤුතා | කෙළෙහිගුණ දන්නා බව ද |
| ගාරවො ච නිවාතො ච සන්‌තුට්‌ඨි ච කතඤ්‌ඤුතා | ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද, |
| කාලෙන ධම්ම සවණං | සුදුසු කල්හි බණ ඇසීම ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| කාලෙන ධම්‌මසවණං එතං මඞ්‌ගලමුත්‌තමං. | සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| ඛන්තී ච | ඉවසීම ද |
| සොවචස්සතා | සුවච බවද (කීකරු බවද) |
| සමණානඤ් ච දස්සනං | ශ්‍රමණයන් දැකීම ද |
| ඛන්‌තී ච සොවචස්‌සතා සමණානඤ්‌ච දස්‌සනං | ඉවැසීම ද, සුවච බව ද, ශ්‍රමණයන් දැක්ම ද, |
| කාලෙන ධම්ම සාකච්ඡා | සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| කාලෙන ධම්‌මසාකච්‌ඡා එතං මඞ්‌ගලමුත්‌තමං. | සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| තපො ච | තපස ද |
| බ්‍රහ්මචරියඤ් ච | බඹසර ද (යහපත් හැසිරීම ද) |
| අරිය සච්චාන දස්සනං | චතුරාර්යය සත්‍යයන් දැකීම ද |
| තපො ච බ්‍රහ්‌මචරියඤ්‌ච අරියසච්‌චානදස්‌සනං | තපස ද (ඉන්ද්‍රියසංවර හා වීර්යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍යසත්‍යයන් දැකීමද (මාර්ගදර්ශනය ද), |
| නිබ්බාණ සච්ජිකිරියා ච | නිවන් පසක් කිරීම ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| නිබ්‌බානසච්‌ඡිකිරියා ච එතං මඞ්‌ගලමුත්‌තමං. | නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය. |
| ඵුට්ඨස්ස | ස්පර්ශ කරන ලද |
| ලොක ධම්මෙහි | අටලෝ දහමින් |
| චිත්තං | සිත |
| යස්ස | යමෙකුගේ |
| න කම්පති | නො සැලේ ද |
| පුට්‌ඨස්‌ස ලොකධම්‌මෙහි චිත්‌තං යස්‌ස න කම්‌පති | අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද, |
| අසොකං | ශෝක රහිත ද |
| විරජං | රාගාදි රජස් (කෙලෙස්) රහිත ද |
| බේමං | නිර්භය ද (යන) |
| එතං | මෙය |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| අසොකං විරජං ඛෙමං එතං මඞ්‌ගලමුත්‌තමං. | ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය. |
| එතාදිසානි | (අසත් පුරුෂයන් සේවනය නො කිරීම ආදි) මෙබඳු මංගලයත් |
| කත්වාන | කොට |
| සබ්බත්ථමපරාජිතා | හැම තන්හි නොපැරැදුනෝව |
| එතාදිසානි කත්‍වාන සබ්‌බත්‍ථ මපරාජිතා | යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඬ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව |
| සබ්බත්ථ | සියලු තැන |
| සොත්ථිං ගච්ඡන්ති | සැපයට යෙත් ද |
| තං | එය |
| තෙසං | ඔවුනට |
| මඞ්‌ගලමුත්‌තමං | උතුම් මඟුලෙකි. |
| සබ්‌බත්‍ථ සොත්‍ථිං ගච්‌ඡන්‌ති තං තෙසං මඞ්‌ගලමුත්‌තමන්‌ති. | සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය. |