මුල් පිටුව
මහා මඞ්ගල සුත්තං
මහා මංගල සුත්තං මහා මංගල සූත්‍රය.
මහා මඞ්ගල සුත්තං මහා මඞ්ගල සූත්‍රය
එවං මෙසේ
මෙ මා විසින්
සුතං අසන ලදී
එකං සමයං එක් සමයෙක
භගවා භාග්‍යවතුන් වහන්සේ
එවං මෙ සුත: එකං සමයං භගවා මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවැත් නුවරැ
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු මහ සිටුහු ගේ
ආරාමෙ අරමෙ හි
සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්‌ස ආරාමෙ. සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
අථ ඛො එකල්හි
අඤ්ඤතරා දෙවතා එක්තරා දෙවියෙක්
අභික්කන්තාය රත්තියා රෑ ඉක්ම ගිය කල්හි
අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි
අභික්කන්ත වණ්ණා විශිෂ්ඨ ශෝභා ඇත්තේ
කෙවලකපං ජෙතවනං සියලු දෙව්රම් වෙහෙර
ඔභාසෙත්වා ස්වකීය ශරීර ශොභාවෙන් බබුලුවා
අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‍වා විශිෂ්ට ශරීරශොභා ඇත්තේ සියලු ජෙතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුලුවා
යෙන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද
තෙනුපසංකමි එතැනට එළඹියේ ය
යෙන භගවා තෙනුපසඞ්‌කමි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය.
උපසංකමිත්වා එළඹ
භගවන්තං භාග්‍යවතුන් වහන්සේ
අභිවාදෙත්වා වැඳ
එකමන්තං එකත් පසෙක
අට්ඨාසි සිටියේ ය
උපසඞ්‌කමිත්‍වා භගවන්‌තං අභිවාදෙත්‍වා එකමන්‌තං අට්‌ඨාසි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය.
එකමන්තං එකත් පසෙක
ඨිතා ඛො සා දෙවතා සිටි ඒ දෙවිතෙම
භගවන්තං භාග්‍යවතුන් වහන්සේස්ට
ගාථාය ගාථායෙන්
අජ්ඣහාසි (මෙසේ) කීයේ ය.
එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි. එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය:
බහුදෙවා බොහෝ දෙවියෝ ද
මනුස්සා ච මනුෂ්‍යයෝ ද
මංගලානි මංගල කරුණු
අචින්තයුං සිතූහ
බහූ දෙවා මනුස්‌සා ච මඞ්‌ගලානි අචින්‌තයුං, ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඬ්ගල කාරණයන් සිතූහ.
ආකංඛමානා කැමැති වන්නා වූ
සොත්ථානං මෙලොව පරලොව සැප
බ්‍රූහි වදාළ මැනැවි
මඞ්‌ගලමුත්‌තමං වැඩ සලසන උතුම් මංගල කරුණු.
ආකඞ්‌ඛමානා සොත්‍ථානං බ්‍රූහි මඞ්‌ගලමුත්‌තමං. වැඩ සලසන උතුම් මඟුල් (මඬ්ගල කාරණ) වදාළ මැනැවි.
අසෙවනා ච සේවනය නො කිරීම ද
බාලානං බාලයන් ගේ නොහොත් අසත් පුරුෂයන් ගේ
පණ්ඩිතානං ච සෙවනා පණ්ඩිතයන් නොහොත් සත්පුරුෂයන් සේවනය කිරීම ද
අසෙවනා ච බාලානං පණ්‌ඩිතානං ච සෙවනා, බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි.
පූජා ච පූජනීයානං පිදිය යුත්තන් පිදීම ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
පූජා ච පූජනීයානං එතං මඞ්‌ගලමුත්‌තමං. පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඬ්ගල කාරණය).
පතිරූප දෙස වාසො ච සුදුසු පෙදෙස්හි විසීම ද
පුබ්බේ ච කතපුඤ්ඤතා පෙරකළ පින් ඇති බව ද
පතිරූපදෙසවාසො ච පුබ්‌බෙ ච කතපුඤ්‌ඤතා සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද,
අත්තසම්මා පණිධි ච සිය අත් බව මනා දහම්හි පිහිටුවීම ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
අත්‌තසම්‌මාපණිධි ච එතං මඞ්‌ගලමුත්‌තමං. සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
බාහුසච්චඤ් ච බොහෝ ඇසූපිරූ තැන් ඇති බව ද
සිප්පඤ් ච ශිල්ප දැනීම ද
විනයො ච සුසික්ඛිතො මනාව හික්මුණු විනය ඇති බව ද
බාහුසච්‌චඤ්‌ච සිප්‌පඤ්‌ච විනයො ච සුසික්‌ඛිතො බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද,
සුභාසිතා ච යා වාචා යම් වචනයක් මොනවට කියන ලද ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
සුභාසිතා ච යා වාචා එතං මඞ්‌ගලමුත්‌තමං. මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
මාතා පිතු උපට්ඨානං මවුට උපස්ථාන කිරීමද, පියාට උපස්ථාන කිරීම ද
පුත්තදාරස්ස සංගහො අඹුදරුවන්ට සංග්‍රහ කිරීම ද
මාතාපිතුඋපට්‌ඨානං පුත්‌තදාරස්‌ස සඞ්‌ගහො මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඬ්ග්‍රහ ද,
අනාකුලා ච කම්මන්තා නිරවුල් කර්මාන්ත ඇති බව ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
අනාකුලා ච කම්‌මන්‌තා එතං මඞ්‌ගලමුත්‌තමං. (ගොවිතැන් ආදි) නිරවුල් කර්මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
දානං ච දන්දීම ද
ධම්ම චරියා ච දශ කුශලයෙහි හැසිරීම ද
ඤාතකානං ඤාතීන්ට
සංගහො ච සංග්‍රහ කිරීම ද
දානං ච ධම්‌මචරියා ච ඤාතකානඤ්‌ච සඞ්‌ගහො දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද,
අනවජ්ජානි කම්මානි නිවැරැදි ක්‍රියා ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
අනවජ්‌ජානි කම්‌මානි එතං මඞ්‌ගලමුත්‌තමං. පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
ආරති විරති පාපා පාපයෙහි නො ඇලීම ද, පවින් වැළකීම ද
මජ්ජපානා ච සඤ්ඤමො මත්පැනෙන් වැළකීම ද
ආරති විරති පාපා මජ්‌ජපානා ච සඤ්ඤමො මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද,
අප්පමාදො ච නොපමා බව
ධම්මෙසු කුශල ධර්මයෙහි (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මගුලෙකි.
අප්‌පමාදො ච ධම්‌මෙසු එතං මඞ්‌ගලමුත්‌තමං. කුසලදහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
ගාරාවො ච ගරු කටයුත්තන්ට ගරු කිරීම ද
නිවාතො ච නිහතමාන බව ද
සන්තුට්ඨි ච ලද දෙයින් සතුටුවන බව ද
කතඤ්ඤුතා කෙළෙහිගුණ දන්නා බව ද
ගාරවො ච නිවාතො ච සන්‌තුට්‌ඨි ච කතඤ්‌ඤුතා ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද,
කාලෙන ධම්ම සවණං සුදුසු කල්හි බණ ඇසීම ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
කාලෙන ධම්‌ම‌සවණං එතං මඞ්‌ගලමුත්‌තමං. සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
ඛන්තී ච ඉවසීම ද
සොවචස්සතා සුවච බවද (කීකරු බවද)
සමණානඤ් ච දස්සනං ශ්‍රමණයන් දැකීම ද
ඛන්‌තී ච සොවචස්‌සතා සමණානඤ්‌ච දස්‌සනං ඉවැසීම ද, සුවච බව ද, ශ්‍රමණයන් දැක්ම ද,
කාලෙන ධම්ම සාකච්ඡා සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
කාලෙන ධම්‌මසාකච්‌ඡා එතං මඞ්‌ගලමුත්‌තමං. සුදුසු කල්හි ධර්ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
තපො ච තපස ද
බ්‍රහ්මචරියඤ් ච බඹසර ද (යහපත් හැසිරීම ද)
අරිය සච්චාන දස්සනං චතුරාර්යය සත්‍යයන් දැකීම ද
තපො ච බ්‍රහ්‌මචරියඤ්‌ච අරියසච්‌චානදස්‌සනං තපස ද (ඉන්ද්‍රියසංවර හා වීර්යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍යසත්‍යයන් දැකීමද (මාර්ගදර්ශනය ද),
නිබ්බාණ සච්ජිකිරියා ච නිවන් පසක් කිරීම ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
නිබ්‌බානසච්‌ඡිකිරියා ච එතං මඞ්‌ගලමුත්‌තමං. නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
ඵුට්ඨස්ස ස්පර්ශ කරන ලද
ලොක ධම්මෙහි අටලෝ දහමින්
චිත්තං සිත
යස්ස යමෙකුගේ
න කම්පති නො සැලේ ද
පුට්‌ඨස්‌ස ලොකධම්‌මෙහි චිත්‌තං යස්‌ස න කම්‌පති අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද,
අසොකං ශෝක රහිත ද
විරජං රාගාදි රජස් (කෙලෙස්) රහිත ද
බේමං නිර්භය ද (යන)
එතං මෙය
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
අසොකං විරජං ඛෙමං එතං මඞ්‌ගලමුත්‌තමං. ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය.
එතාදිසානි (අසත් පුරුෂයන් සේවනය නො කිරීම ආදි) මෙබඳු මංගලයත්
කත්වාන කොට
සබ්බත්ථමපරාජිතා හැම තන්හි නොපැරැදුනෝව
එතාදිසානි කත්‍වාන සබ්‌බත්‍ථ මපරාජිතා යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඬ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව
සබ්බත්ථ සියලු තැන
සොත්ථිං ගච්ඡන්ති සැපයට යෙත් ද
තං එය
තෙසං ඔවුනට
මඞ්‌ගලමුත්‌තමං උතුම් මඟුලෙකි.
සබ්‌බත්‍ථ සොත්‍ථිං ගච්‌ඡන්‌ති තං තෙසං මඞ්‌ගලමුත්‌තමන්‌ති. සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.