මුල් පිටුව
දසධම්ම සුත්තං
දසධම්ම සුතං දස ධම්ම සූත්‍රය
එවං මෙ සුතං මා විසින් මෙසේ අසන ලදී
එකං සමයං එක් සමයෙක
භගවා භාග්‍යවතුන් වහන්සේ
සාවත්ථියං සැවැත් නුවරැ
විහරති වැඩ වසන සේක
ජෙතවනෙ ජේතවන නම් වූ
අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු සිටුහු ගේ
ආරාමේ ආරාමයෙහි
තත්‍ර ඛො එකල්හි
භගවා භාග්‍යවතුන් වහන්සේ
භික්ඛු ආමන්තෙසි භික්ෂූන් ඇමතූසේක
භික්ඛවොති මහණෙනි කියා
භදන්තෙති ස්වාමීන් වහන්සැ’යි කියා
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවතො භාග්‍යවතුන් වහන්සේට
පච්චස්සොසුං පිළිවදන් දුන්හු ය
භගවා බුදුරජාණන් වහන්සේ
එතදවොච මෙය වද‍ාළ සේක
දස ඉමෙ මේ දස
භික්ඛවෙ මහණෙනි
ධම්මා ධර්මයෝ
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බා ප්‍රත්‍යවෙක්ෂා කටයුත්තාහු ය
කතමෙ දස? කවර දස ධර්මයෝ ද යත්
වෙවණ්ණියම්හි විවර්ණ බවට (වෙනස් වර්‍ණයකට)
අජ්ඣූපගතොති පැමිණියේ වෙමි’යි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිරතුරුව
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවෙක්ෂා කටයුතු යි
පරපටිබද්ධා පරා (අනුන්) පිළිබඳය යි
මෙ ජීවිකාති මාගේ දිවි පැවත්ම
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං මෙනෙහි කටයුතු යි.
අඤ්ඤ‍ො අන්‍ය වූ (ගිහියන්ගෙන් වෙනස්වූ)
මෙ මා විසින්
ආකප්පො ආකල්පයෙක් (හැසිරීමක්)
කරණීයොති කටයුතුය යි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කටයුතු යි
කච්චිනු ඛො කිම හෝ
මෙ අත්තා මාගේ ආත්මය (සිත)
සීලතො සීලයෙන්
න උපවදතිති උපවාද නො කෙරේ හෝයි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං මෙනෙහි කටයුතු ය
කච්චිනු ඛො කිම හෝ
මං මා
අනුවිච්ච විචාර
විඤ්ඤු සබ්‍රහ්මචාරී නුවණැති සබ්‍රම්සරහු
සීලතො සීලයෙන්
න උපවදන්ති’ ති පරිභව නො බෙණෙද්දෝ හෝ යි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කටයුතු යි
සබ්බෙහි සියලු දෙනාගෙන් සහ සියලු දෙයින්
මෙ මාගේ
පියෙහි ප්‍රිය වූ
මනාපෙහි මනාප වූ
නානාභාවො නානාභාවය
විනාභාවොති විනාශ භාවය වේයයි
පබ්බජිතෙත පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවෙක්ෂා කටයුතු යි
කම්මස්සකොම්හි කර්මය තමා අයත් කොට ඇත්තේ වෙමි
කම්ම ද‍ායාද‍ො‍‍‍ කර්මය ද‍ායාද කොට ඇත්තෙමි
කම්ම යොනි කර්මය යෝනි කොට ඇත්තෙමි
කම්ම බන්ධු කර්මය නෑ කොට ඇත්තෙමි
කම්ම පටිසරණො කර්මය පිළිසරණ කොට ඇත්තෙමි
යං කම්මං යම් කර්මයක්
කරිස්සාමි කෙරෙම් ද
කල්‍යාණං වා යහපත් වූ හෝ
පාපකං වා පවිටු වූ හෝ
තස්ස ද‍ායාද‍ො භවිස්සාමීති ඒ කර්මය විසින් දෙන ලද්ද අයත් වෙමි යි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කටයුතු යි
කථංභූතස්ස මෙ කෙසේ වූ මට
රත්තිං දිවා රෑ දවල්හු
වීතිපතන්තීති ඉක්මෙත් දෝහෝ යි
පබ්බජිත්තෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කටයුතු යි
කච්චනුඛොහං කිමැ හෝ මම
සුඤ්ඤ‍ාගාරෙ ශුන්‍යාගාරයෙහි (හිස් පෙදෙසෙහි)
අභිරමාමීති ඇලෙම්දෝ හෝ යි
පබ්බජිතෙත පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා කටයුතු යි(මෙනෙහි කටයුතු යි)
අත්ථිනු ඛො ඇද්දෝ හෝ යි
මෙ මා වෙත
උත්තරිමනුස්ස ධම්මා උතුරු මිනිස් දම්
අලමරියඤාණදස්සන විසෙසො අධිගතො පොහොසත් ආර්යඤාණදර්ශන විශේෂයෙක් ලබන ලද්දේ හෝ
සොහං ඒ මම
පච්ඡිමෙ කාලෙ පශ්චිම කාලයෙහි (මරණ කාලයෙහි)
සබ්‍රහ්මචාරිහි සබ්‍රම්සරුන් විසින්
පුට්ඨො විචාරණ ලද්දෙම්
න මංකුභවිස්සාමීති තේජස් රහිත නො වෙම් දෝ හෝ යි
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බං මෙනෙහි කටයුතු යි
ඉමෙ ඛො මේ
භික්ඛවෙ මහණෙනි
දස ධම්මා දස ධර්මයෝ
පබ්බජිතෙන පැවිද්දහු විසින්
අභිණ්හං නිතොර
පච්චවෙක්ඛිතබ්බාති මෙනෙහි කළ යුත්තාහු ය’යි
ඉදමවොච මේ දේශනාව වදාළ සේක
භගවා බුදුරදුන් වහන්සේ
අත්තමානා සතුටු සිත් ඇති
තෙ භික්ඛු ඒ භික්ෂූහු
භගවතො භාග්‍යවතුන් වහන්සේ ගේ
භාසිතං දේශනාවට
අභිනන්දුන්ති විශේෂයෙන් සතුටු වූවාහු ය.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.