මුල් පිටුව
රතන සුත්තං
රතන සුත්තං රතන සූත්‍රය
රතන සුත්‌තං රතන සූත්‍රය
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
යානීධ භූතානි සමාගතානි භුම්‌මානි වා යානි ව අන්‌තළික්‌ඛෙ 1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද,
සබ්බෙව භූතා ඒ සියලු අමනුෂ්‍යයෝ ම
සුමනා භවන්තු සතුටු සිතැත්තෝ වෙත්වා
අථොපි තවද
සක්කච්ච සකසා
සුණන්තු අසත්වා
භාසිතං මගේ වචනය
සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු අථො‘පි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං. ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.
තස්මාහි එබැවින්
භූතා භූතයිනි
නිසාමෙථ (මගේ වචනය) අසවු
සබ්බෙ සියලු තොපි
මෙත්තං කරොථ මෛත්‍රිය කරවු
මානුසියා පජාය මිනිස් ප්‍රජාවට
තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය. 2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු.
දිවා ච රත්තො ච දහවල් ද රෑ ද
හරන්ති එළවත් ද
යෙ යම් කෙනෙක්
බලිං පුද පඬුරු
තස්මාහි එහෙයින්
තෙ ඔවුන්
රක්ඛථ රකිවු
අප්පමත්තා නොපමාවම
දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.
යං කිඤ්චි විත්තං යම් ධනයෙක් වේ ද
ඉධ වා මේ මිනිස් ලොව හෝ
හුරං වා නාග ලෝක ආදී අන් ලොවෙක හෝ
සග්ගෙසු වා ස්වර්ගයෙහි හෝ
යං රතනං පණීතං යම්කිසි උතුම් රත්නයක් වේ ද (ඔවුන් අතුරෙහි)
යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා - සග්‌ගෙසු වා යං රතනං පණීතං 3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද
න නො සමං අත්ථි සදෘශයෙක් (සමානයෙක්) නොම ඇත්තේ ය
තථාගතෙන තථාගතයන් හා
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
න නො සමං අත්‍ථි තථාගතෙන - ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.)
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
ඛයං (කෙලෙසුන් දුරුකරන හෙයින්) ක්ෂය නම් වූ
විරාගං (රාගයෙන් වෙන්වීමට නිමිති වූ) විරාග නම් වූ
අමතං (මරණයක් නැති හෙයින්) අමත නම් වූ
පණීතං උතුම් වූ (මහත් වූ)
යදජ්ඣගා යම් නිවනක් අවබෝධ කළේ ද?
සක්‍යමුනී ශාක්‍යමුනි තෙම
සමාහිතො එකඟ වූ සිත් ඇති
ඛයං විරාගං අමතං පණීතං - යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො 4. ශාක්‍යමුනි තෙම (ආර්යමාර්ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද,
න තෙන ධම්‌මෙන සමත්ථි කිඤ්චි ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත
ඉදම්පි මේ කරුණින් ද
ධම්මෙ ධර්මයෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
න තෙන ධම්‌මෙන සමත්‍ථි කිඤ්‌චි - ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.
යං යම් ආර්යමාර්ගයක්
බුද්ධ සෙට්ඨො බුද්ධ ශ්‍රේෂ්ඨතෙමේ
පරිවණ්ණයී වර්ණනා කෙළේ ද
සුචිං පිරිසුදු වූ
සමාධිමානන්තරිකඤ්ඤමාහු ආනන්තරික සමාධිය යි (බුද්ධාදී ආර්යයෝ) කියද්ද
යම්බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං - සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු 5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්ගසමාධියක් වර්ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද,
සමාධිනා තෙන ඒ සමාධිය හා
සමො සම වූ සමාධියෙක්
න විජ්ජති නැත
ඉදම්පි මේ කරුණින් ද
ධම්මෙ ධර්මයෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
සමාධිනා තෙන සමො න විජ්‌ජති - ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්මය උතුම් රුවනෙකි.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
යෙ පුග්ගලා යම් ආර්ය පුද්ගලයෝ
අට්ඨ අටදෙනෙක් වෙත් ද
සතං පසත්ථා සත්පුරුෂයන් විසින් පසස්නා ලද
චත්තාරි එතානි යුගානි මොහු හැම දෙන යුග සතරක්
හොන්‌ති වෙති
යෙ පුග්‌ගලා අට්‌ඨසතම්පසත්‍ථා - චත්‌තාරි එතානි යුගානි හොන්‌ති 6. සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද නොහොත් ප්‍රශස්ත වූ යම් අටෝරාසියක් අරී පුගුලෝ වෙත් ද, මොහු හැම දෙන සතර යුග කෙනෙක් වෙති.
තෙ ඒ ආර්ය පුද්ගලයෝ
දක්ඛිණෙය්‍යා දක්ෂිණාවට සුදුස්සෝ වෙති
සුගතස්ස සුගත් බුදුරජුගේ
සාවකා ශ්‍රාවක වූ
එතෙසු මේ බුදු සව්වන් කෙරෙහි
දින්නානි දෙන ලද ද‍ානයෝ
මහප්ඵලානී මහත් පල ඇත්තෝ වෙත්
තෙ දක්‌ඛිණෙය්‍යා සුගතස්‌ස සාවකා - එතෙසු දින්‌නානි මහප්‌ඵලානි සුගත බුදුරජුන්ගේ සවු වූ ඔහු තුමූ දක්ෂිණාවට (කර්මය ද කර්මවිපාකය ද අදහා දෙන දානය පිළිගැන්මට) සුදුස්සෝ වෙති. මේ බුදුසව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් පල ඇත්තෝ වෙත්.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද බුද්ධශ්‍රාවක සඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යෙ යම් කෙනෙක්
සුප්පයුත්තා මනාකොට යෙදුණාහු ද
මනසා දළ්හෙන ස්ථිරවූ සිතින්
නික්කාමිනො සියලු කෙළෙසුන් කෙරෙන් මිදුණාහු ද
ගොතම සාසනම්හි ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි
යෙ සුප්‌පයුත්‌තා මනසා දළ්‌හෙන - නික්‌කාමිනො ගොතමසාසනම්‌හි 7. ගොයුම්බුදුරජුන් ගේ සස්නෙහි වූ, සුවිශුද්ධ කායවාක්කර්ම සංඛාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ, ස්ථිර සිතින් (හෙවත් සමාධිගත සිතින්) යුක්ත වූ, ප්‍රඥාව කරණ කොට ගෙණ සියලු කෙලෙසුන්ගෙන් නික්මුනා වූ යම් පුද්ගල කෙනෙක් වෙත ද,
තෙ ඔවුහු
පත්තිපත්තා රහත් ඵලයට පැමිණියාහු නම් වෙත්
අමතං නිවණට
විගය්හ බැස
ලද්ධා මුධා නොමිලයේ ලත්
නිබ්බුතිං තිවන්සුව
භුඤ්ජමානා වළඳන්නාහු
තෙ පත්‌තිපත්‌තා අමතං විගය්‌හ - ලද්‌ධා මුධා නිබ්‌බුතිං භුඤ්‌ජමානා. ඔහු තුමූ (අරමුණු කිරීම් වශයෙන්) නිවනට බැස ගෙණ නො මිලේ ම රහත්පල සමවත ලැබ ගෙණ එය විඳින්නාහු වෙති.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යථා යම්සේ
ඉන්දඛීලො පඨවිංසිතො පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලයක්
සියා වන්නේ ද
චතුබ්හි වාතෙහි සිවු දිගින් හමන සුළගින්
අසම්ප කම්පියො සෙළවිය නොහැකි
යථින්‍දඛීලො පඨවිං‌සිතො සියා - චතුබ්‌භි වාතෙභි අසම්‌පකම්‌පියො 8. යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්‍රියකීලය තෙමෙ සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද,
තථුපමං ඒ ඉන්ද්‍ර ඛීලය බඳු ය යි
සප්පුරිසං ඒ සත්පුරුෂයා
වද‍ාමි කියමි
යො යම් ආර්ය පුද්ගලයෙක්
අරිය සච්චානි චතුරාර්ය සත්‍යය
අවෙච්ච පස්සති නුවණින් අවබෝධ කෙළේ ද
තථූපමං සප්‌පුරිසං වදාමි - යො අරියසච්‌චානි අවෙච්‌ච පස්‌සති. ආර්යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යෙ යම් සෝවාන් පුද්ගල කෙනෙක්
අරිය සච්චානි චතුරාර්ය සත්‍යයත්
විභාවයන්ති තමා අවබෝධ කෙරෙත් ද
ගම්භීරපඤ්ඤෙන ගැඹුරු නුවණැති බුදුරදුන් විසින්
සුදෙසිතානි මනාකොට දෙසන ලද
යෙ අරියසච්‌චානි විභාවයන්‌ති - ගම්‌භීරපඤ්‌ඤෙන සුදෙසිතානි 9. යම් සෝවාන් පුඟුල් කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරජුන් දෙසූ ආර්යසත්‍යයයන් තමනට ප්‍රකට කෙරෙත් ද,
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා කිසිසේත් ඔවුහු බෙහෙවින් පමාවූවාහු නමුදු
න තෙ භවං අට්ඨමං ආදියන්ති ඔවුහු අටවන භවයක් නො ගනිති
කිඤ්‌චාපි තෙ හොන්‌ති භූසප්පමත්‌තා - න තෙ භවං අට්‌ඨමං ආදියන්‌ති ඔහු (දෙව්ස්‍රව සක්විති රජස්‍රව ආදි පමාවට කරුණු වන තැනකට පැමිණ) බෙහෙවින් පමා වූවාහු නමුදු අටවන භවයක් නො ගණිති.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
සහාවස්‌ස දස්සන සම්පද‍ාය දර්ශන සම්පත්තිය හා සමගම (සෝවාන් මග නුවණ පහළවීම සමග)
තයස්‌සු ධම්මා මේ සෝවාන් පුද්ගලයා ගේ කියන ලද සංයෝජන ධර්මයෝ තිදෙන
ජහිතා භවන්ති දුරුකරන ලද්ද‍ා‍‍‍‍‍‍හු වෙත් ද
සහාවස්‌ස දස්‌සනසම්‌පදාය - තයස්‌සු ධම්‌මා ජහිතා භවන්‌ති 10. මේ සෝවාන්හුගේ දර්ශනසම්පත්තිය (පළමු වන නිවන් දැක්ම) හෙවත් සෝවාන් මඟ නුවණ පහළ වීම සමග ම මේ තුන් සංයෝජනයෝ දුරු කරණ ලද්දෝ වෙත්.
සක්කාය දිට්ඨි සක්කායදෘෂ්ටිය ද
විචිකිච්ඡතං ච විචිකිත්සාව ද (සැකය ද)
සිලබ්බතං වාපි ශීලව්‍රතාදියක් හෝ
යදත්‍ථි කිඤ්චි ඇද්ද යම්කිසි
සක්‌කායදිට්‌ඨී විචිකිච්‌ඡිතඤ්‌ච - සීලබ්‌බතං වාපි යදත්‍ථි කිඤ්‌චී එනම් සත්කායදෘෂ්ටිය ද, (බුද්ධාදි අට තන්හි) සැකය ද, යම් මිථ්‍යාශීලව්‍රත කෙනෙක් වූහූ නම් ඒ සියල්ල ද යන මේවායි.
චතුහි අපායෙහි ච සිවු අපායෙන් ද
විප්පමුත්තො මිදුණේ වේ
ඡචාභිඨානානි සවැදෑරුම් බරපතල පාපයන් (ආනන්තර්ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත්)
අභබ්බෝ නුසුදුසු ය
කාතුං කරන්නට
චතූහපායෙහි ච විප්‌පමුත්‌තො - ඡ චාභිඨානානි අභබ්‌බො කාතුං හෙතෙම සතර අපායයන් කෙරෙන් මිදුනේ ද වේ. (ආනන්තර්ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් වූ පව් සය කරන්නට ද හේ අභව්‍ය ය (ඔහු විසින් ඒ පව් සය නො කට හැක්ක).
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
කිඤ්චාපි කිසියම්
සො ඒ සෝවාන් පුද්ගල තෙමේ
කම්මං කරොති පාපකං පාප කර්මයක් කෙරේ ද
කායෙන කයින් හෝ
වාචා වචනයෙන් හෝ
උද නොහොත්
චෙතසා වා සිතින් හෝ
කිඤ්‌චාපි සො කම්‌මං කරොති පාපකං - කායෙන වාචා උද චෙතසා වා 11. ඒ (සෝවාන්) පුද්ගල තෙම (ප්‍රමාදයෙකින්) කයින් හෝ වචනයෙන් හෝ නැත හොත් සිතින් හෝ ප්‍රඥප්තිවද්‍යමාත්‍ර වූ කිසි වරදක් කරන්නේ නුමුදු,
අභබ්බො අභව්‍ය ය
සො හෙතෙම
තස්ස ඒ පාපකර්මයා ගේ
පටිච්ඡාදාය සැඟවීමට
අභබ්බතා වරද සැඟවීමෙහි අභව්‍ය බව
දිට්ඨපදස්ස දක්නා ලද නිවන් පද ඇති සෝවාන් පුද්ගලයා ගේ
වුත්තා බුදුරදුන් වද‍ාරණ ලදී
අභබ්‌බො සො තස්‌ස පටිච්ඡාදාය - අභබ්‌බතා දිට්‌ඨපදස්‌ස වුත්‌තා. හේ එය සඟොවන්නට නො හැක්කේ ය. දක්නා ලද නිර්වාණපදය ඇති සෝවාන්හුගේ (වරද සැඟෙවීමෙහි) අභව්‍ය බව (හෙවත් වරද සැඟෙවිය නො හැකි බව) (බුදු රජුන් විසින්) වදාරන ලද්දේ ය.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද ආර්යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
වනප්පගුම්බෙ වනලැහැබක්
යථා ඵුස්සිතග්ගෙ මනාව මල් පිපුණු අක් (අග්ගිසි) ඇත්තේ යම්සේ ද
ගිම්හාන මාසෙ පඨමස්‌මිං පළමු ශ්‍රීෂ්ම මාසයෙහි
ගිම්හෙ ශ්‍රීෂ්ම සෘතුවෙහි
වනප්‌පගුම්‌බෙ යථා ඵුස්‌සිතග්‌ගෙ - ගිම්‌හාණමාසෙ පඨමස්‌මිං ගිම්‌හෙ 12. වන ලැහැබ තෙමේ ග්‍රීෂ්මර්තුව සම්බන්ධී වූ ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි (හෙවත් බක් මස) සුපිපි අක් ඇත්තේ යම්සේ ද,
තථොපමං එබඳු වූ
ධම්‌මවරං උතුම් වූ ධර්මය
අදෙසයි (බුදුරජාණන්වහන්සේ) දෙසූ සේක.
නිබ්බාණගාමිං නිවනට පමුණුවන
පරමං හිතාය නිවන් පිණිස
තථූපමං ධම්‌මවරං අදෙසයී - නිබ්‌බාණගාමිං පරමං හිතාය. එසේ වූ නිවන්පුර පමුණුවන පර්යාප්තිධර්මරත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිණිස (ඒ බුදුරජ තෙම) දෙසී ය.
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
වරො උතුම් වූ
වරඤ්ඤු නිවන්දන්නා වූ
වරද‍ො උතුම් නිවන් දෙන්නා වූ
වරාහරො උතුම් නිවන් මග ගෙනහැර පාන්නා වූ
අනුන්තරො නිරුත්තර වූ බුදුරජතෙම
ධම්මවරං උතුම් දහමක්
අදෙසයි දෙසී ද
වරො වරඤ්‌ඤූ වරදො වරාහරො - අනුත්‌තරො ධම්‌මවරං අදෙසයී. 13. උතුම් වූ නිවන් දන්නා වූ, උතුම් නිවන දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන හැර පාන්නා වූ, නිරුත්තර වූ බුදුරජ තෙම උතුම් දහමක් දෙසී ය.
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
ඛීණං ක්ෂණවූයේ ද
පුරාණං පුරාතන කර්ම (යම් රහත් කෙනකුගේ)
නවං නත්ථි සම්භවං අලුත් භවයක් නැත්තේ ද
විරත්ත චිත්තා නොඇලුණු සිත් ඇති
ආයතිකෙභවස්මිං මතුභවයක් කෙරෙහි
ඛීණං පුරාණං නවං නත්‍ථි සම්‌භවං - විරත්‌තචිත්‌තා ආයතිකෙ භවස්‌මිං. 14. යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම (මෙයින් මත්තෙහි ප්‍රතිසන්ධියක් දිය නො හැක්කේ) රහත්මඟින් ක්ෂීණ වූයේ ද, (කර්මක්ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි) අළුත් කර්මයන්ගේ පහළ වීමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නො ඇලුණු සිතැති,
තෙ ඒ රහත්හු
ඛීණ බීජා ක්ෂීණ වූ ප්‍රතිසන්ධී විඥ‍ාන සංඛ්‍යාත බීජ ඇති
අවිරූළ්භිච්ඡන්ද‍ා පුනරුත්පත්තියෙහි ආශාවක් නැති
නිබ්බන්ති (නිවෙත්) පිරිනිවෙත්
ධීරා ධෛර්යසම්පන්න වූ
යථායම්පදීපො මේ පහන මෙන්
තෙ ඛීණබීජා අවිරූළ්‌හිච්ඡන්‍දා - නිබ්‌බන්‌ති ධීරා යථායම්පදීපො. ක්ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛාත වීජ ඇති, පුනර්භව සඞ්ඛාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්යසම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්.
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං - එතෙන සච්‌චෙන සුවත්‍ථි හොතු. මේ කරුණින් ද සඞ්ඝයා උතුම් රුවනි නොහොත් මේ ද සඞ්ඝයා ගේ උතුම් රුවන් බවෙකි). මේ සත්‍යබලයෙන් සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
යානීධ භූතානි සමාගතානි - භුම්‌මානි වා යානි ව අන්‌තළික්‌ඛෙ 15. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද,
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
බුද්ධං බුදුරදුන්
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
තථාගතං දෙවමනුස්‌සපූජිතං - බුද්‌ධං නමස්‌සාම සුවත්‍ථි හොතු. ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
යානීධ භූතානි සමාගතානි - භුම්‌මානි වා යානි ව අන්‌තළික්‌ඛෙ. 16. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද,
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
ධම්මං ධර්මය
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
තථාගතං දෙවමනුස්‌සපූජිතං - ධම්‌මං නමස්‌සාම සුවත්‍ථි හොතු. ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
යානීධ භූතානි සමාගතානි - භුම්‌මානි වා යානි ව අන්‌තළික්‌ඛෙ 17. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද,
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
සංඝං සංඝයා
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
තථාගතං දෙවමනුස්‌සපූජිතං - සඞ්‌ඝං නමස්‌සාම සුවත්‍ථි හොතු. ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.