මුල් පිටුව
රතන සුත්තං
රතන සුත්තං රතන සූත්‍රය
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
සබ්බෙව භූතා ඒ සියලු අමනුෂ්‍යයෝ ම
සුමනා භවන්තු සතුටු සිතැත්තෝ වෙත්වා
අථොපි තවද
සක්කච්ච සකසා
සුණන්තු අසත්වා
භාසිතං මගේ වචනය
තස්මාහි එබැවින්
භූතා භූතයිනි
නිසාමෙථ (මගේ වචනය) අසවු
සබ්බෙ සියලු තොපි
මෙත්තං කරොථ මෛත්‍රිය කරවු
මානුසියා පජාය මිනිස් ප්‍රජාවට
දිවා ච රත්තො ච දහවල් ද රෑ ද
හරන්ති එළවත් ද
යෙ යම් කෙනෙක්
බලිං පුද පඬුරු
තස්මාහි එහෙයින්
තෙ ඔවුන්
රක්ඛථ රකිවු
අප්පමත්තා නොපමාවම
යං කිඤ්චි විත්තං යම් ධනයෙක් වේ ද
ඉධ වා මේ මිනිස් ලොව හෝ
හුරං වා නාග ලෝක ආදී අන් ලොවෙක හෝ
සග්ගෙසු වා ස්වර්ගයෙහි හෝ
යං රතනං පණීතං යම්කිසි උතුම් රත්නයක් වේ ද (ඔවුන් අතුරෙහි)
න නො සමං අත්ථි සදෘශයෙක් (සමානයෙක්) නොම ඇත්තේ ය
තථාගතෙන තථාගතයන් හා
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඛයං (කෙලෙසුන් දුරුකරන හෙයින්) ක්ෂය නම් වූ
විරාගං (රාගයෙන් වෙන්වීමට නිමිති වූ) විරාග නම් වූ
අමතං (මරණයක් නැති හෙයින්) අමත නම් වූ
පණීතං උතුම් වූ (මහත් වූ)
යදජ්ඣගා යම් නිවනක් අවබෝධ කළේ ද?
සක්‍යමුනී ශාක්‍යමුනි තෙම
සමාහිතො එකඟ වූ සිත් ඇති
න තෙන ධම්‌මෙන සමත්ථි කිඤ්චි ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත
ඉදම්පි මේ කරුණින් ද
ධම්මෙ ධර්මයෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යං යම් ආර්යමාර්ගයක්
බුද්ධ සෙට්ඨො බුද්ධ ශ්‍රේෂ්ඨතෙමේ
පරිවණ්ණයී වර්ණනා කෙළේ ද
සුචිං පිරිසුදු වූ
සමාධිමානන්තරිකඤ්ඤමාහු ආනන්තරික සමාධිය යි (බුද්ධාදී ආර්යයෝ) කියද්ද
සමාධිනා තෙන ඒ සමාධිය හා
සමො සම වූ සමාධියෙක්
න විජ්ජති නැත
ඉදම්පි මේ කරුණින් ද
ධම්මෙ ධර්මයෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යෙ පුග්ගලා යම් ආර්ය පුද්ගලයෝ
අට්ඨ අටදෙනෙක් වෙත් ද
සතං පසත්ථා සත්පුරුෂයන් විසින් පසස්නා ලද
චත්තාරි එතානි යුගානි මොහු හැම දෙන යුග සතරක්
හොන්‌ති වෙති
තෙ ඒ ආර්ය පුද්ගලයෝ
දක්ඛිණෙය්‍යා දක්ෂිණාවට සුදුස්සෝ වෙති
සුගතස්ස සුගත් බුදුරජුගේ
සාවකා ශ්‍රාවක වූ
එතෙසු මේ බුදු සව්වන් කෙරෙහි
දින්නානි දෙන ලද ද‍ානයෝ
මහප්ඵලානී මහත් පල ඇත්තෝ වෙත්
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යෙ යම් කෙනෙක්
සුප්පයුත්තා මනාකොට යෙදුණාහු ද
මනසා දළ්හෙන ස්ථිරවූ සිතින්
නික්කාමිනො සියලු කෙළෙසුන් කෙරෙන් මිදුණාහු ද
ගොතම සාසනම්හි ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි
තෙ ඔවුහු
පත්තිපත්තා රහත් ඵලයට පැමිණියාහු නම් වෙත්
අමතං නිවණට
විගය්හ බැස
ලද්ධා මුධා නොමිලයේ ලත්
නිබ්බුතිං තිවන්සුව
භුඤ්ජමානා වළඳන්නාහු
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යථා යම්සේ
ඉන්දඛීලො පඨවිංසිතො පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලයක්
සියා වන්නේ ද
චතුබ්හි වාතෙහි සිවු දිගින් හමන සුළගින්
අසම්ප කම්පියො සෙළවිය නොහැකි
තථුපමං ඒ ඉන්ද්‍ර ඛීලය බඳු ය යි
සප්පුරිසං ඒ සත්පුරුෂයා
වද‍ාමි කියමි
යො යම් ආර්ය පුද්ගලයෙක්
අරිය සච්චානි චතුරාර්ය සත්‍යය
අවෙච්ච පස්සති නුවණින් අවබෝධ කෙළේ ද
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යෙ යම් සෝවාන් පුද්ගල කෙනෙක්
අරිය සච්චානි චතුරාර්ය සත්‍යයත්
විභාවයන්ති තමා අවබෝධ කෙරෙත් ද
ගම්භීරපඤ්ඤෙන ගැඹුරු නුවණැති බුදුරදුන් විසින්
සුදෙසිතානි මනාකොට දෙසන ලද
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා කිසිසේත් ඔවුහු බෙහෙවින් පමාවූවාහු නමුදු
න තෙ භවං අට්ඨමං ආදියන්ති ඔවුහු අටවන භවයක් නො ගනිති
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
සහාවස්‌ස දස්සන සම්පද‍ාය දර්ශන සම්පත්තිය හා සමගම (සෝවාන් මග නුවණ පහළවීම සමග)
තයස්‌සු ධම්මා මේ සෝවාන් පුද්ගලයා ගේ කියන ලද සංයෝජන ධර්මයෝ තිදෙන
ජහිතා භවන්ති දුරුකරන ලද්ද‍ා‍‍‍‍‍‍හු වෙත් ද
සක්කාය දිට්ඨි සක්කායදෘෂ්ටිය ද
විචිකිච්ඡතං ච විචිකිත්සාව ද (සැකය ද)
සිලබ්බතං වාපි ශීලව්‍රතාදියක් හෝ
යදත්‍ථි කිඤ්චි ඇද්ද යම්කිසි
චතුහි අපායෙහි ච සිවු අපායෙන් ද
විප්පමුත්තො මිදුණේ වේ
ඡචාභිඨානානි සවැදෑරුම් බරපතල පාපයන් (ආනන්තර්ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත්)
අභබ්බෝ නුසුදුසු ය
කාතුං කරන්නට
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
කිඤ්චාපි කිසියම්
සො ඒ සෝවාන් පුද්ගල තෙමේ
කම්මං කරොති පාපකං පාප කර්මයක් කෙරේ ද
කායෙන කයින් හෝ
වාචා වචනයෙන් හෝ
උද නොහොත්
චෙතසා වා සිතින් හෝ
අභබ්බො අභව්‍ය ය
සො හෙතෙම
තස්ස ඒ පාපකර්මයා ගේ
පටිච්ඡාදාය සැඟවීමට
අභබ්බතා වරද සැඟවීමෙහි අභව්‍ය බව
දිට්ඨපදස්ස දක්නා ලද නිවන් පද ඇති සෝවාන් පුද්ගලයා ගේ
වුත්තා බුදුරදුන් වද‍ාරණ ලදී
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
වනප්පගුම්බෙ වනලැහැබක්
යථා ඵුස්සිතග්ගෙ මනාව මල් පිපුණු අක් (අග්ගිසි) ඇත්තේ යම්සේ ද
ගිම්හාන මාසෙ පඨමස්‌මිං පළමු ශ්‍රීෂ්ම මාසයෙහි
ගිම්හෙ ශ්‍රීෂ්ම සෘතුවෙහි
තථොපමං එබඳු වූ
ධම්‌මවරං උතුම් වූ ධර්මය
අදෙසයි (බුදුරජාණන්වහන්සේ) දෙසූ සේක.
නිබ්බාණගාමිං නිවනට පමුණුවන
පරමං හිතාය නිවන් පිණිස
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
වරො උතුම් වූ
වරඤ්ඤු නිවන්දන්නා වූ
වරද‍ො උතුම් නිවන් දෙන්නා වූ
වරාහරො උතුම් නිවන් මග ගෙනහැර පාන්නා වූ
අනුන්තරො නිරුත්තර වූ බුදුරජතෙම
ධම්මවරං උතුම් දහමක්
අදෙසයි දෙසී ද
ඉදම්පි මේ කරුණින් ද
බුද්ධෙ බුදුරදුන් කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං (ප්‍රණීත) උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
ඛීණං ක්ෂණවූයේ ද
පුරාණං පුරාතන කර්ම (යම් රහත් කෙනකුගේ)
නවං නත්ථි සම්භවං අලුත් භවයක් නැත්තේ ද
විරත්ත චිත්තා නොඇලුණු සිත් ඇති
ආයතිකෙභවස්මිං මතුභවයක් කෙරෙහි
තෙ ඒ රහත්හු
ඛීණ බීජා ක්ෂීණ වූ ප්‍රතිසන්ධී විඥ‍ාන සංඛ්‍යාත බීජ ඇති
අවිරූළ්භිච්ඡන්ද‍ා පුනරුත්පත්තියෙහි ආශාවක් නැති
නිබ්බන්ති (නිවෙත්) පිරිනිවෙත්
ධීරා ධෛර්යසම්පන්න වූ
යථායම්පදීපො මේ පහන මෙන්
ඉදම්පි මේ කරුණින් ද
සංඝෙ සංඝයා කෙරෙහි
රතනං රත්න භාවය වේ
පණීතං උතුම්.
එතෙන සච්චෙන මේ සත්‍ය බලයෙන්
සුවත්ථි හොතු සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
බුද්ධං බුදුරදුන්
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
ධම්මං ධර්මය
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
යානීධ භූතානි යම් මෙතැන්හි අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
සමාගතානි රැස්වූ
භුම්මානි වා පොළොවෙහි වූ හෝ
යානි ව යම් අමනුෂ්‍ය කෙනෙක් ඇද්ද
අන්තලික්ඛෙ අහසෙහි වූ ද
තථාගතං තථාගත නම් වූ
දෙවමනුස්ස පූජිතං දෙව්මිනිසුන් විසින් පුදනලද
සංඝං සංඝයා
නමස්සාම (අපි හැම දෙනා ම) නමදිමු
සුවත්ථි හොතු (සත්හට) සෙත් වේවා.
මේ පිරිත් ඇතුලත් කර සැකසු අන්තර්ජාලය අනවශ්‍ය offline මෘදුකාංග පරිඝනක සඳහා සහ Android දුරකථන සඳහා ලබාගන්න.