සෙත් පිරිත්English

සීවලී පරිත්තං

සීවලී පිරිත · Seevali Piritha · Sīvalī Parittaṃ

සජ්ඣායනය: අයගම සුසීල හිමි
10:15
හඬ බාගන්න

සීවලී පරිත්තං – පාලි පෙළ සහ සිංහල තේරුම

පිරිත වාදනය වන විට ඕනෑම පේළියක් මත තට්ටු කර එතැනින් අසන්න.

පූරෙන්තා පාරමී සබ්බේ සබ්බේ පච්චේකනායකාසියලු පාරමිතාවන් පුරන්නා වූ සියලු පසේබුදුවරයන් වහන්සේලා ද සිහි කොට
සීවලී ගුණතේජේන පරිත්තං තං භණාමහේසීවලී මහ රහතන් වහන්සේගේ ගුණ තේජසින් යුත් ඒ පිරිත කියන්නෙමු.
න ජාලීති ති ජාලිතා මි ආ ඊ ඌ ආම් ඉ ස්වාහා(මන්ත්‍ර පාඨයකි)
බුද්ධසාමි බුද්ධසත්‍යාම්(මන්ත්‍ර පාඨයකි)
පදුමුත්තරෝ නාම ජිනෝ සබ්බධම්මේසු චක්ඛුමාසියලු ධර්මයන්හි නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ
ඉතෝ සතසහස්සම්හි කප්පේ උප්පජ්ජි නායකෝමෙයින් කල්ප සියක් දහසකට පෙර ලෝකනායක ව පහළ වූ සේක.
සීවලී ච මහාථේරෝ සෝ රහෝ පච්චයාදිනංසීවලී මහ තෙරුන් වහන්සේ සිව්පසය ආදිය ලැබීමට සුදුසු වූ සේක.
පියෝ දේවමනුස්සානං පියෝ බ්‍රහ්මාන මුත්තමෝදෙව් මිනිසුන්ට ප්‍රිය වූ සේක, බ්‍රහ්මයන්ට ද ප්‍රිය වූ උතුම් වූ සේක.
පියෝ නාග සුපණ්ණානං පීණින්ද්‍රියං නමාමහංනාගයන්ට ද ගුරුළන්ට ද ප්‍රිය වූ, පිනා ගිය ඉඳුරන් ඇති උන්වහන්සේට මම නමස්කාර කරමි.
නාසං සීමෝ ච මේ සීසං නානාජාලීති සඤ්ජලිං(මන්ත්‍ර පාඨයකි)
සදේව මනුස්ස පූජිතං සබ්බේ ලාභා උපෙන්තු මේදෙවියන් සහිත මිනිසුන් විසින් පුදන ලද උන්වහන්සේගේ ආනුභාවයෙන් සියලු ලාභයෝ මා වෙත පැමිණෙත්වා!
සත්තාහං ද්වාරමූළ්හෝහං මහාදුක්ඛසමප්පිතෝමම සතියක් මුළුල්ලේ මව්කුස දොරටුවෙහි මුළා ව (මූඪගර්භ ව) මහත් දුකින් පෙළුණෙමි.
මාතා මේ ඡන්දදානේන ඒවමාසි සුදුක්ඛිතාමාගේ මව ද (පෙර භවයෙක නුවර දොර වැසීමට) කැමැත්ත දීම නිසා මෙසේ බොහෝ දුකට පත් වූවා ය.
කේසේසු ඡිජ්ජමානේසු අරහත්තමපාපුණිංහිසකෙස් බාන කල්හි ම රහත් බවට පැමිණියෙමි.
දේවා නාගා මනුස්සා ච පච්චයානුපනෙන්ති මංදෙවියෝ ද නාගයෝ ද මිනිස්සු ද මා වෙත සිව්පසය එළවති.
පදුමුත්තරනාමඤ්ච විපස්සිඤ්ච විනායකංපදුමුත්තර නම් වූ ද විපස්සී නම් වූ ද ලෝකනායක බුදුවරයන් වහන්සේලා
සංපූජයිං පමුදිතෝ පච්චයේහි විසේසතෝප්‍රමුදිත වූ මම සිව්පසයෙන් විශේෂයෙන් පිදුවෙමි.
තතෝ තේසං විසේසේන කම්මානං විපුලුත්තමංඒ හේතුවෙන්, ඒ කුසල කර්මයන්ගේ විශේෂත්වයෙන් මහත් වූ උතුම් වූ
ලාභං ලභාමි සබ්බත්ථ වනේ ගාමේ ජලේ ථලේලාභය වනයෙහි ද ගමෙහි ද දියෙහි ද ගොඩබිමෙහි ද යන හැම තැන ම ලබමි.
තදා දේවෝපනීතේහි මමත්ථාය මහාමතිඑකල්හි මා උදෙසා දෙවියන් විසින් එළවන ලද, මහ නුවණැති
පච්චයේහි මහාවීරෝ සසඞ්ඝෝ ලෝකනායකෝසිව්පසයෙන් මහා වීර වූ ලෝකනායකයන් වහන්සේ සඟ පිරිස සමඟ
උපට්ඨිතෝ මයා බුද්ධෝ ගන්ත්වා රේවතමද්දසමා විසින් උවටැන් කරන ලද බුදුරජාණන් වහන්සේ වැඩම කොට රේවත තෙරුන් දුටු සේක.
තතෝ ජේතවනං ගන්ත්වා ඒතදග්ගේ ඨපේසි මංඉන්පසු ජේතවනයට වැඩම කොට මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
රේවතං දස්සනත්ථාය යදා යාති විනායකෝයම් කලෙක රේවත තෙරුන් දැකීම පිණිස ලෝකනායකයන් වහන්සේ වඩින සේක් ද
තිංස භික්ඛු සහස්සේහි සහ ලෝකග්ගනායකෝලෝකාග්‍ර නායකයන් වහන්සේ භික්ෂූන් තිස් දහසක් සමඟ (වැඩි සේක).
ලාභීනං සීවලී අග්ගෝ මම සිස්සේසු භික්ඛවෝ"මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර ලාභීන්ගෙන් සීවලී අග්‍ර වේ" යැයි
සබ්බලෝකහිතෝ සත්ථා කිත්තයී පරිසාසු මංසියලු ලොවට හිත වූ ශාස්තෘන් වහන්සේ පිරිස් මැද මා පැසසූ සේක.
කිලේසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතාමා විසින් කෙලෙස් දවන ලදී, සියලු භවයෝ නසන ලදහ.
නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිත ව වෙසෙමි.
ස්වාගතං වත මේ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකංශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය.
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනංත්‍රිවිද්‍යාවට පැමිණියෙමි, බුදු සසුන කරන ලදී.
පටිසම්භිදා චතස්සෝ ච විමොක්ඛාපි ච අට්ඨමෝසිව් පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද
ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනංෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ, බුදු සසුන කරන ලදී.
බුද්ධපුත්තෝ මහාථේරෝ සීවලී ජිනසාවකෝබුද්ධපුත්‍ර වූ, ජින ශ්‍රාවක වූ සීවලී මහ තෙරුන් වහන්සේ
උග්ගතේජෝ මහාවීරෝ තේජසා ජිනසාසනංඋසස් තේජස් ඇති මහා වීරයෙකි, සිය තේජසින් බුදු සසුන (බැබළවූ සේක).
රක්ඛන්තා සීලතේජේන ධනවන්තෝ යසස්සිනෝසීල තේජසින් රකිමින්, (අප) ධනවත් ද යසස් ඇත්තන් ද කරමින්
ඒවං තේජානුභාවේන සදා රක්ඛන්තු සීවලීමෙබඳු තේජානුභාවයෙන් සීවලී මහ රහතන් වහන්සේ සැම කල්හි රකිත්වා!
කප්පට්ඨායීති බුද්ධස්ස බෝධිමූලේ නිසීදයිබුදුරජාණන් වහන්සේ බෝ මුල වැඩහුන් සේක, (ඒ තේජස) කල්පයක් පවතින්නේ ය.
මාරසේනප්පමද්දන්තෝ සදා රක්ඛන්තු සීවලීමාර සේනාව මැඩලූ ඒ ආනුභාවයෙන් සීවලී මහ රහතන් වහන්සේ සැම කල්හි රකිත්වා!
දසපාරමිතප්පත්තෝ පබ්බජී ජිනසාසනේදස පාරමිතාවන් සපුරා බුදු සසුනෙහි පැවිදි වූ සේක.
ගෝතම සක්‍යපුත්තෝසි ථේරේන මම සීවලීගෞතම ශාක්‍යපුත්‍රයන් වහන්සේගේ පුත්‍රයෙක් වූ ඒ සීවලී තෙරුන් වහන්සේ මාගේ (සරණ) වෙති.
මහාසාවකා අසීතිංසු පුණ්ණත්ථේරෝ යසස්සි සෝඅසූ මහා ශ්‍රාවකයන් අතර පුණ්ණ තෙරුන් වහන්සේ යසසින් යුක්ත වූ සේක.
භවභෝගග්ගලාභීසු උත්තමෝ තේන සීවලීභව භෝග ලබන අග්‍ර ලාභීන් අතර සීවලී තෙරුන් වහන්සේ උතුම් වූ සේක.
ඒවං අචින්තියා බුද්ධා බුද්ධධම්මා අචින්තියාමෙසේ බුදුවරයන් වහන්සේලා අචින්ත්‍යයහ, බුදු දහම ද අචින්ත්‍යය.
අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝඅචින්ත්‍ය වූ ඒ කෙරෙහි පැහැදුණවුන්ගේ විපාකය ද අචින්ත්‍ය වේ.
තේසං සච්චේන සීලේන ඛන්තිමෙත්තබලේන චඋන්වහන්සේලාගේ සත්‍යයෙන් ද සීලයෙන් ද ඉවසීමේ සහ මෛත්‍රියේ බලයෙන් ද
තේපි මං අනුරක්ඛන්තු සබ්බදුක්ඛවිනාසනංඋන්වහන්සේලා සියලු දුක් නසා මා රකිත්වා!
තේසං සච්චේන සීලේන ඛන්තිමෙත්තබලේන චඋන්වහන්සේලාගේ සත්‍යයෙන් ද සීලයෙන් ද ඉවසීමේ සහ මෛත්‍රියේ බලයෙන් ද
තේපි මං අනුරක්ඛන්තු සබ්බභයවිනාසනංඋන්වහන්සේලා සියලු බිය නසා මා රකිත්වා!
තේසං සච්චේන සීලේන ඛන්තිමෙත්තබලේන චඋන්වහන්සේලාගේ සත්‍යයෙන් ද සීලයෙන් ද ඉවසීමේ සහ මෛත්‍රියේ බලයෙන් ද
තේපි මං අනුරක්ඛන්තු සබ්බරෝගවිනාසනංඋන්වහන්සේලා සියලු රෝග නසා මා රකිත්වා!
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. පාලි පෙළ සහ සිංහල පරිවර්තනය උපුටා ගැනීම පිරුවානා පොත් වහන්සේගෙනි.
උපකාර කල සියලුදෙනාට ද පින් අයත් වේවා. යම් දෝෂයක් ගැන අපව දැනුවත් කිරීමට pathnirvana@gmail.com.
මෙම පිරිත් අන්තර්ජාලය නොමැතිව ඇසීමට යෙදුම (offline app): Android iPhone / iPad ෴෴