අහේතුක සිත් අටළොස
මේ අටළොස් අහේතුක චිත්තයන් අතුරෙන් අකුසල විපාකයෝ සත්දෙනෙකි. කුසල විපාකයෝ අටදෙනෙකි. ක්‍රියා චිත්තයෝ තිදෙනෙකි.
පළමුකොට මේසිත් අටළොසෙහි සාමාන්‍ය අර්ථය දක්වා, පසුව මේ සිත් අහේතුක වන සැටිත්, විපාක වන සැටිත්, ක්‍රියා වන සැටිත් විස්තර කරණු ලැබේ. මෙහි විස්තර දැක්වීමත්, තේරුම් ගැණීමත්, එතරම් පහසු නොවන බැවින් ඉතා හොඳින් ඉගෙන සිත්හි දරාගැණීමට උත්සාහ කටයුතුයි.