අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අහේතුක අකුසල විපාක සිත් සත

  1. උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණ සිත. (මැදහත් වෙදනා සහිත රූප දක්නා සිත.)
  2. උපෙක්ඛා සහගත සොතවිඤ්ඤාණ සිත. (මැදහත් වෙදනා සහිත ශබ්ද අසන සිත.)
  3. උපෙක්ඛා සහගත ඝාණ විඤ්ඤාණ සිත. (මැදහත් වෙදනා සහිත ගන්ධය දැනගන්නා සිත.)
  4. උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණ සිත. (මැදහත් වෙදනා සහිත රස දැන ගන්නා සිත.)
  5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණ සිත. (දුක් වෙදනා සහිත ස්පර්ශය දැනගන්නා සිත.)
  6. උපෙක්ඛා සහගත සම්පටිච්ඡන සිත. (මැදහත් වේදනා සහිත අරමුණ පිළිගන්නා සිත.)
  7. උපෙක්ඛා සහගත සන්තීරණ සිත. (මැදහත් වේදනා සහිත අරමුණ විමසා තීරණය කරණ සිත.)