සෝත විඤ්ඤාණ සිත් දෙක
මේ සිත් උපදින්නේ සෝතප්‍රසාද වස්තුවෙහිය. එය පිහිටා තිබෙන්නේ කන් බිල ඇතුළෙහිය. චක්ඛුප්‍රසාදවස්තුව ගැන කරන ලද විස්තරය අනුව මෙහි විස්තරය ද දත යුතුයි. ශබ්ද අරමුණ කන් සිදුරින් ඇතුල්වී ශ්‍රෝතප්‍රසාද වස්තුවෙහි වදින්නේ ය. එවිට ඒ සෝතප්‍රසාද වස්තුවෙහි ශබ්දය දැන ගන්නා සෝත විඤ්ඤාණ නම් සිත පහළ වේ. ශබ්ද අරමුණත්, සෝතප්‍රසාද වස්තුරූපයත් ඉතා සියුම් බැවින් ද දුර්වල බැවින් ද, කෘත්‍යයන් දුර්වල බැවින් ද, ඒ සිතෙහි හටගන්නා වේදනාව උපෙක්ෂා වේදනාම වේ. සොත විඤ්ඤාණය ඉපදීමට උපකාරවන කරුණු නම්:-
- සොතප්‍රසාද වස්තුවගේ නොපිරිහීම.
- ශබ්දලම්බනයක් හමුවීම.
- කන්සිදුර අවහිර නොවී, විවෘතව, අවකාශය පැවතීම.
- මනසිකාරය.
මිහිරිවූද, ප්‍රියමනාපවූද, ශබ්ද අරමුණක් හමුවන්නේ කුසල විපාකයක් වශයෙනි. එවිට අහේතුක කුසලවිපාක සොතවිඤ්ඤාණය උපදී. අකුසල විපාක වශයෙන් හමුවන අමිහිරිවූද, අප්‍රියවූද, අරමුණු ගෙන අහේතුක අකුසල විපාක සොත විඤ්ඤාණය උපදී.