ජීව්හා විඤ්ඤාණ සිත් දෙක
රස දැනගන්නා සිත ජීව්හා විඤ්ඤාණය නම් වේ. දිවෙහි පිහිටි ජීව්හා ප්‍රසාද වස්තුවෙහි මේ සිත හටගන්නේ ය. දිවෙන් වැදගන්නා රසය මේ ජීව්හා විඤ්ඤාණ සිතින් විඳීයි. කුසල විපාක වශයෙන් ලැබෙන මිහිරි රසය විඳීමේ දී අහේතුක කුසල විපාක ජීව්හා විඤ්ඤාණය ද අකුසල විපාක වශයෙන් හමුවන අමිහිරි රස විඳීමේ දී අහේතුක අකුසල විපාක ජීව්හා විඤ්ඤාණය ද ඇති වන්නේය. රස දැනීමට දිවෙහි තෙත්ගතිය හෙවත් ආපො ධාතුව උපකාර වේ.
ජීව්හා විඤ්ඤාණය ඉපදීමට උපකාරවන කරුණු නම්:-
- ජීව්හා ප්‍රසාදයාගේ නොපිරිහීම.
- රසාලම්බනයක් හමුවීම.
- දිවෙහි තෙත් ගතිය හෙවත් ආපොධාතුවෙන් උපකාර ලැබීම.
- මනසිකාරය
වස්තු දුර්වලතා, කෘත්‍ය දුර්වලතා හේතුවෙන් මේ සිත් දෙක ද උපෙක්ඛා වෙදනා සහිත බව දතයුතු.