අහේතුක ක්‍රියා සිත් තුන
- උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන සිත. (මැදහත් වේදනා සහිත පඤ්චද්වාරයෙන් ගන්නා අරමුණු වලට සිත් පරම්පරාව යොමු කරණ සිත.)
- උපෙක්ඛා සහගත මනොද්වාරාවජ්ජන සිත. (මැදහත් වේදනා සහිත මනොද්වාරයෙන් ගන්නා අරමුණු වලට සිත් පරම්පරාව යොමුකරණ සිත.)
- සොමනස්ස සහගත හසිතුප්පාද සිත. (සැප වේදනා සහිත සිනහ පහළකරණ සිත.)
මෙහි දක්වනලද අහේතුක අකුසල විපාක හත හා කුසල විපාක අට අතුරෙන් චක්ඛු විඤ්ඤාණාදි වශයෙන් විඤ්ඤාණ නමින් සිත් දසයකි. ඒ දහයට ද්විපඤ්ච විඤ්ඤාණයෝයයි කියනු ලැබේ. මේ සිත් දහය හැර සම්පටිච්ඡනයෝ දෙදෙනෙක් සහ සන්තීරණයෝ තිදෙනෙක් ද වෙති. මේ සිත් බොහොසෙයින් සමාන බැවින්; සමාන සිත් එකට ගෙණ විස්තර කරනු ලැබේ.