කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
25. භික්ඛු වර්ගය
25-1 භික්ෂූන් පස් දෙනාගේ කථා පුවත

චක්ඛුනා සංවරො සාධු, සාධු සොතෙන සංවරො;

ඝානෙන සංවරො සාධු, සාධු ජිව්හාය සංවරො.

චක්ෂුද්වාරයේ (ඇසෙහි) සංවරය මැනවි. ශ්‍රොත්‍ර ද්වාරයෙන් (කනෙහි) සංවරය මැනවි. ඝාණද්වාරයෙන් (නාසයෙහි) සංවරය මැනවි. ජිව්හාද්වාරයෙන් (දිවෙහි) සංවරය මැනවි. කායද්වාරයෙන් (කයේ) සංවරය මැනවි. වාග්ද්වාරයෙන් (වවනයේ) සංවරය මැනවි. මනොද්වාරයෙන් (සිතේ) සංවරය මැනවි. චක්ෂුරාදී සදොරම මැනවි. සියල්ල (සදොරම) රක්‍ෂාකළ මහණතෙම සියලු සසර දුකින් මිදෙන්නේය.

කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො;

මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො;

සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චති.

චක්ෂුද්වාරයේ (ඇසෙහි) සංවරය මැනවි. ශ්‍රොත්‍ර ද්වාරයෙන් (කනෙහි) සංවරය මැනවි. ඝාණද්වාරයෙන් (නාසයෙහි) සංවරය මැනවි. ජිව්හාද්වාරයෙන් (දිවෙහි) සංවරය මැනවි. කායද්වාරයෙන් (කයේ) සංවරය මැනවි. වාග්ද්වාරයෙන් (වවනයේ) සංවරය මැනවි. මනොද්වාරයෙන් (සිතේ) සංවරය මැනවි. චක්ෂුරාදී සදොරම මැනවි. සියල්ල (සදොරම) රක්‍ෂාකළ මහණතෙම සියලු සසර දුකින් මිදෙන්නේය.

25-2 හංස ඝාතක භික්ෂුවගේ කථා පුවත

හත්ථසංයතො පාදසංයතො, වාචාසංයතො සංයතුත්තමො;

අජ්ඣත්තරතො සමාහිතො, එකො සන්තුසිතො තමාහු භික්ඛුං.

“යමෙක් අතින් සංයතද, පයින් සංයතද, වචනයෙන් සංයතද, සංයතවූ කය ඇත්තේද, ඇතුළත ඇලුනේද එකඟවූ සිත් ඇත්තේද, හුදෙකලාව වසන්නේද, යථාලාභ සන්තොෂාදියෙන් සතුටුද ඔහු (බුද්ධාදී ප්‍රාඥායෝ) භික්ඛුයයි කියති.

25-3 කෝකාලික පිළිබඳ කථා පුවත

යො මුඛසංයතො භික්ඛු, මන්තභාණී අනුද්ධතො;

අත්ථං ධම්මඤ්ච දීපෙති, මධුරං තස්ස භාසිතං.

“යම් මහණෙක් මුඛයෙන් සංයතද, නුවණින් යෙදී කියනසුලුද, සන්සුන් නිවී සිත් ඇත්තේද, (පාළි) අර්ථයද, පාළියද ප්‍රකාශ කෙරේද? ඒ මහණහුගේ වචනය මධුරවේ.

25-4 ධම්මාරාම තෙරුන් පිළිබඳ කථා පුවත

ධම්මාරාමො ධම්මරතො, ධම්මං අනුවිචින්තයං;

ධම්මං අනුස්සරං භික්ඛු, සද්ධම්මා න පරිහායති.

(සමථ විදර්ශනා) ධර්මය වාසස්ථානකොට ඇති (සමථවිදර්ශනා) ධර්මයෙහි ඇලුණු (සමථ විදර්ශනා) ධර්මය නැවත නැවත සිහිකරන්නාවූ මහණතෙම සද්ධර්මයෙන් නොපිරිහෙන්නේය.

25-5 විපක්ෂ සේවක භික්ෂුවගේ කථා පුවත

සලාභං නාතිමඤ්ඤෙය්‍ය, නාඤ්ඤෙසං පිහයං චරෙ;

අඤ්ඤෙසං පිහයං භික්ඛු, සමාධිං නාධිගච්ඡති.

ස්වකීය ලාභය ඉක්මවා නොසිතන්නේය. අනුන්ගේ ලාභය පතමින් නොඇවිදින්නේය. අනුන්ගේ චීවරාදී ලාභය පතන්නාවූ මහණතෙම සමාධියට නොපැමිණෙන්නේය.

අප්පලාභොපි චෙ භික්ඛු, සලාභං නාතිමඤ්ඤති;

තං වෙ දෙවා පසංසන්ති, සුද්ධාජීවිං අතන්දිතං.

මහණතෙම ස්වල්පවූ ( ප්‍රත්‍යය) ලාභය ඇත්තේවී නමුදු ඉදින් ස්වකීය ලාභය ඉක්මවා සිතාද? පිරිසිදුවූ ජීවිකා ඇති, අකුසිතවූ, ඔහු (භික්ෂු) හට දෙවියෝද ප්‍රශංසා කෙරෙති.

25-6 පඤ්චවග්ග දායක බ්‍රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත

සබ්බසො නාමරූපස්මිං, යස්ස නත්ථි මමායිතං;

අසතා ච න සොචති, ස වෙ ‘‘භික්ඛූ’’ති වුච්චති.

යමෙකුට නාම රූප දෙක්හි සර්වප්‍රකාරයෙන්ම මමත්වයක් (මගේයයි සිතීමක්) නැද්ද ඒ (නාම රූප දෙක) නැසුනුකල්හි (ඒ නැසීම හේතුකොටගෙණ) ශෝක නොකෙරේද? ඒ (ක්‍ෂීණාශ්‍රව) තෙම (භින්නවූ ක්ලේශයන් ඇති හෙයින්) භික්ෂුයයි කියනුලැබේ.

25-7 බොහෝ භික්ෂූන්ගේ කථා පුවත

මෙත්තාවිහාරී යො භික්ඛු, පසන්නො බුද්ධසාසනෙ;

අධිගච්ඡෙ පදං සන්තං, සඞ්ඛාරූපසමං සුඛං.

යම් මහණෙක් මෛත්‍රී විහරණ ඇත්තේද, බුදු සස්නෙහි ප්‍රසන්නද, (හෙතෙම) සියලු සංස්කාරයන් සංසිඳුවන්නාවූ (අත්‍යන්ත) සුඛවූ ශාන්තවූ නිර්වාණය ලබන්නේය.

සිඤ්ච භික්ඛු ඉමං නාවං, සිත්තා තෙ ලහුමෙස්සති;

ඡෙත්වා රාගඤ්ච දොසඤ්ච, තතො නිබ්බානමෙහිසි.

මහණ (මේ සිත් නැමැති) නැව (තුළ මිථ්‍යා විතර්ක නැමැති ජලය) ඉසුව. එසේ ඉසිනලද මේ නැව සැහැල්ලුව (නොහොත් වහාම සංසාර සාගරයෙහි නොඇලී නිවන් පුරයට) යන්නේය. රාගයද ද්වේෂයද නසා ඉක්බිත්තෙන් නිර්වාණයට පැමිණෙන්නෙහි.

පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ, පඤ්ච චුත්තරි භාවයෙ;

පඤ්ච සඞ්ගාතිගො භික්ඛු, ‘‘ඔඝතිණ්ණො’’ති වුච්චති.

(සක්කාය දිට්ඨි ආදී සංයෝජන) පස සිඳින්නේය. (රූප රාගාදී සංයෝජන පස දුරු කරන්නේය. (ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන්) පස්දෙනා මත්තෙහි වඩන්නේය. ඇලීම් පස්දෙනා ඉක්මවූ මහණතෙම (කාමාසාදී සතර) මහ වතුරෙන් එතෙරවී යයි කියනුලැබේ.

ඣාය භික්ඛු (ඣාය තුවං භික්ඛු (?)) මා පමාදො (මා ච පමාදො (සී. ස්‍යා. පී.)), මා තෙ කාමගුණෙ රමෙස්සු (භමස්සු (සී. පී.), භවස්සු (ස්‍යා.), රමස්සු (ක.)) චිත්තං;

මා ලොහගුළං ගිලී පමත්තො, මා කන්දි ‘‘දුක්ඛමිද’’න්ති ඩය්හමානො.

මහණ ධ්‍යාන කරව, පමාබවට නොපැමිණෙව, පස්කම්හි තාගේ සිත නොනමව, ප්‍රමාදවූයේ ලෝ ගුළි නොගිලව දැවෙමින් මේ දුකැයි නොහඬව.

නත්ථි ඣානං අපඤ්ඤස්ස, පඤ්ඤා නත්ථි අඣායතො (අජ්ඣායිනො (ක.));

යම්හි ඣානඤ්ච පඤ්ඤා ච, ස වෙ නිබ්බානසන්තිකෙ.

ප්‍රඥාව නැත්තාහට ධ්‍යානයක් නම් නැත. භාවනා නොකරන්නාහට ප්‍රඥාවක් නම් නැත. යමෙකු කෙරෙහි ධ්‍යානයද ප්‍රඥාවද යන මේ දෙක ඇද්ද ඒ පුද්ගලතෙම ඒකාන්තයෙන් නිර්වාණයට සමීපව සිටියේවේ.

සුඤ්ඤාගාරං පවිට්ඨස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො;

අමානුසී රති හොති, සම්මා ධම්මං විපස්සතො.

ශුන්‍යාගාරයට වන්නාවූ, නිවී සිත් ඇත්තාවූ, (රූපා’රූප ධර්මයන් මනාකොට අනිත්‍යාදී වශයෙන්) විශෙෂයෙන් බලන්නාවූ මහණහට මිනිසුන් පිළිබඳ නොවූ ප්‍රීතියද, රතියද වෙයි.

යතො යතො සම්මසති, ඛන්ධානං උදයබ්බයං;

ලභතී (ලභති (පී.), ලභතෙ (ක.)) පීතිපාමොජ්ජං, අමතං තං විජානතං.

යම් යම් කලෙක්හි පඤ්චස්කන්ධයන්ගේ උදයව්‍යයය (ඇතිවීම හා නැතිවීම) සම්මර්ශනය කෙරේද, (එකල්හි) ප්‍රීති ප්‍රමෝද්‍යයක් ලබාද ඒ ප්‍රීති ප්‍රමෝද්‍යය නුවණැත්තවුන්ට අමෘත නම් වේ.

තත්‍රායමාදි භවති, ඉධ පඤ්ඤස්ස භික්ඛුනො;

ඉන්ද්‍රියගුත්ති සන්තුට්ඨි, පාතිමොක්ඛෙ ච සංවරො.

මේ බුද්ධශාසනයෙහි නුවණැති මහණහට (ඒ පඤ්චස්කන්ධයන්ගේ සම්මර්ශනයෙහි) මේ චතුපාරිශුද්ධි ශීලය පූර්වස්ථානයෙහිවේ. හේ කවරේදයත්? ඉන්ද්‍රිය සංවරයද (චීවරාදී සිව්පසයෙහි යථාලාභාදී) සන්තෝෂයද, ප්‍රාතිමොක්‍ෂය සංවර ශීලයද, යන මේයි. පිරිසිදු ආජීව ඇති කුසීතනොවූ, කළ්‍යාණ මිත්‍රයන් සේවනය කර

මිත්තෙ භජස්සු කල්‍යාණෙ, සුද්ධාජීවෙ අතන්දිතෙ;

පටිසන්ථාරවුත්‍යස්ස (පටිසන්ධාරවුත්‍යස්ස (ක.)), ආචාරකුසලො සියා;

තතො පාමොජ්ජබහුලො, දුක්ඛස්සන්තං කරිස්සති.

(ධර්මාමිෂයෙන්) පිළිසඳර (කරමින් සංග්‍රහ කරන්නෙක්) වන්නේය. ආචාරයෙහි දක්‍ෂවූවෙක් වන්නේය. ඒ හේතුවෙන් ප්‍රමොද්‍යය බහුලකොට ඇත්තේ සියලු සංසාර දුක්ඛය ක්‍ෂයකරන්නේය.

25-8 පන්සියයක් භික්ෂූන් පිළිබඳ කථා පුවත

වස්සිකා විය පුප්ඵානි, මද්දවානි (මජ්ජවානි (ක. ටීකා) පච්චවානි (ක. අට්ඨ.)) පමුඤ්චති;

එවං රාගඤ්ච දොසඤ්ච, විප්පමුඤ්චෙථ භික්ඛවො.

පුරුෂයින් පරව මලානව ගියාවූ ඉද්දමල් තොමෝ යම්සේ නටුයෙන් මුදාද, එපරිද්දෙන්ම මහණෙනි, රාගයද, ද්වේෂයද තොපගේ සන්තානයෙන් මුදාහරිව්.

25-9 සන්තකාය තෙරුන් පිළිබඳ වූ කථා පුවත

සන්තකායො සන්තවාචො, සන්තවා සුසමාහිතො (සන්තමනො සුසමාහිතො (ස්‍යා. පී.), සන්තමනො සමාහිතො (ක.));

වන්තලොකාමිසො භික්ඛු, ‘‘උපසන්තො’’ති වුච්චති.

ශාන්තවූ කායද්වාර ඇති, ශාන්තවූ වාග්ද්වාර ඇති ශාන්තවූ මනොද්වාර ඇති, ද්වාරත්‍රයම සන්සුන් හෙයින් තැන්පත්වූ, වමාරා හරණලද පඤ්චකාම ගුණ ඇති මහණතෙම අතිශයින් ශාන්තයයි කියනු ලැබේ.

25-10 නඬ්ගුල කුල තෙරුන්ගේ කථා පුවත

අත්තනා චොදයත්තානං, පටිමංසෙථ අත්තනා (පටිමාසෙ අත්තමත්තනා (සී. පී.), පටිමංසෙ තමත්තනා (ස්‍යා.));

සො අත්තගුත්තො සතිමා, සුඛං භික්ඛු විහාහිසි.

තෝම තට චෝදනාකරව, තෝම තා විමසව, මහණ ඒ තෝ තා විසින්ම රක්නා ලද්දෙහි, ස්මෘතිමත් වූයෙහි සුවසේ වසන්නෙහිය.

අත්තා හි අත්තනො නාථො, (කො හි නාථො පරො සියා) (( ) විදෙසපොත්ථකෙසු නත්ථි)

අත්තා හි අත්තනො ගති;

තස්මා සංයමමත්තානං (සංයමය’ත්තානං (සී. පී.)), අස්සං භද්‍රංව වාණිජො.

යම් හෙයකින් තෙමේම තමහට පිහිටවේද යම් හෙයකින් තෙමේම තමහට පිළිසරණද එහෙයින් උත්තමවූ අශ්වයෙකු පෝෂණය කරවා අස් වෙළඳකුමෙන් තමා රක්‍ෂා කරව.

25-11 වක්කලී තෙරුන්ගේ කථා පුවත

පාමොජ්ජබහුලො භික්ඛු, පසන්නො බුද්ධසාසනෙ;

අධිගච්ඡෙ පදං සන්තං, සඞ්ඛාරූපසමං සුඛං.

(ප්‍රකෘතියෙන්ම බුදුන් කෙරෙහි) සන්තෝෂ බහුලවූ බුදුන්ගේ අනුශාසනයෙහි ප්‍රසන්නවූ, මහණතෙම (සියලු) සංස්කාරයන් සන්සිඳුවන්නාවූ එහෙයින්ම එකාන්ත ශාන්තවූ නිර්වාණයට පැමිණෙන්නේයි.

25-12 සුමණ සාමණේර කථා පුවත

යො හවෙ දහරො භික්ඛු, යුඤ්ජති බුද්ධසාසනෙ;

සොමං (සො ඉමං (සී. ස්‍යා. කං. පී.)) ලොකං පභාසෙති, අබ්භා මුත්තොව චන්දිමා.

ළදරුවූ යම් මහණෙක් බුදුන්ගේ අනුශාසනයෙහි යෙද්ද ඒ මහණතෙම වළාපටලයකින් මිදුණු චන්‍ද්‍රයා අවකාශය බබුලුවන්නාක්මෙන් ස්කන්ධාදී ලෝකය ඒකාන්තයෙන් (ඥානාලෝකයෙන්) බබුලුවන්නේය.