සලාභං නාතිමඤ්ඤෙය්‍ය නාඤ්ඤෙසං පිහයං චරෙ
අඤ්ඤෙසං පිහයං භික්ඛු සමාධිං නාධිගච්ඡති.
ස්වකීය ලාභයට (තමා ලත් දැයට) අවමන් නො කරන්නේ ය. මෙරමාගේ ප්‍රණීත වූ ලාභය පතමින් නො හැසිරෙන්නේ ය. අනුන්ගේ ප්‍රත්‍යයලාභය කැමැති වන භික්‍ෂු තෙම සමාධියට නො පැමිණෙයි.
අප්පලාභො’පි චෙ භික්ඛු සලාභං නාතිමඤ්ඤති.
තං වෙ දෙවා පසංසන්ති සුද්ධාජීවිං අතන්‍දිතං.
ප්‍රත්‍යයලාභී නො වූ ද මහණ තෙම ඉදින් (ගෙපිළිවෙළින් සිඟා ලත්) තමාගේ ලාභය හෙලා නො දක්නේ ද, පිරිසිදු වූ ජීවිකා ඇති (ජඞ්ඝාබල නිසා ජීවත් වන බැවින්) අකුසීත වූ ඒ මහණහට ඒකාන්තයෙන් දෙවියෝ ද ස්තුති කෙරෙත්.
"සලාභන්ති" - යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ වේළුවනා රාමයේ වැඩසිටිය දී එක්තරා විපක්‍ෂ සේවක භික්ෂුවක් නිමිති කරගෙන මෙම ගාථාව දේශනා කළහ.
දේවදත්ත පාක්‍ෂික භික්ෂුවක් සහායක වුයේය. ඔහු එම භික්‍ෂූන් සමග පිණ්ඩපාතයේ හැසිරි කරන ලද බත්කිස ඇත්තේ එනු දැක කොහි ගියේදැයි විමසුවේය. අසවල් තැන පිණ්ඩපාතයේ හැසිරුණෙමි. ඔබට පිණ්ඩ පාතය ලැබුණේද? එසේය ලැබුණි. මෙහි අපට මහත් ලාභසත්කාර ඇත. දින කීපයක් මෙහිම ඉන්නැයි පැවසුවේය. ඔහු එම භික්ෂුවගේ වචනයෙන් දින කීපයක් එහි වාසය කර තම ස්ථානයටම ගියේය. අනතුරුව භික්ෂූන් ස්වාමීනි මෙම භික්ෂුව දෙව්දත් තෙරුන්ට උපන් ලාභ සත්කාර පරිභෝග කරයි. මොහු දේවදත්ත පාක්‍ෂිකයෙකියි තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. ඔහු කැඳවා භික්ෂුව ඔබ එසේ කළේදැයි? බුදුරදුහු විමසුහ. එසේය ස්වාමීනි මම එහි ලාබාල භික්ෂුනමක් නිසා දින කීපයක් එහි වාසය කළෙමි. එහෙත් දෙව්දත් තෙරුන්ගෙන් ලත් දෙය රුචි නොකරමි. ඉක්බිති බුදුරදුන් ලැබූ කිසිවක් ඔබ රුචි නොකළේද? දුටු දුටු අයගේ දේ ලබනු රිසිව හැසිරෙන්නේ ඔබ දැන් පමණක් නොව මෙබඳුදේ පෙර භවයේ දීද කරන ලදී. දැන් ස්වාමීනි ඔහුගේ ක්‍රියා දුටුවේ පෙර භවයේදී මෙලෙස අන් අයගේ දේ රුචි කළේ යයි යන්න පැහැදිලි කරන ලෙසට ඉල්ලා සිටිය නිසා අතීත කථාව ගෙන හැර දැක්වුහ.
මේ මහිලාමුඛ ජාතකය විස්තර කර දී මහණෙනි භික්ෂුවක් විසින් නම් ස්වකීය ලාභයෙන්ම සතුටු විය යුතුය. අන් අයගෙන් ලාභය පැතීම නොවටී.
ප්‍රලාභය ප්‍රාර්ථනා කරන්නාට ධ්‍යාන විපස්සනා මාර්ග ඵලයන් අතුරෙන් එකම ධර්මයන් හෝ නො උපදී. සියලාභ සන්තුෂ්ටියම ධ්‍යාන ආදීන් උපදිතියි පවසා ධර්මය දේශනා කරන්නේ මේ ගාථාව පැවසුහ.
ලාබය සොය සොයා
අනුන් ලාබ ද පතනා
ලාබයෙම ගිජු වු
මහණ අධිගම නොලබයි.
සුළු වුව ද ලද දෙය
හෙළා නොදකින අපිස් දිවි ඇති
පිරිසිදු වු මහණහට
දෙවියෝ වඳිති දිව රෑ
තම ලාභය ඉක්මවා නොයන්නේය. අන් අයගේ ලාභය පතමින් නො හැසිරෙන්නේය. අන් අයගේ ලාභය ප්‍රියකරන්නා සමාධියට පත් නොවේ.
භික්ෂුව සුළු ලාභ ඇත්තේ ද? තමන් ලද ඒ සුළුලාභය හෙලා නොදකී. පිරිසිදු දිවි පෙවෙතක් ඇති අලස නොවු මහණ හට ඒකාන්තයෙන් දෙවියෝ පසසුත්
එහි සලාහං යනු - තමන් විසින් උපදවන ලාභයයි. ගෙපිළිවෙලින් පිඬු සිඟා යාම පිළිකෙව් කොට වැරදි ආකාරයෙන් ජීවත් වන්නේ තම ලාභය ඉතා මදයයි අවමන් කරයි. පිළිකුල් කරයි. එසේ නොකරන්නන් විසින්
නාතිමඤ්ඤය්‍ය අඤ්ඤෙසං පිහ අන්‍යන්ගේ ලාභය ප්‍රාර්තනා කරන්නේ නොහැසිරේ සමාධිං නාධිගච්ඡන්ති අඤඤෙසං අනුන්ගේ සිවුරු කිරීම - ආදියේ උනන්දුව දක්වන අනුන්ගේ ලාභය සොයායන භික්ෂුව අධ්‍යාපන සමාධිය හෝ උපචාර සමාධිය හෝ නො ලබයි.
සලාතං නාතිමඤඤෙති උසස් පහත් නැති බැරි කුලයන්හි ගෙපිළිවෙලින් හැසිරෙන භික්ෂුව ස්වකීය ලාභයක් නොලබන්නේ වෙයි. තංවෙ යනු මෙබඳු වූ භික්ෂුව සාර ජීවිතය සඳහා සුද්ධාජිවිං තම දෙපාවල ශක්තියෙන් ජීවිතයේ දී කුසීත බවින් තොර වේ. අතන්දිතං දෙවා පසංසන්ති - එබඳු භික්ෂුව දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වේ.