පාමොජ්ජබහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්ත, සඞ්ඛාරූපසමං සුඛං.
පියෙවියෙන් ම බුදුරජුන් කෙරෙහි සතුට බහුල වූ, බුදුසස්නෙහි පහන් වූ මහණ තෙම එ හෙයින් ම ඒකාන්ත සුඛ වූ ශාන්තපදයට (නිවනට) පැමිණෙන්නේ ය.
"පාමොජ්ජ බහුලො" යන මේ ධර්ම දේශනය බුදුන් දෙව්රම වැඩ සිටිය දී වක්කලී තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
ඔහු සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වයසට ගියේ පිඩුපිණිස පිවිසි තථාගතයන් වහන්සේ දැක බුදුන්ගේ ශරීර සම්පත්තිය බලා ශරීර සම්පත්ති දර්ශනයෙන් සෑහීමට පත්නොවී මට නිතර බුදුන් දකින්නට ලැබෙන්නේ නම් යහපතැයි සිතා බුදුන් වෙත පැවිදි වී යම් තැනක සිට දසබලයන් වහන්සේ බලන්නට හැකිද එතැනට වී සජ්ඣායනය කම්මට්ඨාන මනසිකාර ආදීන් දුරුකොට බුදුන් දෙස බලමින්ම හැසිරුනේය. බුදුහු ඔහුගේ නුවණ මුහුකුරා යනතුරු කිසිවක් නොකියා දැන් ඔහුගේ නුවණ මුහුකුරා ගියේ යයි දැන "වක්කලී ඔබට මේ කුණු සිරුරින් කවර ප්‍රයෝජනයක්ද? වක්කලී යමෙක් ධර්මය දකීද ඔහු මා දකීයයි පවසා අවවාද කළේය. ඔහුට මෙලෙස අවවාද කළ ද බුදුන්ගේ රුව බලාසිටිම හැර වෙනත් තැනකට යාමට නො හැකිවිය. අනතුරුව බුදුරජාණන් වහන්සේ මෙම භික්‍ෂුව සංවේගයට පත් නොවී අවබෝධ කර නොගන්නේයයි වස් එළඹීමට ආසන්නයේ දී රජගහ නුවරට ගොස් වස් සමාදන් වන දිනයේ දී වක්කලී පහව යව වක්කලී ඉවත්ව යන්න යනුවෙන් බැහැර කළේය. බුදුහු මා හා කථා නොකරයි. තෙමසක් බුදුන් හමුවේ සිටීමට නොහැකිව මගේ ජිවිතයෙන් කවර ප්‍රයෝජනයක්ද? පර්වතයෙන් පැන දිවිතොර කර ගනිමියි ගිජ්‍ඣකූට පර්වතයට නැංගේය. බුදුහු ඔහුගේ සිත් විඩාව දැන මෙම භික්ෂුව මා වෙතින් ආශ්වාසයක් නොලබන්නේ මාර්ගඵලයත් ඉපදවීමට හේතු සම්පත් නසාගන්නේ යයි තමන් දැක්වීමට ආලෝකයක් මුදාහලේය. අනතුරුව බුදුරජාණන් වහන්සේ දුටුතැන් සිට මහත් ශෝකය දුරුකළේය. බුදුහු වියළි වැවක් සැඩ දිය පහරකින් පුරවන්නා සේ තෙරුන්ගේ බලවත් ප්‍රීති ප්‍රමෝදය උපදවනු සඳහා මෙම ගාථාව දේශනා කළහ.
පැහැදෙමින් බුදු සසුනේ
පැවිදිව සකරදම් සිඳ
නිවන පිරිසඳ දැන
උතුම් සැපයට මහණ පත් වේ.
බුදුසසුනේ පැහැදුන බුදුරදුන් කෙරෙහි බලවත් සතුට බහුල කොට ඇති භික්ෂුව, සංස්කාර ධර්මයන් සන්සිඳුවන්නාවූ, සැපය වූ
එහි අර්ථය. ප්‍රකෘතියෙන්ම ප්‍රමාදය බහුල භික්ෂුව බුදු සසුනේ ප්‍රසාදය වඩයි. හෙතෙම මෙසේ පසනේනා බුද්ධ සාසනෙ සන්තං පදං සංඛාරූපසමං සුඛං නිවන ලබයි. අධිගචෙජයාති මේ ගාථාව වදාරා ශාස්තෲන් වහන්සේ අතදිග හැර
1. "වක්කලී එන්න බිය නොවන්න තථාගතයන් වහන්සේ ඔබ බලා සිටී. මඩේ එරුණ ඇතෙකු එයින් ගොඩ ගන්නා ලෙස මම ඔබව උඩට ඔසවා තබන්නෙමි.
2. එන්න වත්කලී බිය නොවන්න. රාහු විසින් අල්ලාගත් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහුගෙන් ගලවා ගත්තාක් මෙන් මම ඔබව (සසරින්) ගලවාලන්නෙමි.
3. එන්න වක්කලී බිය නොවන්න රාහු විසින් අල්ලා ගන්නා ලද චන්ද්‍ර දිව්‍යපුත්‍රයා රාහුගෙන් ගලවා ගත්තාක් මෙන් මම ඔබව (සසරින්) ගලවා ගන්නෙමි.
මෙම ගාථා පැවසුහ. දසබලයන් වහන්සේ මා දන්නා ලදී එන්න යැයි මට ආමන්ත්‍රණය කරයි. මේ ලෙසට බලවත් චිත්ත ප්‍රීතිය උපදවා කොහි යත්දැයි ගමන් මග බලන්නේ නො දැක බුදුන් ඉදිරියේ අහසේ පැන පළමු පාදය පර්වතය මත තිබියදීම බුදුන් පැවසූ ගාථා විමසා බලා අහසේ සිටියදීම ප්‍රීතිය විසුරුවා යටපත්කොට සිව්පිළිසිඹියා රහත්බවට පත්ව බුදුන්ට වැදගෙනම බැස බුදුන් ළග සිටියේය. ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් අතුරෙන් අග්‍රස්ථානයට පත් කරන ලදී.