වස්සිකා විය පුප්ඵානි මද්දවානි පමුඤ්චති.
එවං රාගං ච දොසං ච විප්පමුඤ්චෙථ භික්ඛවො.
පර වැ මැලැවී ගියා වූ මල් වස්සිකා ලතාව (සමන් වැල්) (යම්සේ තුවටුයෙන් මුදා බිමැ හෙළා පියා ද), එ පරිද්දෙන් ම මහණෙනි, රාගය ද ද්වේෂය ද තොපගේ සන්තානයෙන් මුදා හැර පියවු.
"වස්සිකා විය ප්‍රප්ථානි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී පන්සියයක් භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
එම භික්ෂූහු බුදුන් වෙතින් කර්මස්ථාන ගෙන ආරණ්‍යයේ මහණ දම් රකින්නේ උදේම පිපෙන (මහෙසිකා) ඉද්දමල් සවස නටුවෙන් ගිලිහෙනු දැක තෙල මල් නටුවෙන් ගිලිහෙන්න පෙරාතුව අපි රාගාදීයෙන් මිදෙනෙමුයි වීර්යයට පටන් ගත්හ. අධිෂ්ඨාන කළහ. බුදුරදුන් මේ භික්ෂූන් බලා මහණෙනි භික්ෂුවක් නම් නටුවෙන් ගිලිහෙන මලක් සේ සසරින් මිදෙන්නට උත්සහ කළ යුතු යයි පවසා ගඳකිළියේ සිටියදීම එළියක් පතුරුවා මේ ගාථාව පැවසුහ.
සමන් වැළ මැලවුණු - මල් බිම හෙළන අයුරින්
මෙම රා දොස දුරැරලා - ගිලිහෙනු සසර වටයෙන්
මහණ තෙමේ ඉද්දමල් නටුවෙන් ගිලිහෙන අයුරින් රාගයද ද්වේශයද මුදා හළ යුතුය. එහි වස්සිකා යනු මනාව පිපුණු (දැසමන්) මද්දවානි මැළවෙයි. මළානික වෙයි, මෙය කියන ලදී, යම් සේ ඊයේ පිපුණු දෑසමන්, දෙවන දවසේ පරණ වී මැලවී. මිදෙත් නටුවෙන් ගිලිහෙත් එසේ තෙපිද රාගාදියෙන් ද ද්වේශාදීයෙන් ද මිදෙව්.
දේශනාවසානයේ ඒ සියලු භික්ෂුහු අර්හත් ඵලයෙහි පිහිටියාහුය.