25-9 සන්තකාය තෙරුන් පිළිබඳ වූ කථා පුවත

සන්තකායො සන්තවාචො, සන්තවා සුසමාහිතො (සන්තමනො සුසමාහිතො (ස්‍යා. පී.), සන්තමනො සමාහිතො (ක.));

වන්තලොකාමිසො භික්ඛු, ‘‘උපසන්තො’’ති වුච්චති.

ශාන්තවූ කායද්වාර ඇති, ශාන්තවූ වාග්ද්වාර ඇති ශාන්තවූ මනොද්වාර ඇති, ද්වාරත්‍රයම සන්සුන් හෙයින් තැන්පත්වූ, වමාරා හරණලද පඤ්චකාම ගුණ ඇති මහණතෙම අතිශයින් ශාන්තයයි කියනු ලැබේ.

"සන්ත කායොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී සන්තකාය තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.

උන්වහන්සේට අත් පා පිළිබඳව සැකයක් නම් නොවීය. අනුන් නොසිරියෙන අන්දමින් අත් පා එහා මෙහා කිරීමක් නැත. කය ප්‍රාණවත් කිරිම් රහිතය ශාන්ත වූ ආත්ම භාවයක් විය. උන්වහන්සේ සිංහ යෝනියෙන් පැමිණි කෙනෙකි. සිංහයෙක් එක් දිනක් ගොදුරු ගෙන රිදී - රන් - මැණික් - පබලු ආදී ගුහාවලින් එක්තරා ගුහාවකට පිවිස මනෝසිලා තලාවක සිරියෙල් සුණු ගොඩක දින හතක් නිදාගෙන හත්වැනි දිනයේ නැගිට නිදාසිටි තැන බලා ඉදින් නගුට කන් අත්පා වල හෝ සෙලවීමේ වෙනසක් දැක හිරියල් කුඩු විසුරුනේ දැයි බලයි. මෙය සිංහ ජාතියට හෝ ගෝත්‍රයට හෝ සුදුසු නොවේ යයි නැවත දින හතක් නිරාහාරව නිදා ගනී. හිරියල් කුඩු විසිරී නොතිබේ නම් මේ ඔබගේ ජාති ගෝත්‍රයට සුදුසුයයි සිටිතැනින් නික්මී සිරුර සොලවා දිශාවන් බලා තුන්වරක් සිංහනාද කර ගොදුර සඳහා පිටවෙති. මෙබඳු සිංහ කුලයෙන් ආ මේ භික්ෂුවගේ කාය සංවර දැක භික්ෂූහු විසින් බුදුරදුන්ට දැනුම් දුන්හ. ස්වාමීනි සන්තකාය තෙරුන් සමාන වූ භික්ෂුවක් නොදුටු විරූය. මුන්වහන්සේ සිටින තැන අත් පා සෙල වීමක් නැත. කය ඇඟමැලි කැඩීමක් නැත. චලනයක් නැත. මහණෙනි භික්ෂූන් විසින් සන්තකාය තෙරුන් ලෙසට කාය ආදි ඉන්ද්‍රියන්හී උපශාන්ත බවක් පැවතීම යුතුම යයි පවසා මේ ගාථාව දේශනා කළහ.

කය වචන සන්සුන්

සන්සුන් සිතැති තැන්පත්

පස්කම් සැපත් දුරැලු

උපසන් මහණ සෙට වේ.

සංවරවූ කය ඇති සංයමයට පත් වචන ඇති සංයමයට පත් සිත් ඇති, මනාකොට තැන්පත් වූ පස්කම් දුරැලු (පංචකාමයේ දැමුන) භික්ෂුව ඉතා සංවරයයි කියනු ලැබේ.

එහි සන්තකයො - ප්‍රාණඝාත ආදිය නො කරන බැවින් නොමැති හෙයින් සංවරවූ. මුසාවාද ආදිය නැති බැවින් සන්තවා චො අභිධ්‍යා ආදිය නැති බැවින් සන්තවා හිත - කය - වචන යෙන් සංයතවු බැවින් සුසමාහිත සිව් මගින් ලෝකාමිසය දුරුකළ බැවින් වන්ත ලොකොමිසොභික්ඛු රාගාදියෙන් තොර නිසා අභ්‍යන්තරය උපශාන්ත වු උපසනෙතා යනුවෙන් කියයි.

දේශනය අවසානයේ එම තෙරුන් අර්හත්වයෙන් පිහිටියේය. පැමිණ අයට ද දේශනය සාර්ථක විය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.