සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං
අසතා ච න සොචති ස වෙ භික්ඛූ’ති වුච්චති.
යමකුහට නාමරූප දෙක්හි සර්‍වප්‍රකාරයෙන් ම මමායනයෙක් (මම ය මගේ යැ යි ආත්ම ආත්මීය වශයෙන් ගැන්මෙක්) නැද්ද, ඒ නාමරූප නැසී යෑම හේතු කොට ගෙණත් ශෝක නො කෙරේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම භින්නක්ලේශ බැවින් භික්‍ෂු යැ යි කියනු ලැබේ.
"සබ්බසොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ.
මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම "බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල "බලග්ග" දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී "කුම්භග්ග” දානය දෙයි. තලිය වඩන කාලයේ දී පාතග්ග නම් දානය දෙයි. මේ පඤ්චවග්ග දානයම දෙයි. ගෙදරට පැමිණි කෙනෙකුට ආහාර නොදී නො වළඳ යි. මේ නිසාම ඔහුට පඤ්ච දායක යන නම ඇතිවුණි. බුදුරදුන් ඔහුගේ ද බැමිණියගේ ද තුන් මාර්ග ඵලයක් ලබාගැනීමට හේතු සම්පත් දැක බ්‍රාහ්මණයා ආහාර ගන්නා වේලාවේ ගොස් දොර අසල වැඩ සිටියහ. බමුණාද දොර ළඟ ගෙය තුළට මුහුණලා වාඩිවී ආහාර අනුභව කරයි. දොර අසල වැඩසිටි බුදුරදුන් නො දකී. බැමිනිය ඔහුට බෙදමින් සිටියදී බුදුන් දැක මෙසේ සිතුවාය. මේ බ්‍රාහ්මණයා පස්වතාවක් අග්‍රදානය දී අනුභව කරයි. දැනුදු භවත් ගෞතමයන් පැමිණ දොර ළග වැඩි සිටියේය. ඉදින් බ්‍රාහ්මණයා ඔහු තම බත බැහැර කර දෙන්නේනම් මට නැවත ඉවීමට නොහැකිවෙමි. ඇය ගෞතමයන් වහන්සේ මුවාවන ලෙසට බුදුන් දෙසට පිට හරවා බමුණාගේ පිටුපසින් ඔහුව මුවාකරමින්. පුන්සඳ අත්ලෙන් වසාලන්නා සේ සිටියේය. එසේ සිට බුදුන් ආපසු ගියේද නැත්දැයි බුදුන් නොපෙනෙන ලෙසට බැලුවාය. බුදුහු එලෙසම සිටගෙන සිටියහ. බ්‍රාහ්මණයාට ඇගේය යන බියෙන් ඉක්ම යන්නැයි ද නොකියයි පසුබිමින් ඉක්මනින් ඉවත්වන්නැයි පැවසුවාය. බුදුහු නොයමියි හිස සෙලවුහ. (හිස සලමින් නොයනබව ඇගවුහ) ලෝක ගුරුවු බුදුන් නොයමියි හිස සැලීම නිසා ඇයට එය දරා ගැනීමට නොහැකිව මහ හඩින් සිනාසුනාහ. එම අවස්ථාවේ බුදුහු ගෙය දෙසට ආලෝක ප්‍රජාවක් පිටකළහ. පිටුපස බැමිණිය දෙන සිනා හඩ ඇසු බමුණා ෂවර්ණ රශ්මියේ ප්‍රභාව ද බලා බුදුන් සිටින තැන් දුටුවේය. බුදුවරයින් නම් ගමට හෝ ආරණ්‍යයට හෝ හේතු සම්පත් ඇති අයට තමන් නොදන්වා නොයති. බ්‍රාහ්මණයා බුදුන් දැක එම්බල තී නැසුනෙමි රාජ පුත්‍රයෙක් පැමිණ දොර ළග සිටින විට මට නොදන්වා බැරැරුම් දෙයක් කරන ලදී. පවසා අඩක් අනුභව කරන ලද ආහාර බඳුන ගෙන තථාගතයන් වෙත ගොස් - පින්වත් ගෞතමයාණනි මම අවස්ථා පහක් - මුල් කොටස දන්දීම අනුභව කරන කෙනෙක්මි. මෙය මැදින් බෙදා එකම කොට කොටසක් අනුභව කළෙමි. එක් කොටසක් ඉතිරි විය. මේ මගේ බත් දානය පිළිගනු මැනව. නැත මට ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියා බ්‍රාහ්මණය මට අග්‍ර වූ දෙයම, මුල් කොටසම මට සුදුසුය. බ්‍රාහ්මණය අපි පරදත්තූපජීවිහු ජීවිහු වෙමු. අන්අය දෙන දෙයින් යැපෙන ප්‍රේතයන් වැන්නැයි කියා මෙම ගාථාව පැවසුහ.
මුලින් හෝ මැදින් හෝ අවශේෂ වශයෙන් අන් අයගෙන් යැපෙන්නට පිණ්ඩපාතය ලැබෙන්නේද ලැබුනේය හෝ නොලැබුනේයයි ධීර මුණිවරයෝ වෙනස්කම් නොදන්වති.
බමුණ මෙය අසා ප්‍රසන්න සිත් ඇතිව අහෝ ආශ්චර්යකි දීපසාමී වූ රාජ පුත්‍රයා ඔබේ ඉඳුල් බතින් වැඩක් නැතැයි නොකියයි. දොර ළඟම සිට බුදුන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. පින්වත් ගෞතමයන් වහන්ස ! ඔබ වහන්සේගේ ශ්‍රාවකයින්ට භික්ඛු යනුවෙන් පවසති කොපමණකින් නම් භික්ෂුවක් වේද ප්‍රශ්න කළේය. බුදුහු මොවුන්ට කවර ස්වරූප ධර්මයක් දෙසන්නේ දැයි බලන්නේ මේ දෙදෙනා කාෂ්‍යප බුද්ධ කාලයේදී නාමරූප කියමින් කතාකළහ. ඒ නාමරූප දක්වමින්ම මොවුන්ට ධර්ම දේශනා කිරිම වටී යයි සිතා බමුණ නාමයෙහි ද රූපයෙහි ද නොඇලී නොගැටී ශෝක නොකරමින් සිටින්නා භික්ෂුව නමින් හැදින්වේ යයි මේ ගාථාව පැවසුහ.
නාම රූප දෙක පිළිබඳ නැති ඇල්ම
මම මය මගේය යන බැමි බිඳදැම්ම
පුද්ගලයා පැවිද්දට රුචිකර බැල්ම
"බික්සුම” නම ලබයි පුරනා සිව් සිල්ම
යමෙකුට නාම රූප දෙකෙහි හැම ලෙසින්ම මමය මගේය යන හැඟීමක්, නැත්ද නාම රූප දෙක නැසුණු කල්හිත් සෝක නොකරයිද ඒ තැනැත්තා ඒකාන්තයෙන් භික්ෂුව වේ.
එහි සබ්බසො යනු සියළු වේදනා ආදි සතර රූපස්ඛන්ධ වශයෙන් ද, පඤ්චස්ඛන්ධ වශයෙන් ද පවත්නා නාම රූපෙ මමායිතං = නාම රූපයන්හි මමය මාගේය යන හැගීමක් නැති සේ මමත්වයක් නොමැතිද අසතාවන සෝචතී යනු එම නාම රූප දෙකේ ක්‍ෂය වීමට වැයවීමට පත්වූයේ මගේ රූපය ක්ෂය විය මගේ විඤ්ඤාණය ක්‍ෂයවිය. යනුවෙන් ශෝක නොකරයිද දුකට පත් නොවේ ද බයවය ධර්මය ක්‍ෂයවී යයි බලයි. ද සචේති ඔහු මෙබඳු ස්වරූප පවතිද්දී නාම රූප දෙකේ මමායනය නැතිද එනිසා ශෝක නොකරන්නේ භික්ඛුනි වුච්චති භික්ෂුව යයි යන අර්ථයි.
දේශනාව අවසානයේ අඹුසැමි දෙපලම අනාගාමී ඵලයේ පිහිටියාහුය. පැමිණි පිරිසටද දෙසුම සාර්ථක වුයේය.