යො මුඛසඤ්ඤතො භික්ඛු මන්තභාණී අනුද්ධතො
අත්‍ථං ධම්මං ච දීපෙති මධුරං තස්ස භාසිතං.
මුඛසංයත වූ යම් මහණෙක් නුවණින් යෙදී බණන සුලු ද, සන්හුන් සිතැත්තේ ද, අර්‍ත්‍ථයත් පාළියත් සකසා දක්වා ද, ඔහුගේ වචනය මිහිරි වෙයි.
"යො මුඛ සඤ්ඤතොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී කෝකාලික භික්ෂුව නිමිති කරගෙන දේශනා කළහ.
කතා පුවත - ඉක්බිති කෝකාලික භික්ෂුව බුදුන් යම්තැනක ද එතැනට එළඹුනි. සුත්‍රයේ සඳහන් ලෙසට අර්ථය ද අටුවාවේ කියන ලද පරිදි දැනගත යුතුය. කෝකාලික භික්ෂුව පදුම නිරයේ උපන් විට ධර්ම සභාවේ කථාවක් උපන. අහෝ කෝකාලික භික්ෂුව තමන්ගේ කට නිසා විනාශයට පත්වූයේ දෑගසව්වන්ට ආක්‍රෝෂ කරද්දිම පොළොව විවර වුයේය. ශාස්තෲන් වහන්සේ පැමිණ. මහණෙනි කිනම් කථාවකින් යුතුව සිටියේ දැයි විමසා කෝකාලික ගැන බව සඳහන් කළවිට මහණෙනි දැන් පමණක් නොව කෝකාලික පෙරද තම කට නිසා විනාශ වූයේ යයි පවසා එම කථාව අසනු කැමති භික්ෂුගේ ඉල්ලීම අනුව එය පැවසීමට අතීත කථාව දැක්වූහ.
යටගිය දවස හිමවත් පෙදෙසේ එක් විලක ඉදිබුවෙක් වාසය කරයි. හංස පෝතකයින් දෙදෙනෙක් ගොඳුරු සඳහා හැසිරෙන්නේ ඔහු හා විශ්වාසවන්ත බවට පත්විය. දැඩිලෙස විශ්වාසවන්ත වු ඔහු එක් දිනක් ඉදිබුවාගෙන් මෙසේ විමසුහ. යහළුව! අප වසන හිමාලයේ චිත්‍රකූට පර්වත තළාවේ රන් ගුහාවේ වසන තැන රමණීය වේ. එතැනට අප හා යන්නේද? මම කෙසේ යන්නද? අපි ඔබට ගෙනයන්නෙමු. එහෙත් කට රැකගන්නේ නම් පමණි. යාළුවනි කට රැක ගන්නෙමි රැගෙන යන්නැයි කීවේය. ඔවුන් දෙදෙනා යහපතැයි කියා එක දණ්ඩක් කටට දී ඉදිබුවාලවා එය සපාගන්නට කියා හංසයින් දෙදෙනා කෝටුවේ දෙකෙළවර හොටවලින් ඩැහැගෙන අහසට නැගුනාහුය. ගම් දරුවෝ හංසයන් විසින් මෙලෙස ගෙනයනු ලබන ඉදිබුවා අතර මගදී දැක හංසයන් දෙදෙනෙක් ඉදිබුවෙක් දණ්ඩකින් උසුලා යතියි කිවාහුය. ඉදිබුවා ඉදින් මගේ යාළුවෝ මා ගෙනයති දුෂ්ට කොල්ලනි තොපට මොකදැයි විමසීමට කියනු කැමතිව කට ඇරියේය. හංසයන්ගේ ශීඝ්‍රවේගය නිසා බරණැස නගරයේ රජ මැදුරේ උඩට පැමිණි අවස්ථාවේදී කටින් අල්ලාගෙන සිටි තැනින් දන්ඩෙන් ගැලවී රජ මිදුලේ වැටී දෙකට බිඳුනි. තථාගතයන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දැක්වීය.
සංවර වු මුවින් - පද දැන කිව යුතුමය
පෙළ අරුත් බණපද - කියන මහණම උතුම් වන්නේ
1. ඉබ්බා කතා කිරීමට යාමෙන් ඒකාන්තයෙන් තමන් විසින් නැසිනි. මුවින් මනාකොට ගත දඩු කැබැල්ල අතහැරීම නිසා තමාගේ තෙපුලම තමා නැසීය.
2 ශ්‍රේෂ්ඨ වු මහරජ, මේ කාරණය දැක කුසල සහගත වු ඇත්ත කතාවම සුදුසු තන්හිම කිවයුතුය. නුසුදුසු තැන බොහෝ කොට බිනීමෙන් ඉබ්බා නැසුනු බව දන්නෙහිය.
මෙය දුක නිපාතයේ බහු භාණී (කච්ඡප) ජාතකය විස්තර කර මහණෙනි භික්ෂුවක් නම් කය සංවර කර උඩඟුනොවී නිවුන සිතින් සිටිය යුතුය යි කියා මේ ගාථාව පැවසුවේය. කට ප්‍රවේශම් කරගත්, පමණ දැන කථාකරන සුළු සන්සුන් සිතැති යම් මහණෙක් අර්ථයද ධර්මයද කියන්නේද ඔහුගේ වචන මිහිරිය.
එහි මුඛසඤ්ඤතොති - දාස සැඩොල් ආදී දුදනෝ දුර්ජනයෙකි නුඹ දුශ්ශීලයෙකි ආදීය නොකීමට මුවින් සංවර විය යුතුය. මත්තභාණි මත්තා යනු ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් කථා කරනුයේ මන්තභාණී අනුද්ධතොති - නිවුන සිතයි. අත්ථං ධම්මංච දීපනති - කියන ලද දේශනාව ධර්මය විය යුතු මධුරනති - මෙබඳු භික්ෂුවකගේ කියන වචනය මිහිරි වේ. යමෙක් වනාහි අර්ථයම සම්පාදනය කරයි ද පෙළ අරුත පෙළ දහම අරුතට ගැළපෙන සේ මනාව පැවසීම මිහිරි නම් වේ. දේශනාව අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.