දෙසැට මිථ්‍යාදෘෂ්ටිය

චත්තාරෝ සස්සතවාදා, චත්තාරෝ එක්ච්ච සස්සතිකා, චත්තාරෝ අන්තානන්තිකා, චත්තාරෝ අමරා වික්ඛේපිකා, ද්වේ අධිච්චසමුප්පන්නිකා, සොළස සඤ්ඤීවාදා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නේවසඤ්ඤී නාසඤ්ඤීවාදා, සත්ත උච්ඡේදවාදා, පඤ්ච දිට්ඨධම්ම නිබ්බානවාදා, ඉමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්‍ර‍හ්මජාලේ වෙය්‍යාකරණේ වුත්තා භගවතාති.

(ඛුද්දක වත්ථු විභංග)

ශාස්වතවාද සතරක් ද, ඒකත්‍ය ශාස්වතවාද සතරක් ද, අන්තානන්තිකවාද සතරක් ද, අමරාවික්ඛේපික වාද සතරක් ද, අධිත්‍යසමුපන්නිකවාද දෙකක් ද, සඤ්ඤී වාද සොළොසක් ද, අසංඤ්ඤීවාද අටක් ද, නේවසඤ්ඤී නාසංඤ්ඤීවාද අටක් ද, උච්ඡේදවාද සතක් ද, දෘෂ්ටිධර්ම නිර්වාණවාද පසක් ද මෙසේ දෙසැටක් මිථ්‍යාදෘෂ්ටීහු දීඝනිකායේ ප්‍ර‍ථම සූත්‍ර‍ය වන බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදහ.