අසඤ්ඤිවාද අට:

ඇතැම් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ මරණින් මතු නිත්‍ය ව පවත්නා රූපය ඇති ආත්මයක් ඇත. එය සංඥා නැතියකැයි කියති. ඇතැම්හු රූපය නැති ආත්මයක් ඇත. එය සංඥා නැතියකැයි කියති. ඇතැම්හු රූපය ඇත්තා වූ ද රූපය නැත්තා වූ ද ආත්මයක් ඇත. එය සංඥා නැතියකැයි කියති. ඇතැම්හු රූපය ඇත්තේ ද නො වන නැත්තේ ද නො වන ආත්මයක් ඇත. එය සංඥා නැතියෙකැයි කියති. ඇතැම්හු අන්තවත් ආත්මයක් ඇත. එය සංඥා නැතියෙකැයි ද, ඇතැම්හු අනන්ත ආත්මයක් ඇත එය සංඥා නැතියෙකැයි ද ඇතැම්හු අන්තවත් වූ ද අනන්ත වූ ද ආත්මයක් ඇත. එය සංඥා නැතියෙකැයි ද, ඇතැම්හු අන්තවත් ද නො වන අනන්ත ද නො වන ආත්මයක් ඇත. එය සංඥා නැතියෙකැයි ද කියති. මේ අසඤ්ඤීවාද අට ය.