නේවසංඥීනාසංඥීවාද අට:

ඇතැම් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ මරණින් මතු ද නිත්‍යව පවතින රූපය ඇති ආත්මයක් ඇත. එය සංඥා ඇත්තේ ද නැත්තේ ද නො වන්නකැයි කියති. ඇතැම් ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෝ අරූපී ආත්මයක් ඇතයයි ද, රූපී වූ ද අරූපී වූ ද ආත්මයක් ඇතයයි ද, රූපී ද නො වන අරූපී ද නො වන ආත්මයක් ඇතය යි ද, අන්තවත් ආත්මයක් ඇතය යි ද, අනන්ත ආත්මයක් ඇතය යි ද, අන්තවත් ද අනන්ත ද ආත්මයක් ඇතය යි ද, අනන්තවත්ද නො වන අනන්ත ද නොවන ආත්මයක් ඇතය යි ද, ඒ ආත්මයෝ නේවසඤ්ඤීනාඤ්ඤීහුය යි ද කියති. මේ නේවසඤ්ඤීනාසඤ්ඤීවාද අට ය.