උච්ඡේදවාද සත

මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය. මතු ඉපදීමෙක් නැත ය යන වාදය උච්ඡේදවාදය ය. මාපියන්ගෙන් උපන් චාතුර්මහාභූතික වූ මේ කය ආත්මය යි ගෙන මරණින් ඒ ආත්මය කෙළවර වේ ය සිඳේ යයි කීම එක් උච්ඡේදවාදයෙකි. කාමාවචර දිව්‍යලෝකයන්හි මරණින් ආත්මය සිඳී යේයැයි කීම එක් උච්ඡේදවාදයෙකි. රූපී බ්‍ර‍හ්මලෝකවලදී මරණයෙන් ආත්මය සිඳේය යි කීම එක් උච්ඡේදවාදයෙකි. ආකාසානඤ්චායතන භූමියේදී මරණයෙන් ආත්මය සිඳේය යි කීම එක් උච්ඡේදවාදයෙකි. විඤ්ඤාණඤ්චායතන භූමියේදී මරණයෙන් ආත්මය සිඳේය යි කීම එක් උච්ඡේදවාදයෙකි. ආකිඤ්චඤ්ඤායතන භූමියේදී මරණයෙන් ආත්මය සිඳේය යි කීම එක් උච්ඡේදවාදයෙකි. නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමියේදී ආත්මය සිඳේ යයි කීම එක් උච්ඡේදවාදයෙකි. මේ උච්ඡේදවාද සත ය.