ලෝකෝත්තර සිත්
තණ්හා දිට්ඨි වශයෙන් තදින් අල්වා ගන්නා ලද පඤ්චුපාදානස්කන්ධ සඞ්ඛ්‍යාත ලෝකයෙන් ද, කාම ලොක, රූප ලොක, අරූප ලොක යන තුන් ලොකයෙන් ද එතර කරවන අර්ථයෙන් ලොකෝත්තර නම් වේ, ලොකයන් ගේ පැවැත්මට උපකාරවන කාමාවචර, රූපාවචර, අරූපාවචර නම් වූ ලෞකික කුසල් සියල්ල ම, ඒ ඒ පමණට තදඞ්ග, විෂ්කම්භන වශයෙන් අකුසල් ප්රහාණය කිරීමට සමත් නමුත්, සසරින් එතර කිරීමට ශක්තියක් නැත. මේ ලොකොත් තර චිත්තයෝ සතර දෙනෙක්, මාර්ග සිත් වශයෙන් ඉපිද ඒ ඒ අකුසලයන් වෙන් වෙන්ව සතර වරකට සමුච්ඡෙද ප්‍රහාණි වශයෙන් නසා, සසරින් එතර කොට, නිවණට පමුණුවා, එයට අනතුරුව අතරක් නැති ව ලොකෝත්තර ඵල චිත්තයන් ඉපිද අකාලිකව ලැබෙන ඵලයන් ගේ උපකාරය ලැබ, පටිප්පස්සද්ධි ප්රහාණියෙන් කෙලෙස් විඩා සන්සිඳුවා ලන්නේ ය.
මේ ලොකෝත්තර සිත් සංක්ෂෙප වශයෙන් අටෙකි. එනම්, මාර්ග සිත් සතරත්, ඵල සිත් සතරත් ය. විස්තර වශයෙන් හෙවත් ලොකෝත්තර ධ්‍යාන සිත් වශයෙන් සතළිසකි (40).