අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සකෘදාගාමි ඵල සිත

මේ සකෘදාගාමි මාර්ග සිතට අනතුරුව සකෘදාගාමි ඵල සිත් දෙකක් හෝ තුනක්, මන්ද ප්‍රාඥ, තික්ඛ ප්‍රාඥයන් ගේ වශයෙන්, ආනන්තරික සමාධියත් අකාලික විපාකයත් සිද්ධ කරමින් ඉපිද නිරුද්ධ වූ පසු චිත්ත සන්තතිය නැවත භවාඞ්ග වේ.

මේ සකෘදාගාමි ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙම ධ්‍යාන වැඩුයේ නම් මරණින් මතු තමන් ලත් ධ්‍යානයට අනුරූපව රූපාරූප භූමියෙහි ඉපිද එහිදී ම අර්හත්වයට පැමිණ නිවන් දකී.

ධ්‍යාන පාදක කොට නොගෙන සෙදගැමි මග ලැබූ ශුෂ්ක විදර්ශක ආර්‍ය්‍ය පුද්ගලයා, පසු කලෙකවත් ධ්‍යාන නො ලැබුයේ වී නම්, එක් වරකට වඩා කාම භවයෙහි නැවත නූපදනේ ය. එසේ හෙයින් සකෘදාගාමි යන නාමය ලැබෙන්නේ ය.