අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. සංඝානුස්සති

සඟ ගුණ මෙනෙහි කොට භාවනා කිරීම සඞ්ඝානුස්සති භාවනා නම් වේ. සඞ්ඝානුස්සතිය වඩනු කැමති යෝගා වචර තෙමේ යටකී සේ රහසිගතව, විවේකව හිඳ, “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටි- පන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා එසභගවතො සාවකසඞ්ඝො, ආහුණෙය්‍යො, පාහුණෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස” යනාදි වශයෙන් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ මනා පිළිවෙතට පිළිපන්නේය, සෘජු පිළිවෙතට පිළිපන්නේය, උපාය පිළිවෙතට පිළිපන්නේය, සුදුසු පිළිවෙතට පිළිපන්නේය. යම් මේ සතර පුරුෂයුග කෙනෙක් ඇද්ද, පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් ඇද්ද, භාග්‍යවතුන්වහන්සේ ගේ මේ ශ්‍රාවක සමූහයා, ගෙණ අවුත් දියයුතු සිව් පසය පිළිගන්නට සුදුසු ය, අමුතු දන් පිළිගන්නට සුදුසු ය, දක්‍ෂිණාවට සුදුසු ය, වැන්ද යුතුය, සියලු ලෝකයාගේ අසදෘශ පින්කෙත යයි මෙසේ ආර්‍ය්‍යසඞ්ඝ ගුණ සිහිකට යුතු.