අභිධර්මාර්ථ ප්‍රදීපිකා

5. ආහුනෙය්‍ය නම් වූ ගුණය

මෙ කී පුරිස යුග වශයෙන් සතර දෙනෙක් වූ ද, පුරුෂ පුද්ගල වශයෙන් අටදෙනෙක් වූ ද ශ්‍රාවක සඞ්ඝයා වහන්සේ ආහුනෙය්‍ය නම් වන සේක.

දුරින් හෝ ගෙනවිත් සිල්වතුන් කෙරෙහි දිය යුතු සිව්පසය ආහුනය නම් වේ. ඒ ආහුනයයට සුදුසුවූයේ ආහුනෙය්‍ය නම්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ පිරිසුදුවූ සිල් ඇති හෙයින් ද, උතුම්වූ ගුණයෙන් යුක්ත හෙයින් ද සිව්පසය පිළිගැන්වූවනට මහත් ඵල සිද්ධ කොට දෙන්නේය. එබැවින් ශ්‍රාවක සඞ්ඝයා වහන්සේ ආහුනෙය්‍ය නම් වන සේක.