අභිධර්මාර්ථ ප්‍රදීපිකා

8. අඤ්ජලිකරණීය නම් වූ ගුණය

දෙ අත් හිස පිහිටුවා සියලු ලෝකයා විසින් කරණු ලබන අඤ්ජලිකර්‍මයට සුදුසු වන හෙයින් අඤ්ජලිකරණීය නම් වේ. සීලාදී ගුණයෙන් පිරිසුදු වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙම මේ අඤ්ජලී කර්‍මයට සුදුසු වන හෙයින් අඤ්ජලිකරණීය නම් වන සේක.