අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. ඤායපටිපන්න නම් වූ ගුණය

සම්‍යක් ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යවූ, නිර්දෝෂවූ උපායට පිළිපන්නේ ඤායපටිපන්න නම් වේ. නිර්‍වාණ ධර්‍මය යමක් කරණකොට ගෙන ප්‍රතිවේධ කරණු ලැබේ ද, එයට ඤාය යයි කියනු ලැබේ. එනම් සම්‍යක් ප්‍රතිපදා සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයයි. එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍ය ශ්‍රාවක සඞ්ඝ තෙමේ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඤාය පිණිස පිළිපන් හෙයින් ඤායපටිපන්න නම් වන සේක.