අභිධර්මාර්ථ ප්‍රදීපිකා

7. දක්ඛිණෙය්‍ය නම් වූ ගුණය

පරලොව අදහා දියයුතු දානයට දක්ඛිණා යයි කියනු ලැබේ. දක්‍ෂිණාව මහත්ඵල බව කිරීමෙන් විසුද්ධ කෙරෙනුයි දක්ඛිණෙය්‍ය නම් වේ. පිරිසුදු සීලාදී ගුණයෙන් යුත් ආර්‍ය්‍ය සඞ්ඝයා කෙරෙහි පුදන ලද සිව්පසය මහත්ඵල මහානිසංස ගෙනදෙන හෙයින් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙම දක්ඛිණෙය්‍ය නම් වන සේක.