9. අනුත්තර පින්කෙත නම් වූ ගුණය
ශ්‍රාවක සඞ්ඝයා වහන්සේ, සියලු ලෝකයාගේ නා නා ප්‍රකාර හිත සුව ගෙන දෙන්නාවූ ද, අසදෘෂ වූ ද, පුණ්‍යය හටගන්නා වූ ද තැනක් වන හෙයින්, හෙවත් සමානයෙක් නැති පුණ්‍යක්ෂේත්‍රයක් වන බැවින්, අනුත්තර වූ පින්කෙත නම් වන සේක.
මෙසේ සුපටිපන්නාදී සංඝ ගුණ මෙනෙහි කරන්නාවූ යෝගාවචරයාගේ සිත, රාග, දෝෂ, මොහාදියෙන් අභිභූත නොව, ඍජුභාවයට පැමිණ, නීවරණයන් විෂ්කම්භනයවීමෙන් ධ්‍යානාඞ්ග පහළවීමෙන් උපචාර ප්‍රාප්ත වේ. සඟ ගුණ ඉතා ගැඹුරු හෙයින් ද නා නා විධ සඟගුණ සිහිවන හෙයින් ද, ධ්‍යානය අර්පණා ප්‍රාප්ත නො වේ.