අභිධර්මාර්ථ ප්‍රදීපිකා

2. උජුපටිපන්න නම් වූ ගුණය

සම්‍යක් ප්‍රතිපදාව, මායා සාඨෙය්‍යාදී පාපධර්‍මයන් සමුච්ඡේද කළ හෙයින් සෘජුය. ඍජු වූ හෙයින් ම ගොමූත්‍රවඞ්කය මෙන් වඞ්ක නැති බැවින් අවඞ්කය. චන්‍ද්‍රරේඛාවඞ්කය මෙන් වඞ්ක නැති බැවින් අකුටිලය. නඞ්ගුලකොටිවඞ්කය මෙන් වඞ්ක නැති බැවින් අජිම්හය. එබඳු ඍජුවූ ද, අවඞ්කවූ ද, අකුටිලවූ ද, අජිම්හවූ ද, ප්‍රතිපදාවට පිළිපන් හෙයින් උජුපටිපන්න නම් වන සේක. තවද, අන්තද්වයට නො ගොස් මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් හෙයින් ද, කය, වචන, මන යන තුන් දෙනාගේ ඍජු නොවන බව, කුටිල නොවන බවය, ජිම්හ බවය යන දෝෂයන්ගේ ප්‍රහාණය පිණිස පිළිපන් හෙයින් ද උජු- පටිපන්න නම් වන සේක.