සඞ්ඝානුස්සතියෙහි අනුසස්
සඞ්ඝානුස්සති භාවනාවෙහි යෙදුන යෝගාවචර තෙමේ සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තෙක් වේ. ශ්‍රද්ධාදී ගුණයෙන් විපුලත්වයට පැමිණේ. ප්‍රීති - ප්‍රමෝද්‍ය බහුල වීමෙන් සියලු භය, දුක් ඉවසීමෙහි සමතෙක් වේ. සඞ්ඝයා සමඟ වාසය කරන්නෙක් බව වැටහේ. ඔහුගේ ශරීරය පවා සඞ්ඝයාවහන්සේ රැස්වූ පොහෝ ගෙයක් මෙන් පූජාර්හ වන්නේය. සඞ්ඝ ගුණය ලබනු සඳහා ඔහුගේ සිත නැමෙන්නේ ය. ශික්ෂා කඩ කිරීමට අවස්ථා පැමිණි කල්හි සඞ්ඝයා අභිමුඛයෙහි පෙනී ගියා සේ වැටහීමෙන් හිරිඔතප් එළඹ සිටීමෙන් එය වළකා ගත හැකි වේ. මතු ධ්‍යාන මාර්ගඵල නො ලබන්නේ නම් එකාන්තයෙන් සුගතිගාමි වන්නේ ය.